Wednesday, December 23, 2015

උණ...

මම එන්නම්
නුඹ යහන මත තබා
මගෙ උණුහුමින් නහවන්නම්
නුබේ හීන් හෙඳිරිය
අඩවන්ව දිලිසෙන නෙතු යුග
දෙස බලන්
සුරතින් ළැම පිරිමදින්න හරින්නම්
නිදියහන හැඩි කරමින්
ඒ මේ අත ඇඹරෙමින්
සොයන සුව දෙස බලන් ඉන්නම්
සිහින් දහදිය බිඳු අතර
විසිරුණු කෙහෙරැලින්
පිපුණු හිරිගඬු නිනව් නොකරම
නෙතුපියන් යුග පියන අවසර
මුනිවතට හිස නමන්නම් !!!

--!!-- මම උණ --!!--
--!! හෙට ගිහින් බෙහෙත් ගනින් --!!--
වල්මත්ව
හිත හිතා
විසුණු කළ!!!
ගැරහුම
විසුණු වුණු නුඹටම
නුඹ
අහින්සක
කන්‍යාපටලය !!!