වෙසක් සඳේ කිරණ දිගේ බුදුන් සරණ යන්නම්
බෝ මළුවේ වැලි තලයේ දහම් සරණ යන්නම්
පසග තියා සමිඳුන් ලග සගුන් සරණ යන්නම්
තිසරණ ගුණ සිහිකරමින් නිවන් මගේ යන්නම්
ඇස කණ ලග දසුන් හැඩුම් අරමුණු නොම වේවා
නාසය ලග රැඳි සුවඳට අනියත සිහි වේවා
දිව අග ඇදි අම මී බිඳු ලග නිසසල වේවා
නිසල නිමල මනස තුටින් නිවනට ලන් වේවා,,,,,