Saturday, November 5, 2016

පැටලෙන පා පොඩි තියන්න කියලා දෙන්නම්

අත් පොඩි සලමින්
හිමිදිරි උදයෙම ඇවිදින්
කිරිකැටි මුවගින් හිනැහෙන 
සිගිති කැකුළු මල්
දෝතින් ගෙන පරෙස්සමින්
හෙට ලෝකය දිනන රිසින්
පැටලෙන පා පොඩි තියන්න
කියලා දෙන්නම්
හඳ හාමිට කවි කියු හැටි
තරු කැට ඇහිදන් ආ හැටි
ලොවම දිනපු එක දවසක 
මතක තියෙයිනම් 
හිනැහි හිනැහි දඟ කළ හැටි
දඟ මල්ලට සැර කළ හැටි
අකුරට හිත හුරු කළ හැටි
මතක් කරන්නම්
හඳ හාමිත් එක්ක ඇවිත්
බලලා යන්නම්