Saturday, October 22, 2016

වාරුවක් නැති සීරුවට ඇති ජීවිතේ ගමනේ...


කදුල නුඹ තව වතාවක්
හිනැහියන් මා හා
හිනාකැන් තව වතාවක්
හඬාපන් මා හා
සරාසද තව වතාවක්
දොඩාපන් මා හා
නුඹ ඇවිත් තව වතාවක්
සැනැහියන් මා හා...

නුඹට හිමි නැති මට අහිමි නැති
රැයේ ඝන අදුරේ
නුඹට හුරු නැති මට හුරුව ඇති
තනිකමේ සුසුමේ...


වාරුවක් නැති සීරුවට ඇති
ජීවිතේ ගමනේ
හීන් සුසුමක මීවිතක සුව
පමණි මට උරුමේ...

ආයෙමත් ඇවිදින්...


ආයෙමත් ඇවිදින්
ආයෙමත් ඇවිදින්
අමාවක සද
මටත් රහසෙන්
ආයෙමත් ඇවිදින්

හීන් බිදු බිදු 
වැටුනු සදකැන්
රෑ රැහැයි බිගු
ගෙතූ කවිකම්
ආයෙමත් ඇවිදින්
අමාවක අහසේ...

අකීකරු
කෙහෙරැළි කවටකම්
තාරකා නෙතු
මුතු සිනාකැන්
ආයෙමත් ඇවිදින්
අමාවක අහසේ...

පතිනිවත

එතෙර ගිය මහිමි සද
නුඹේ දහදිය කදුළු
පස් ගොඩේ වළලලා 
අපේ ගේ හැදෙනවා
නුඹ නැතත් නුඹ වගේ
මට දැනෙන එක්කෙනෙක්
දුම්රියේ බස් රියේ
මගෙ තනිය මකනවා
සත්තමයි හිමියනේ
ආයෙමත් එනදාක
එයාගෙන් සමු අරන් 
පතිනිවත රකිනවා