නෙතක මහිමය වැටහුනා මට
ඔබේ රුව මා දුටු දිනේ,
සවන්පත් මුසපත් උනා ඔබ
පුතු කියා ඇමතූ දිනේ,
සිත තුටින් බැතිබර උනා මම
ඔබ සිතින් නැමදූ දිනේ,
ලොවක් ඉකිබිද වැලපුනා ඔබ
නොයෙන ගමනක ගියදිනේ.......................
ඔබ,
ලොවක් එකලු කල
සොමි කිරනක් විය
සිත් සුවපත් කල
දිසාපමොක් විය
දැයක් පුබුදු කල
නිමල පහන විය
නිරුද කත්ර ඉම
දිය දෝතක් විය....
සකල ඉසිකෝ මාන බිදලු
පින් කෙතක සරු බීජ වැපිරූ
ඔබ ඔබම විය,,
ඔබ විටෙක "සිරිසේන" නම් විය
"මහත්තයා" නෙක දනට ඔබ විය
පුන්චි උන්ගේ සීයාය ඔබ
කර මතින් අප යන දිනේ ඔබ
සිතට දැනුනේ,,,
මිතුදමට "සිරා" ඔබ
මසිත ඇමතුම "BOSS"නොවන්නට
නොවැලපෙනු ඇත සයුර පරදා
නොයෙන්නට යන යුරු බලා.........,,,..........
ඒ දවස----2010-01-06
මේ,, අද මට හිතුන පොඩි දෙයක් උබ ගැන,,දකින්න පුලුවන්කමක් තියෙයිනම් දැකලා සතුටු වෙයන්,,මේ උබෙන් ජීවිතේ ගැන ටිකක් ඉගෙන ගත්තු එකෙක්,,,,,,,,....................
උබ හදපු ගමේ පන්සලට ගමේ උන් යනකොට අද උන්ට උබව මතක් වෙනවද කියලා මම දන්නෙ නැහැ,උබට කියලා රස්සාවලට ගියපු උන් අද උබ වෙනුවෙන් හිතින් පිනක් අනුමොදන් කරනවද කියලා මම දන්නෙ නැහැ,උබ හදලා දුන්නු ගෙවල් වල අද උබ වෙනුවෙන් මොන වගෙ තැනක් තියෙයිද කියලා මම දන්නෙ නැහැ,,ඒවා කොහොම උනත් උබ "මගේ උන් මුන් තමා" කියලා උබේ හිත ලගින් තියාගෙන හිටිය,එදා පොඩියට හිටපු,අද උස් මහත් වෙලා ඉන්න මගෙයි,මල්ලිගෙයි යාලුවන්ගෙ හිත්වල,මගේ හිතේ වගේම උබ අදත් ජීවමානයි..........................
මෙතේ බුදුන් දැක නිවන් දැකපන්.............