Sunday, May 13, 2012

ගණිකාව සහ මහත්තයා...........
රැය සහ දවාල.......


මත් බිගුන් සරනා මේ රුසිරු දනව්වේ
කදුලු පොදි කැටි කරන් හිනැහෙන
නොපිපුනත් මා සුපිපි මල් ගොමුවයි
බිගු තුඩග රොන් සුනෙන් පිරි මදිනා
පෙර දිනේ සද වතිය ලග හිද
කිවිදාය කවි පද ගෙතූ නුඹ
විරසකය හිරු කුමරු අබියස
සියක් නෙතු මැද
නුඹේ නෙතු මා හා.......
ලන්සුවට නුඹ යහන හැඩ කල
මල් ගොමුව මා නුවන් රස මවනා................

උඹේ ඇමතුම දැනුණා.......

සොදුරු කදුලක පහස විදිනට උඹෙන් අද මට      ලැබුනා
මලක් සිඹ නුඹ අත තබන්නට කියා මසිතට           සිතුනා
මලේ පෙති කදුලින් තෙමේවියි කියා සැනෙකින්  හැගුනා
කදුලු බිදු උරහිස තෙමද්දී අතීතය මට                පෙනුනා
වෙසක් සුබපැතුමක් උනා...........

බෝ මලුව දැක සැනසියන්
දාගැබට හිත යොමු වෙයන්
බුදු මැදුර ලග නැවතියන්
නිවන් යන්නට සැරසියන්

මග කටුක බව නෑසියන්
නිවන් මග මල් ඇතිරියන්
වෙසක් සද එලියක් වෙයන්
හිත උඹට අවනත වෙයන්

මැදුම් පිලිවෙත උඹට හිතසුව ගෙනේවා
මල් අසුන ලග උඹේ දණහිස නැමේවා
මෙතේ බුදුහිමි දකින්නට පින් ලැබේවා
අපිට අපි යලි සසර මග හමු නොවේවා.......................

      අප්පච්චී.....................

කතා කරන කදුලු බින්දු නෙතින් කඩා වැටුනා
පද බදින්න කවි දහසක හැගුම් හ්තේ මැවුනා
ඉහ ඉද්දර දග කරන්න සිනහා කැකුලු පිපුනා
ලියූ කවිය රස බලන්න අප්පච්චිට හිතුනා

ජීවිතයේ බර දරන්න කියා දුන්නේ උඹමයි
කටු අතු මැද මල් පලසට පාර කීවෙ උඹමයි
කදුලු පිහලා හිනාවෙන්න කියා දුන්නෙ උඹමයි
සසරවසන තුරාවටම අප්පච්චී උඹමයි...