Sunday, September 30, 2012

බල්ලෙක් හොයාගෙන ගිහින් බුරපන් කියලා මම පාත් උණේ නෑ කියල බල්ලට හූ කියල බල්ලෙක් වෙනවට වඩා,
ඉන්න තැනට වෙලා ඉන්න විදියට ඉදලා ලගට ඇවිත් බුරන බල්ලො ඉස්සරහ පාත් නොවී ඉදලා හූ කියන්නැතිව ඉන්න කන්දක් වෙන එක මට සතුටක්,,

Saturday, September 29, 2012

මා නොකියූ
මා නොලියූ
නුබට නොඇසුණු
නුබට නොදැණුනු
කවිකාර 
කරදරකාර
හිතුවක්කාර
ප්‍රථම ප්‍රේමය....
අ‍දු‍ර‍ සු‍ව‍ද‍ හෝ‍රා‍වේ‍
ස‍බ‍ද‍ සු‍හ‍ද‍ ත‍නි‍ ත‍රු‍වේ‍
නි‍බ‍ද‍ ප‍බැදි‍ ක‍වි‍ අ‍රු‍මේ‍
නු‍බ‍ද සු‍ව‍ද‍ වි‍න්‍දා‍වේ‍,,,

ස‍දද නි‍ද‍න මේ‍ යා‍මේ‍
ස‍බ‍ද‍ නු‍බ‍ද‍ හ‍ඩු‍වා‍වේ‍
තු‍ටු‍ව‍ ස‍ර‍න‍ ත‍නි‍ ත‍රු‍වේ‍
අ‍දු‍ර‍ නි‍බ‍ද‍ දැ‍ණු‍ණා‍වේ‍

Tuesday, September 25, 2012

පෙ‍මා‍තු‍ර‍ හැ‍ගු‍ම්‍ ඇ‍ගේ‍ නෙ‍ත්‍ කැ‍ළු‍ම්‍
හ‍ද‍ ස‍න්‍ත‍නේ‍ ස‍දා‍ ස‍ර‍නා‍ අ‍ය‍ච‍නා‍ සි‍තු‍ම්‍
නු‍රා‍ගි‍ක‍ පැ‍තු‍ම්‍ පි‍පා‍සි‍ත සි‍තු‍ම්‍
ම‍න‍ ම‍න්‍දි‍රේ‍ ක‍ළා‍ල‍ය‍ ම‍ත මී‍ අ‍මා‍ බ‍දු‍න්‍,,,

මේ‍ක‍ ලි‍ය‍පු‍ එ‍කා‍ ල‍ස්‍ස‍න‍ට‍ සි‍න්‍දු‍ ලි‍ය‍න‍ කෙ‍නෙ‍ක්‍,ඒකෙ සැකයක් නෑනෙ කොහොමත්,මේ‍ක‍ ගා‍ය‍නා‍ ක‍ර‍න ස‍න‍ත්‍ න‍න්‍ද‍සි‍රි‍ ම‍හ‍ත්‍ත‍යා‍ ඒ‍ සි‍න්‍දු‍ව‍ට‍ දී‍ලා‍ ති‍යෙ‍න‍ ව‍ටි‍නා‍ක‍ම‍ කො‍ච්‍ච‍ර‍ක්‍ද‍ කි‍ය‍ලා‍ ම‍ම‍ ඇ‍ත්‍ත‍ට‍ම‍ ඇ‍හු‍වෙ‍ අ‍ද‍,ඇ‍ත්‍ත‍ට‍ම‍ ඇ‍හු‍වෙ‍ නෙ‍මෙ‍යි‍,ඇ‍හු‍ණෙ‍ අ‍ද‍,ඉ‍හ‍ලි‍න්‍ ති‍යෙ‍න‍ මේ‍ සි‍න්‍දු‍වෙ‍ මු‍ල්‍ ප‍ද‍ ටි‍ක‍ කි‍ය‍ව‍ලා‍ සි‍න්‍දු‍ව‍ පො‍ඩ්‍ඩ‍ක්‍ ස‍න‍ත්‍ න‍න්‍ද‍සි‍රි‍ ම‍හ‍ත්‍ත‍යා‍ ගා‍ය‍නා‍ ක‍ර‍නා‍වා‍ අ‍හ‍න‍කො‍ට‍ එ‍ක‍පා‍ර‍ට‍ම‍ ඇ‍හු‍නා‍ නි‍ක‍න්‍ ර‍හ‍සි‍න්‍ මො‍ක‍ක්‍ද‍ කි‍ය‍න‍වා‍ ව‍ගේ‍ සි‍න්‍දු‍ව‍ මැ‍ද්‍දි‍,නෑ‍ ඇ‍ත්‍ත‍ට‍ම‍ එ‍ත‍න‍ වෙ‍ලා‍ ති‍යෙ‍න්නෙ‍ ගා‍යක‍යා‍ සි‍න්‍දු‍ව‍ ර‍ස‍වි‍දි‍න‍ව‍ කි‍ය‍ලා‍ ප‍ළ‍වෙ‍නි‍ ව‍තා‍ව‍ට‍ ම‍ට‍ ඇ‍හි‍ලා‍ කි‍ය‍ලා‍ ම‍ට‍ දැ‍න්‍ හි‍තෙ‍න‍වා

ම‍ට‍ මේ‍ක‍ දැ‍නු‍ණු‍ එ‍ක‍ තැ‍න‍ක්‍ ත‍මා‍ මේ‍ "නු‍රා‍ගි‍ක‍ පැ‍තු‍ම්‍ " කි‍ය‍න‍ ප‍දේ‍ කි‍ය‍න‍ තැ‍න‍,ඒ‍ක‍ මේ‍ ගා‍ය‍ක‍යා‍ කි‍ය‍න්නෙ‍ නි‍ක‍න්‍ ර‍හ‍සි‍න්‍ අ‍හ‍න්‍ ඉ‍න්‍න‍ අ‍ය‍ට‍ හො‍රෙ‍න්‍ අ‍පේ‍ ක‍න‍ට‍ ල‍න්‍ ක‍ර‍ලා‍ ව‍ගේ‍,ම‍ගෙ‍ ල‍ග‍ ති‍යෙ‍න‍ සි‍න්‍දු‍වෙ‍ අ‍න්‍ති‍ම‍ට‍ මේ‍ක‍ කි‍ය‍න‍ එ‍කේ‍ ඇ‍රෙ‍න්‍න‍ අ‍නි‍ත්‍ දෙ‍පා‍ර‍ම‍ ඒ‍ක‍ හො‍ද‍ට‍ම‍ ඇ‍හෙ‍න‍වා‍,ස‍ම‍හ‍ර‍වි‍ට‍ මෙ‍ මි‍නි‍ස්‍සු‍න්‍ට‍ හො‍ද‍ ගා‍ය‍ක‍යො‍ කි‍ය‍ලා‍ කි‍ය‍න්‍න‍ හේ‍තු‍ වෙ‍න‍ දේ‍ව‍ලි‍න්‍ එ‍ක‍ක්‍ මේ‍ක‍ වෙ‍න්‍න‍ ඇ‍ති‍ කි‍ය‍ලා‍ ම‍ට‍ හි‍තෙ‍න‍වා‍,ම‍න්‍දා‍ ඉ‍ති‍න්‍ මේ‍ක‍ ම‍ගේ‍ හි‍ත‍ට‍ ආ‍ව‍ අද‍හස‍ක්‍ ස‍හ ම‍ට‍ ඇ‍හු‍ණු‍ දෙ‍ය‍ක්‍ වි‍තර‍ක්‍ද‍ ද‍න්නෙ‍ත්‍ නෑ‍,ඒ‍ත්‍ ඔ‍න්‍න‍ ඔ‍හෙ‍ වෙ‍න‍ දෙ‍ය‍ක්‍ වෙ‍ච්‍චා‍වෙ‍ කි‍ය‍ලා‍ අ‍හ‍න‍ එ‍කෙ‍කු‍ට‍ අ‍හ‍ලා‍ බ‍ල‍න්‍න‍ දැ‍ම්‍මා‍ ඔ‍න්‍න‍,

Monday, September 24, 2012

කදුල නුඹ තව එක වතාවක්
හිනැහියන් මා හා
හිනාරැළි තව එක වතාවක්

හඬාපන් මා හා
සරාසද තව එක වතාවක්
දොඩාපන් මා හා
උඹ ඇවිත් තව එක වතාවක්
සැනැසියන් මා හා.......








සද කුමරි ලග
යහන මත හිදි
සුරකුමරි ඇයමයි
අදුරු කුටියේ
ඇයට පෙම්බැදි
සිටු කුමරු ඔහුමැයි
හිරුකුමරු ලග
බුහුමනින් පිරි
සුදු සළුව ඔහුමැයි
දහවලේ ඔහු පවා ගරහන
සලෙල සඳ ඇයමැයි,,,,,,





විසල් කැණිමඩලක නශ්ඨාවශේශ මත බිදුණු පරාල එක්කොට සැලෙන වහලක් තනනු වස් වෙර දරන්නට මට අවැසි නැත.මම කුඩා කැණිමඩලක් මිලට ගනිමි,,,




Friday, September 14, 2012

ජීවිතේ,,,



උඹට හිමි නැති
මට අහිමි නැති
මට හුරුව ඇති
උඹට හුරු නැති
වාරුවක් නැති
සීරුවට ඇති
ජීවිතේ,,,,,,,


ජීවන මං පෙතේ සොදුරුතම නිමේශයන් ආවර්ජනය කරනු වස් මතක සැමරුම් සයුරේ කිමිදෙන කල්හි ගොඩ පීනන්නට නොහැගෙන තරම් දුරක කිමිදෙන්නට සිත සකසන සයුරු පතුලක් මිනිසෙකුට හිමිවීම සැබෑවටම වාසනාවකි.ඒ සයුරු තලයෙ සොදුරුතම නැවතුම්පල පාසලයයි නොපැවසීමට සිත ඉඩ නොදේමැයි.දැනුම් තේරුම් වයස ඇරඹුම සිටම පාසලෙදී සමීපතමයන් විශාල ගණනක් ඇසුරු කිරීමට අවකාශ ලද අතර ඒ තුළ මිතුරන් මෙන්ම මිතුරියන්ද බොහෝ වූ අතර දුක සතුට බෙදාගත් හොදම මිතුරාද එහි විය.පාසැල් කටයුතු මෙන්ම විශය බාහිර කටයුතු වලටද දෙදෙනා එක්ව සහබාගී වූ අතර එහිදී එක් එක් අංශ වලදි හැකියාවන් වෙනස් වුවත් අප දෙදෙනාම සමස්තයක් ලෙස ගත්කළ පාසලේ සමාන හැකියා පෙන්වූ අයවලුන් විය.සෑම කටයුත්තකදිම අප දෙදෙනා එකිනෙකාට සහාය වෙමින් කටයුතු කළේ එනිසාම විය හැක.ඇසුරු කළ මිතුරු මිතුරියන් අතරින් පාසල තුළ අප පන්තියෙ මිතුරු මිතුරියන් මහත් ලෙස සමිපව ආශ්‍රය කල අතර සෑම විටම උදව් උපකාර කරමින්,එකිනෙකා වෙනුවෙන් පෙනි සිටිමින් ගතකළ කාලය සැබැවින්ම සුන්දර විය.පාසලේ නවවන වසර පමණ වන තෙක්ම ඉගෙනීම් කටයුතු ක්‍රීඩා කටයුතු හා වෙනත් බාහිර කටයුතු මගින් ගුරුවරුන්ගේ හිතදිනා ගැනීමට,පාසැල තුළ දිප්තිමත් සිසුවෙකු වීමට උදෑසන රැස්වීමේදී සහතික,තෑගි ගරුබුහුමන් ලබගැනීමට අනෙකුත් සිසුන් සේම ඇලුම් කළ අතර එයට දැරෑ වෑයම තරමක් දුරට සාර්ථක නොවූවාම නොවේ.එනිසාම පාසලේ කටයුත්තකදී පෙරමුණ ගෙන කටයුතු කරන සිසුන් අතර සිටිමින් වගකිවයුතු යමක් ඉටු කරන සිසුවෙකු විමට ගුරුවරුන්ගෙන්ද අනුමැතිය නිරායාසයෙන් හිමි විය.එය සැබැවින්ම ආඩම්බරයට කරුණක් මෙන්ම පාසලේ යම් වරදකට හසු වූ විට ලැබෙන දඩුවම මදක් හෝ අවම කරගැනීමටද හේතුවක් වූ බව නොරහසකි.එනමුදු ගුරුවරුන්ගේ ආදරය සෙනෙහස වැරදි අයුරින් බාවිතා නොකල බවද ආඩම්බරයට කරුණකි.මිතුරන් සමග විනෝද වීමට කළ කි දෑ එමටයඑය සැබෑවටම සුන්දරය.
ඉගෙනීම් කටයුතු වලට තිබු දක්ශ කම නිසාම නොවුනත් උපකාරක පන්තියක අවශ්‍යතාව නවවන වසර දක්වාම නොදැණුනි.නමුත් ඉන් පසුව උපකාරක පන්තියකට සහබාගී විමට තීරණය කළේය.ඒ අනුව නවවන වසර පළමු මාස දෙක අවසනදීම උපකාරක පන්ති යාම ආරම්බ කළේය.නමුත් පළමුව සහබාගි වු ගණිතය පන්තියටම දිගටම සහබාගී වීමට නොහැකිව එය මාස හයක් තරම් කාලයකට සීමා වූයේ පන්තියේ මා ලගින් අසුන්ගත් මිතුරාගේත් මාගේත් මහත් වු බුද්දි සම්බාරය හා මා මිතුරන්ගේ නොමසුරු සහයෝගය නිසාවෙනි.අප ගණිතය පන්තිය පැවතියෙ පාසැල්  දිනකම පාසලින් පසු වු අතර අප ගුරුතුමා පන්තිය තුළදි ළමුන් විසි දෙනෙකුටවත් දඩුවම් නොකළ දිනක් මාගෙ මතකයෙ නොමැත.ඉගැන්විමෙ හසළ හැකියාවකින් හෙබි එතුමා මිටර රූළ යොදාගත්තේ විශය ඉගැන්වීමට පමණක්ම නොවේ.එය අප සෙල්ලම් වයසයි.එදින පාඩම ජ්යාමිතියයි.ඇතැම් සිසුන් කවකටුව අමතක වි පැමිණියත් එදින පන්තියට සහබාගි නොවී නිවෙස් කරා පිටත් වන්නෙ ගුරුතුමාගෙන් දඩුවම් ලබා පන්තියේ මිතුරන්ගෙ උසුලු විසුලු වලට ලක්වීමට ඇති අකමැත්ත ලැජ්ජාව නිසාවෙනි.නමුත් කවකටු පෙට්ටියම නිවසෙ දමා ගොස් තිබුණත් කිසිදු පැකිලීමකින් තොරව එදින පන්තියට සහබාගි විමට මාත් මාගෙ මිතුරාත් අදිටන් කරගත්තෙ මිතුරන්ගෙ උසුලු විසුලු , ගුරුතුමාගෙ අපහාසයන් වලට ලක් වුවත් කෙලෙස හෝ ඉගෙන ගන්නවා යන අරමුණෙන් නොවූ අතර එවැනි දෑ විදදරා ගැනිමට අප පාසලේ විදුහල්පතිතුමා ඇතුලු ගුරුමණ්ඩලය වෙතින් අප ලබා තිබූ නිසග පුහුණුව හා පළපුරුද්ද නිසාවෙනි.පන්තියට යන අතරමග තිබු නිවසට ගලක් ගසා එහි සිටි සීයාගෙන් බැණුමක් නොඅසා පන්තියට ගියහොත් ඉගෙන ගන්නා දෙය පිහිටන්නෙ නැතැයි යන අප මිතුරන් අතර වු දැඩි විශ්වාසය නිසාවෙන් සුපුරුදු පරිදි එම කාර්යත් ඉටු කර පන්තිය වෙත ලගා විය.වේලාව සවස තුන විය.එය අප ගණිත පන්තියෙ ආරම්බයයි.
“ළමයි කවකටුවෙන් තමන් කැමති අරයකින් රවුමක් අදින්න.”
එය පන්තිය ආරම්බ වි ටික වෙලාවකින් ලද ගුරුතුමාගෙ විදානයයි.ගුරුතුමා ලග ලගම එන බව දැකිමත් කවකටුවක් ලග නොමැති විමත් තුළ ඇති වු අර්බුදයෙන් මිදිමට ක්ශණිකව විසදුමක් ලැබීම මහත් අස්වැසිල්ලක් විය.එය කෝණමාණයයි.කෝණමාණය බාවිතාකරමින් රවුමක් ඇද එය සිදුකරන ආකාරය අසරණව සිටි  මිතුරාටද කියා දීමට තරම් මා කාරුණික වුවත් එහි කේන්ද්‍රය හිල් කර එය මට පැවසිමට තරම් මිතුරා කාරුණික නොවිය.ගුරුතුමා සුක්ශමය. මීට්‍ර රූල මාගේ පිට මත පතිත වන විට මිතුරාගෙ මුහුණ දැක මා මුවගට ආ සිනහව ගුරුසිත නොමග යැවූ බව වැටහුණෙ ඉන් පසු එක දිගටම එල්ල වූ දැඩි පහරවල් සමග යාන්තමට වාගෙ ඇසුණු
“උඹට තව හිනාද යකෝ”
යන ගුරුතුමාගේ සුමිහිරි වදන් පෙළ නිසාවෙනි.එය පළමු ගණිත පන්තියේ අවසානය  විය
***.
“Good morning”
ජීවිතයේ කිසි දිනෙක අමතක නොවන වදනක් බවට පත් විය.උදෑසන හමුවන හිතවතකු වෙනුවෙන් මුවින් නැගෙන මේ වදන් පෙළ ජීවිතය තුළ මහත් වෙනස්කම්, හැලහැප්පීම් අමිහිරි කටුක මතකයන් සමගින් සදාතනික මතක සැමරුම් තනන්නට මූලාරම්බය විය.එය එක් උදෑසනකි.සැබෑවටම ලස්සන සැබෑවටම සුන්දර උදෑසනකි.
“මචන් අන්න අරුන් සෙට් එක තුන වසර හෝල් එක ලග ඉන්නවා.”
වේලාව උදෑසන 7 ට පමණ ඇත.එය අප මිතුරු කැල තුළ සිටි කුඩාම සගයාගේ හඩයි.ඒ වදනින් තොරතුරු සැපයුවේ අප විසින් දින ගණනක් පුරා සොයමින් සිටි ගොදුරක් පිළිබදවයි.අප මිතුරු කැළ අතර ආදර සබදතාවක් තිබූ එකම මිතුරා නොවුණත් වැඩි කාලයක් එකම සම්බන්දතාවය කරගෙන ගිය එකම මිතුරා ඔහු විය.මෙය එහි අතුරු ඵලයකි.මොහුගේ පෙම්වතියට 12 වසර අයියා කෙනෙක් පෙම් හසුනක් දීමට මාස කීපයක සිට වෙර දරයි.ඒ මදිවට පාසැල් බසයේදී ඒ ගැන දෙතුන් වතාවක් ඇයගෙන් විමසාද ඇත.මේ පිළිබදව අප මිතුරාට ඇය පැවසූ පසු ඔහු තනිව වීරයා වන්නට ගොස් අයියලාගෙන් හොදට සැලකුම් ලබා තිබුණි.අප එය දැන ගනිද්දී සියල්ල සිදු වී හමාරය.අප මිතුරු කැළේ සිට්යවුන්ගෙ මතයට අනුව අප මිතුරාට පහර දීමෙන් පසුව නිහඩව සිටිම 10 වසර සිසුන් හැටියට අපට මහත් නින්දාවකි,අවමානයකි.ඒත් මාගේ නිගමනයට අනුවනම් මෙයට වඩා මහත් වු අවමාන වලට අප පාසලෙදි ලක්ව ඇත්තෙමු.එයට හේතුව උදෑසන රෑස්විම ඉදිරිපිට දණගසාගෙන සිටීම,පන්තියේ ඩෙස් එක උඩට නැග කන් දෙක අල්ලගෙන සිටිම වැනි තවත් බොහෝ දේවල් අප මිතුරු කැල කල සුලබ පාසල් ක්‍රියාකාරකම් බැවිනි.මේ බව අප මිතුරාගේ සිදුවීම දැනගත් අවස්ථාවෙ පැවසු විට මාගෙ සාඩම්බර මිතුරු කැල පවසා සිටියේ,
“අඩො එහෙම කතාකරන්න එප මචන්,පිනාගෙන් ගුටිකන එක වෙනම දෙයක්.මේක වෙනයි මචන්.මේක අපේ කොල්ලෙක්ගෙ කෑල්ලගෙ සින් එකක්,මේකට අපි මුකුත් නොකර කවුද කරන්නෙ?ඕකට රිටර්න් එකක් දෙන්නම ඕනෙ.උගෙ කොහොමත් ඔලුවත් ටිකක් වැඩියි”
ලෙසයි.
“අනේ පල යකො යන්ඩ.තොපි ගහයි.ඊට පස්සෙ ශිශ්ය නායක රැස්විමෙදි චාටර් වෙන්න වෙන්නෙ මටයි මෙකටයිනෙ”
කියල කියන්න මගෙ කටට ආවත් මිතුරකු පහර කා ඇති නිසාවෙන් එය ආයාසයෙන් වළක්වා ගත්තේය.දැන් මාද මෙය අපට වූ මහත් අවමානයක් ලෙස දකින්නට ආරම්ඹ කල යුතු බව ඉටාගතිමි. එනිසාම එම අවමානයෙන් ගැලවිමට අවස්ථාවක් සොයමින් පසු වුවත් එයට අවස්ථාවක් නොලැබුණේ පාසලේදිවත් පාසලෙන් පසු ටවුන් එකේදිවත් ඒ අයියා අපට මුණ නොගැසුණු නිසාවෙනි.කෙසේ හෝ අවමානයෙන් මිදිමට අද හොදම අවස්ථාව හිමිව ඇත.එය අපගෙ 10 වසර පළමු වාරයයි.අප මිතුරු කැළේ වූයේ අප පන්තියෙ මිතුරන් පමණක්ම නොවෙයි.මෙය අප පන්තියේත් 12 වසර සිසුන් කිහිප දෙනෙකුගේත් අතර ගැටලුවක් නොවි 10 වසරත් 12 වසරත් අතර ගාඇටලුවක් වූයේ එ මිතුදම නිසාවෙනි.අප අයියලා සමග ගැටෙන්නට මල්ලිලා සමග ගැටෙනවාට වඩා කැමති වූයේ ගැටුමින් පසු විදුහල්පතිතුමා ලගට ගොස් කරුණු දැක්වීමේදී එතුමා
“මොනවද යකෝ මේ පොඩි එවුන්ට චන්ඩිකම් පෙන්නන්නෙ”
ලෙස අපට චෝදනා කරනවාට අප සිත් තුළ වූ අකමැත්ත නිසාවෙනි.කෙසේ හෝ අප දින ගණනක් සෙවූ ගොදුර හමු විය.අප කැන්ටිම අසලින් පිට වන විට සිටියේ දහදෙනෙකුටත් අඩු පිරිසක් වුවත් මේ පුවත සැලවීමත් සමග යුද පිටිය වූ තුන වසර හෝල් එක ලගට ලගාවන විට අප කණ්ඩායම තිහකට වැඩි මිස අඩු නොවිණි.මෙවැනි අවස්ථාවකට සහබාගී වනවිට ශිශ්යනායක ලාන්ඦ්නය ගලවා දැමීම නුවණට හුරු හෙයින් මාත් මගේ මිතුරාත් එය ගලවා සාක්කුවට දමාගත්තේ ගමන අතරතුරදීමය.මෙය අපගෙ මිතුරෙකුගේ ගැටළුවකි.එනිසා පළමු පහර එල්ල කිරිමට ඔහුට ලබා දීමට තරම් අප කාරුණික වුවත් ඉන්පසු හැගිම් පලනය කරගත නොහැකි වුයෙන් එල්ල වු නොසිතු ප්‍රහාරයෙන් බරපතල ඉදිමුම් හා සීරීම් තුවාල ලබන්නට එතැන සිටි 12 වසර අයියලාට සිදු විය.දැන් අපට සතුටුය.අප මිතුරාද ඔහුගෙ පෙම්වතිය ඉදිරියේ වීරයෙකි.පාසල ආරම්බ වීමෙ සීනුව නාද  වු හෙයින් පන්තියට යාමට පිටත් වූයෙ මහත් සතුටකිනි.මෙතෙක් කල් හිත් තුළ පැව්ති ආවේගයන් සියල්ල හමාරය.දැන් ඇත්තේ එක එකාගෙ පොර ටෝක් ටිකය.පාසල මැදින් වැටී තිබුණු කුඩා මාවත දිගෙ අප පන්තිය තිබුණු ශාලාව වෙත පිය මනින විට වෙනත් අයෙකුට අප පසු කර යාමට නොහැකි වුයේ පාර පුරාම අප විසිරී ගමන් කල නිසාවෙනි.

“මචන් අර එහා පැත්තෙ එන නන්ගි මරු නෙද බන්”
ඒ මගෙ ලගින් ගමන් කල මිතුරාගෙ හඩයි.අප ඉදිරියෙන් හදිසියෙන් පය තබමින් පැමිණෙන නන්ගිලා දෙන්නෙක් පෙන්වා ඔහු පැවසූ දෙය ගණනකට නොගත්තත් සුපුරුදු දගකාරකම නවතාගන්නට නොහැකි වූ නිසාවෙන් ,
“යකෝ ඔය නන්ගිලාට යන්න ඉඩ දීලා පාරෙන් අයින් වෙයල්ලා”
යයි පැවසූයෙ නිකමටය.එහෙත් එයින් කිපුණු මිතුරෙකු
“ඔච්චර අමාරුනම් උඹ අයින් වෙලා ඉඩ දීපන්කො”
ලෙස පැවසුවේය.කට වහගෙන ඉදලා නිකන් චාටර් වෙනවට වඩා කාවහරි බිල්ලට දීලා බේරෙන එක හොදයි කියලා හිතුන හින්දා ලග හිටිය මිතුරගෙ කරට අතක් දාලා,
“නන්ගි මේ අයියට ඔයාව මාර ලස්සනයිලු,ආදරේ හිතෙනවලු”
කියලා කීවම නෙමෙයි නිකමට කියවුණාය.මෙතෙක් බිම බලන් උන් ඇය මරාගෙන කන්න තරම් වු තරහකින් පුපුරණ මුහුණින් ඔලුව උස්සා මදෙස බලා නැවත බිම බලා ගත්තේ අප මිතුරු කැළගෙ මුවින් නැගුණු සිනහව දරාගන්නට නොහැකි නිසා වන්නට ඇත.කෙසේවෙතත්   එය අප කෙල්ලෙකුට විහිළු කළ පළමු වතාව නොවුණත් එතැණ උන් දෙදෙනාගෙන් අපගෙ විහිළුවට ලක් වූ ඇය සැබැවින්ම ලස්සනය.නැවත හැරී බලන්නට සිතුණත් එය නොකළෙ මිතුරන්ගෙ විහිළුවට ලක් විමට අවැසි නොවු හෙයිනි.සැබැවින්ම එ හැගිම මා හට ආගන්තුක වුවත් මිතුරන්ගෙන් එය සගවාආ ගැනීමට මට හැකි විය.එනමුත් පන්තියෙදී උගන්නන කිසිම දෙයකට හිත යොමු කිරීමට අද නොහැකි වන බවනම් නිසැකය.පාසල ආරම්බ වී පළමු කාලපරිච්ඦේදයෙදීම මට එය පසක් විය.නෙතු ඉදිරියේ මැවෙන ඒ රුව ගැන සිහි කරමින් සොදුරු සිතිවිලි දැහැනක සමවැදී සිටියත් ඒ සිතිවිලි දැහැනෙ සමවදින්නට තවදුරටත් අවසර නැත.ඒ විදුහල්පතිතුමාගේ හඩයි.
අප අන්තියෙ සිටි ගැහැනු ලමුන් වැනි පිරිමි ළමුන් දෙතුන් දෙනෙකු හැර අන් පිරිමි ළමුන් සැමටමවිදුහල්පතිතුමාගෙ කාර්යාලයට යාමට නියෝග ලැබිනි.අප එහි ලගා වන විටත් අප අනෙකුත් සාමාජිකයින් එහි පැමිණ සිටි අතර ඔවුන් අපව සාදරයෙන් පිලිගන්නා ලදි.ගතවූයේ මද වේලාවකි.විදුහල්පතිතුමා අසරණයින් කිහිපදෙනෙකු සමග පැමිණෙයි.සමහරුන් අත් වෙලාගෙනය.සමහරුන්ගෙ නිළඇදුම් වෙනස් වි ඇත.කොණ්ඩය අවුල් වි ඇත.විදුහල්පතිතුමා පෙරටුකොට පැමිණෙන ඔවුන් දුටු විට මුවගට නැගුණු සිනහව පාලනය කරගැනීමට අප සැමටම  මහත් වෙර දරන්නට විය. සැබැවින්ම ඔවුන් පාසලෙ කුඩා පන්ති වල සිසුන් ඉදිරියෙ පොරවල් ලෙස පෙනි සිටි 12 වසර අයියලාය.උන්ට වඩා අප පොරවල් බව උන්ට අද උදේ අප පෙන්නුවත් අපටත් වඩා විදුහල්පතිතුමා පොරක් බව පෙන්විමට යන අවස්ථාව මෙයයි.
“මෙහෙම එවුන් ශිශ්ය නායකයො කරලා හරියනවද.ගලවනවල ඔය බැඦ්.”
කන් පිරෙන්න තරම් බැණුම් ගොඩකට පසු ලද ඒ විදානය මටත් මගෙ හොදම යලුවාටත් තවත් අප මිතුරු කැළේ සගයින් දෙදෙනෙකුටත්ය.අවවාද කිරිම් ටිකකට පසුව ශිශ්යනායක රැස්වීමෙදි නැවත් බැඡ් එක ලැබෙන බව අත්දැකීමෙන්ම දන්නා නිසාම කිසිම පැකිලීමකින් තොරව අප විදුහල්පතිතුමාගෙ අනට කීකරු විය.ඉන්පසු ලද වෙවැල් පහරවල් නුපුරුදු නොවුයෙන් එවා ඉවසිම එතරම් අපහසු නොවිය.අපට පහරදෙන අතරතුර
“මොනවද යකො පොඩි එවුන්ගෙන් ගුටි කන්නෙ තොපිත් අල්ලගෙන දෙන්න එපැයි මෙවුන්ට,තොපෙ අතපය නැද්ද?”
ලෙස විදුහල්පතිතුමා අර අසරනයින්ට දෝශාරෝපණය කරන විට අපට එතරම් සතුටක් මිහිපිට වෙනනම් නැතිවාක් ලෙස හැගුනි.විදුහල්පතිතුමාගෙ පහරවල් ඉවසාගන්නට හැකි වුවත් උදෙ පටන් හිතට වද දෙන එ සොදුරු රුවට හිමිකාරිය එය දැකිම කෙසේනම් ඉවසන්නද.එය ඔවුන්ගෙ පුස්තකාල කාලපරිඦ්ඦේදයයි.පුස්තකාලය වෙත යා යුත්තෙ විදුහල්පතිතුමාගෙ කාර්යාලය ඉදිරියෙන් විම මාගෙම කරුමයකට සිදු වූවක් වියයුතුය.ඔවුන් අප ඉදිරියෙන් යන විට මමත් මාගෙ මිතුරාත් විදුහල්පතිතුමාගේ දැඩි ප්‍රහාරයකට ලක් වෙමින් සිටීම තරම් අපහාසයක් තවත් ඇතිද.දඩුවමින් පසු පන්තියට පැමිණි වහා පන්ති බාර ගුරුතුමියගේද දැඩි වාග් ප්‍රහාරයකට ලක් වන්නට සිදු විය.මේ සැම අවසන අප පන්තියෙ යෙහෙලියන් අපව සනසනු වස් 12 වසර අයියලා වෙනුවෙන් බාවිතා කල වචන සැබැවින්ම ඉතමත් බයන්කාරය.එතරම් බයන්කර වචන ඔවුන්ගෙන් මතු වූයෙ අප කෙරෙහි ඇති සහොදර බැදීම නිසාම වන්නට ඇත.විවේක කාලයෙදිද මා ලගින් ඇසුරු කළ ඉහළ පන්ති වල අක්කලාගේ බැණුම් වලට ලක්වන්නට සිදු විය.නමුත් අද මෙ සියල්ල අබිබවමින් මසිත තෙරපෙන්නෙ එක් සිතිවිල්ලකි,එක් රුවකි.ඒ උදෑසන දුටු සොදුරු රුවයි.එදින පාසල නිමවි නිවසට යනවිටද නිවසට ගිය පසුවද හැම මොහොතකම මසිත වෙලා පැතිර හොල්මන් කලේ ඒ සොදුරු රුවැත්තියයි.

තවත් පොඩි උත්සහයක්...


අකීකරු කීකරුකම....



ජීවිතේ හොයාගෙන හවසට දියඹට ඇදුන මිනිහා ආදරේ හොයාගෙන පාන්දර වෙරළට එනවා.ජීවිතේ හොයාගෙන පාන්දර ඔෆිස් එකට දුවන මිනිස්සු ආදරේ හොයාගෙන හවසට ගෙදරට එනව.ජීවිතේ ලැබුනත් නැතත් මිනිස්සු හැමදාම යනවා,ආදරේ ලැබුණත් නැතත් මිනිස්සු ආපහු එනවා.තවත් එක ලස්සන දවසකට හිරු කුමරු කතාකරනකොට සුදු වතට ආයුබෝවන් කියලා පිලිගත්තෙ පාසලේ සීනුව නාද වීමට ප්‍රථමයෙන් එහි ලගා විමටයි.

"ඔය දෙපැත්තෙ ඉන්න අය අයිනට වෙලා මැද ඉන්න අයට පස්සට යන්න ඉඩ දෙන්න"

බස් එකේ යන්න පුළුවන්  උපරිම පස්සට ගියත් සෙනග ටික බැහැලා යනකල් ඔය කෑගැහිල්ල නතර වෙන්නෙ නැහැ කියලා දන්න හින්දමද කොහෙද බස් එකේ හිටිය කිසි කෙනෙක් ඒ කෑ ගැහිල්ල ගනන් ගත්තා කියලනම් පේන්න තිබුණෙ නෑ.

"එක පාරක් කීවාම තේරෙන්නෙ නැද්ද? ඔය මැද ඉන්න නන්ගිලා දෙන්න ඉස්සරහට යන්නකො"

කවුරු ගණන් ගත්තත් නැතත් ඔය කෑ ගැහිල්ල නතර වෙන්නෙ නෑ.පිස්සෙක් කියලා බස් එකේ ඉන්න සේරම බැන්නට මම කවදාහරි කොන්දොස්තර කෙනෙක් උනොත් මමත් ඔය විදියටම කෑ ගහනවා කියන ඇත්ත මම පිලිගන්නවා.මේ සුපුරුදු සිදුවීම් එක්කම පාසලටම ඇවිත්.ඉක්මන් කරලා බස් එකෙන් බැහැලා යාළුවෝ ටිකත් එක්ක ගේට්ටුවෙන් ඇතුල් උනේ ජීවිතේ ලස්සන සුන්දර මතක ගොඩගහන පාරාදීසයකට කියලා එදා මට හිතුනෙ නැතත් අද ඒක ප්‍රත්යක්ශයි.පන්තියට ගිහින් පොත් බෑග් එක මේසෙ උඩ තියලා දුවලා ගියෙ ශිෂ්යනායක පොතේ අත්සන දාන්න.ඔරලෝසුවෙ වෙලාව උදේ හත උණත් පොතේ වෙලාව තාම 6.20 යි.කපටිකමකට නොවුනත් 6.25 ට මාත් ආවා කියලා පොතට කියලා මට බාරව තිබුණු පොඩි පන්තියට ගියෙ එතන වැඩ ටික ඉවරද කියලා බලන්න.ගිය සතියෙ දවසක ඉස්කෝලෙ පටන් ගන්නකල්ම අතුගාලා තිබුනෙ නැති හින්දා පන්තියෙ නායකයට ටිකක් කරුණාවෙන් කතාකරපු හින්දම එතන වැඩ ටික අද මම එන්නත් කලින්ම ඉවර වෙලා.යාලුවො ටිකනම් ආව ගමන්ම 9 වසර පන්ති පැත්තට ගිහින් නන්ගිලට පොඩි විහිළුවක් කරගෙන ඉන්නකොට මට එහෙම ආව ගමන් එතනට යන්න වාසනාව නැති උණේ මේ ශිෂ්යනායකකම හින්දා.කොහොම වෙතත් ඉක්මනට ඉක්මනට ඒ පැත්තට ගියෙ වෙන වැඩක් නැති හින්දවත්,මගෙ පන්තියට වෙලා ඉන්න බැරි හින්දවත්නම් නෙමෙයි.

"අර පොඩි එවුන් තාම පන්තිය අතුගාලා ඉවර නෑ,ගිහින් අතුගාවපන්,මේ පඩිපෙල් ගානෙ රස්තියාදු නොගහ"

"අනේ පල ...... යන්න,එතකොට උඹ මෙතන විබාගයක් ලියනවද?"

ඒ මෙතනට පරක්කු වෙලා එන ඕනම එකෙකුට යාළුවන්ගෙන් ලැබෙන උපහාරය සහ ඒ වෙනුවෙන් මාගේ ප්‍රතිඋපහාරයයි.දැනට සති දෙක තුනකට කලින්මෙතනට ඇවිත් දකින දකින පොඩි නන්ගිලා ගැන විස්තර කතාකරකර,එයාලට ගැලපෙන ඇදුම් හොය හොය,එයාල ඇවිදින ව්දිවල වියයුතු වෙනස්කම් සාකච්චා කර කර,හිනාවෙනකොට මූනේ වියයුතු වෙනස්කම් ගැන අඬ්‍ය‍නය කර කර, හිටියත් අද අනිත් උන් ටික ඒ වැඩේම කරනකොට මට ඒක කරන්න හිතෙන්නැත්තෙ ඇයි දන්නෑ.ගිය සිකුරාදා ඉදන් මට කන්න බොන්න නොදී,පොතක් කියවන්න නොදි,හැමවෙලේම ඇස් ඉස්සරහට එන ඒ ඇස් දෙක හෙව්වත් සීනුව නාද වෙනකල්ම හොයාගන්න බැරි උණ හින්දා හිතට කණස්සල්ලක් නාවාම නොවුණත් අද ඉස්කෝලෙ එන්න නැතිව ඇති කියල නරියා මිදි තිත්තයි කීවා වගේ පිටත් උණේ මට බාරව තිබුණු පන්තියට යන්න.

"මොකද නිකන්??"

සිංහල ටීචර් ඇවිත් නැති හින්දා  සිංහල පීරියඩ් එකේ ඔහෙ බලාගත්ත අත බලාගෙන කල්පනා කර කර ඉන්නකොට පන්තියෙ එකෙක් වද දෙනවා.දැන්නම් මොකා කතාකලත් වදයක්.කොහොම කොහොමහරි ඉන්ටවල් එකත් ආවා.බත් එකක් දිගාරිනකොට අත දාගන්න පුළුවන් උන බත් ටිකෙන් බත් කට කට කාලා බඩ පිරුනෙ නැති හින්දා එහා පැත්තෙ පන්තියෙ ඉන්න අක්කලා ලගට ගිහින් බඩගිනි නැතිවෙනකල් බත් කවාගන්නකොට මට බත් කවන අක්කල දෙන්න දිහා බලාගෙන හිතින් මට බනින්න තියෙන හොදම වචන වලින් බැන බැන ඉන්න එයාලගෙ පන්තියෙ අයි‍ය‍ලාගෙ මූණු වල බේරුණ ඉරිසියාව පැහැදිලි කරන්න වචන කොහෙන් හොයන්නද.ඉරිසියා කරලා වැඩක් නෑ යකො ඊළග ආත්මෙදිවත් මෙහෙම සැලකිලි ලැබෙන්න කියල මේ ආත්මෙදි පින් ටිකක් කරපන් ඉරිසියා කර කර ඉන්නෙ නැතිව කියලා කියන්න ඕන උණත් හිතින් ඒ ටික උන්ට කියලා වෙනදා තරම් ආසාවකින් නොවුනත් කට්ටියම යනකොට නොයා බැරි හින්දා සුපුරුදු පඩිපෙල ලගට යන්න පිටත් උණේ අපේ උන්ගෙන් මතුවෙන නව අදහස් දහස් ගානක් ඉදිරිපත් වෙන අවස්ථාවක් මග අරින්න හිත හදාගන්න බැරි හින්දා වෙන්න ඇති.

"කොල්ලා , අර බලපන් යාලුවෙක් ඉන්නවා"

මට එහා පැත්තෙන් ගිය එකා එහෙම කියනකොට මම වැඩි සැලකිල්ලක් නැතිව හිටියෙ මට ඕන කරන යාළුවා අද ඇවිත් නැති හින්දා.

"බලපන් යකෝ,අද එදාටත් වඩා මරුනෙ බන්"

ආයෙත් මේකා මට කෙල්ලෙක්ව පෙන්නන්න හදනවා.එදාටත් වඩා මරු කියපු එක මට එච්චර ඇල්ලුවේ නැති හින්දා නිකමට වගේ ඔළුව උස්සල ඉස්සරහා බැලුවෙ පඩිපෙලේ යකඩ වැට උඩ ඉදගන්න ගමන්මයි.
පුදුමයකි.ඒ ඇයයි.යාළුවන් කීපදෙනෙක් එක්ක පන්තිය ඉස්සරහට වෙලා හිනාවෙවී ඉන්නකොට එදාට වඩා ලස්සනයි කියල යාළුවා කියපු එකනම් ඇත්ත කියලා හිතුනත් ඒකා ඒ‍ක කියපු විදියට මට මරාගෙන කන්න තරම් තරහක් ආවත් මුකුත් නොකියා හිටියෙ මගෙ හිතෙ තියෙන දේවල් තාම දන්නෙ මම විතරක් හින්දා.

ඔව් ඇත්තටම අද එදාට වඩා ලස්සනයි තමයි.ඒ හින්දමද මංදා එක දිගටම ඒ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න උණේ එදා තරම්ම තරහෙන් මට රවනකල්ම.හිනාවෙන්න වුවමනාව තිබුනත් කොහොම හිනාවෙන්නද.ඒ හින්දා අහක බලාගන්න අමාරුවෙන් උණත් හිතහදාගත්තා.උදේ ඉදන් දකින්න නොලැබුණු වේදනාව දැන් ඉවරයි.දැන් අනිවාර්යෙන්ම හවසත් දකින්න පුළුවන් කියල මට  මතක් උණෙ හවස ඉස්කොලෙ ඇරිලා පෝළිමට ළමයි ඉස්කොලෙන් පිට වෙනකොට ශිෂය නායකයො පෝලිම් බලන්න ඉන්න ඕන හින්දා.අද වෙනකල් මම කරන්න අකමැතිම දේ ඒක උණත් දැන්නම් ආසාවෙන්ම කරන දේ ඒක වෙනවා කියලා මට විශ්වාසයි.විවේකය අවසන් කියල සීනුව වදිනකොට ඇයට සමුදෙන්න සිද්ද උනත් හවස ආයෙත් දකින අල්ලස හිතට දිලා සතුටින් පන්තියට යන්න පිටත් උණා.උදේ හිතේ තිබුණු කණස්සල්ල දැන් හුලගේ ගියා වාගේය.සමහරවිට උදේ ඉදන් දකිනන් ආසාවෙන් හිටිය ඒ ඇස් දෙක දිහා බලාගෙනම ඉන්න නැති උණත් ඉස්කෝලෙ ඇතුලෙ කොහෙහරි ඒ ඇස් දෙක තියෙනව කියන දේ මම දැන් දන්න හින්දා වෙන්න ඇති.

ඉස්කෝලෙ ඇරෙන හඩ අද ඇහෙන්න පරක්කුයිද මන්දා.කොහොමහරි අවුරුදු ගාණක් දුරට දැණුනු ඒ පැය දෙක තුන අවසානයේ ගෙවි ගිහින් සීනුවේ හඩ ඇහුණෙන් බාරව තිබුණු පන්තියට ගිහින් එතන කටයුතු ඉවර කරලා පුළුවන් ඉකමනට ඇවිත් පෝලිම් යන තැනින් හිටගත්තෙ ඒ ඇස් දෙක බලාගන්න උණත් ඔළුව උස්සලා ඒ දිහා බලන්න තරම් හිත හයිය නැති වුණෙ ඇයි කියලා මටම හිතාගනන බැරි බව නොරහසක්.කොහොම වුණත් ඈතින් එනකොට දෙතුන් වතාවක් ඒ ඇස් දෙක දිහා බැලුවත් ඉස්සරහින් යනකොටනම් ඔළුව උස්සගන්න අමාරු උණු බව ඇගෙන් වගෙම ඇගේ යාළුවන්ගෙන්ද හන්ගන්න පුළුවන් උණු එක වාසනාවක්.මා පසු කරගෙන ටික දුරක් යනකල්ම නොබැලුවත් තව එක වතාවක් බලන්න අවැසි උණු හින්දම වෙන දෙයක් වෙයන් කියල ඔළුව උස්සනකොටම දැකපු දේ හින්දා පිස්සු හැදුණු හිතෙන් නටපු නාඩගම නැටුවෙ හිත හින්දාම පිට කාටවත් නොපෙණුනු එක ගැන සතුටු විය යුතුයැයි මට හිතුණෙ ටික වේලාවකට පසුවයි.ඔළුව උස්සලා බලනකොට යාළුවන්ට හොරෙන් හැරිලා ඒ ඇස් දෙක මගෙ ඇස් දෙක හොයනව පෙනෙනකොට දැනෙන සතුට කොහොමනම් වචන වලට පෙරලන්නද.....