මයෝගේ ලෝකය...................
Thursday, December 13, 2012
අත්දැකීමක්,,,,
පාණ්ඩු පාට මළහිරු මියෙනකොට
මල්වර වුණූ සදකුමරිට
සැතපෙන්න අතවනන වැව්තලයට
හිනැහුනු වොඩ්කා බෝතලයට
තරවටුවට වගේ රවන
බැදපු මලකුණු ටික
ප්ලාස්ටික් කෝප්පෙත් එක්ක
මාරුවෙන් මාරුවට
කටලගට ලන් කරන
මෝඩයෙක් කියන උඹලාට මෝඩයෝ නොකියන
තෘප්තිමත් මම,,,,,
හිමි අහිමිකම,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
අහිමි හිමිකමට ඔප්පු ලියන්න
හිමිකම අහිමි කළ
හිමි අහිමිකම් ලග
හිමි කදුළු එක් කළ
හිමිකම හිමිවුනු වනම
අහිමිකමෙන් දවන ලද
හිමිකම අහිමි වුණු
හුදෙකලා අහිමිකම,,,,,,,,,
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)