Thursday, March 5, 2015

නොඉදුල් පෙම.....

රට වටේම එවුන්ට වැඳලා වැඳලා
අමාරුවෙන් හොයාගත්ත ජොබ් එකෙන්
මුලින්ම හම්බුන පඩියම දීලා
අරන් දුන්න ෆෝන් එකට 
මට විතරක් කතාකරපන් කියලා 
මමම අරන් දුන්න සිම් එක දාලා
කාර්යබහුල වුණ උඹ
"අනේ පැටියො මේක ගානනම් පොඩ්ඩක් වැඩියි,
ගත්තට කමක් නැද්ද? "
අහලා දෙවනි පඩියෙන් අරගත්තු
"ටයිට්" ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇඳගෙන
මට බැණ බැණ
ඌත් එක්ක යනකොට
හැඩයි 
කදිමයි
මනස්කාන්තයි ...

භව සසර ලදී......


තුන් තිස් පැයයි අඩ හෝරාවකුත් මදී
හත්දා මගුල් කෑවත් හිනැහුණත්  මදී
සක්වල ගලෙන් එපිටට අඩහැරත් මදී
තණ්හා මුවින් මිහිපිට තොල ගාන ලදී

ගිය තැන නොනැවතුණමුත් පැමිනුණත් මදී
පැමිණිය නමුත් ආපසු පිටවුණත්            මදී
යන එන නමුත් ආගිය වාරයක්               මදී
තොල ගෑ මුවින් ඇරඹුම් වෙඩි මුරය       ලදී

ඇතැඹුල විලස දැනහුන් සිප්සතර      මදී
කෙල කෝටියක් ධනකඳ පිරවුණත්  මදී
මන්දිර සඳළුතල සුඛ විහරණත්         මදී
තණ්හා රසෙන් ඔද වැද භව සසර      ලදී