Monday, December 17, 2018

නුඹ හිටියෙ නැති එක හොඳා...

මුම්ටාස් නුඹ හිටියෙ නැති එක හොඳා 
හිටියනම් නුඹ වැලපෙන්න තිබුණා
ටජ් මහල කිරි ගරුඩ වුන එක හොඳා 
කළු ගලක් නම් උණු වෙන්න තිබුණා

නාන තොටුපල කඩපිලේ උන් පවා
කොඳුර කොඳුරා නුඹේ පෙම ගැන කතා
ආග්‍රාවේ අහස් කුස නුඹ මවා 
ඇගේ ආදර පලහිලව්වට වතා

අළු ගොඩෙන් නුඹ සීරුවෙන් ගෙනැවිත්
කිරිගරුඬ ලන්සුවට හිර කරලා
සිහිල් සළුවෙන් වසන් කර ගෙනැවිත්
සාජහන් පෙමකටත් මුල පුරලා

ඉතින් නුඹ අද හිටියෙ නැති එක හොඳා !!!

Tuesday, July 24, 2018

"අයියේ !!! අයියේ!!! "

වෙලාව හවස හයට විතර ඇති. වෙල් යායට මූණ දාලා අටවලා තිබුණ කොට කෑල්ල උඩ ඉඳගෙන බලන් ඉන්නකොට ඉර බැහැලා යන හැටි කොච්චර ලස්සනද.බාප්පාගෙ කටහඬ කියලා දැන දැනත් මොකටද ආවෙ බලන්න යනවට වඩා මට මෙතන ඉන්න එක වැදගත්. මන් ගිහින් එනකොට ඉර හොරෙන්ම යන්න ගිහින් තිබුණොත් කාට කියන්නද.
හරිනම් අප්පච්චි හෙට මෙහෙ ඇවිත් අපිත් එක්කරගෙන කොලඹ යන්න ඕනෙ. එන්නෙ නැති වෙයිද දන්නෙත් නෑ.ගිය සතියෙත් ආවනෙ. ආවොත් හොඳයි. කොළඹ යන්නෙ කෝච්චියේ එන්ජිමේනෙ, අප්පච්චිගෙ යාළු මාමා හිටියොත්. ඔන්න ඉතින් කෝච්චියේ කොලඹ ගිය හැටි මතක් කරලා වෙච්ච් දේ. මෙච්චර වෙලා බලන් හිටියට වැඩක් නෑ, ඉරත් බැහැලා ගිහිල්ලනෙ.

හෙමින් හෙමින් මාමලාගෙ ගෙට ගොඩ වෙනකොට එයා බාප්පා එක්ක බර කථාවක්.

"පුතේ මල්ලිට ඇඳුමක් අන්දවගන්නකො" ඒ මාමා.

"මේ මොන හත්තිලව්වකද මහ රෑ මට ඇඳුමකුත් අන්දගෙන එක්කන් යන්න හදන්නේ"

යන අතරමග තමයි මට තේරුණේ මේ යන්නෙ අපේ ගෙදර කියලා. දැන් රෑ තිස්සෙ රවුම් ගහලා හෙට ඉස්කෝලෙ යන්න ඇහැරවපු දෙන්කො.

ගිය මාසෙ එනකොට මකුණු දැල් බැඳලා කැතේ බැරුව තිබ්බ අපේ ගෙදර ගමේම අය ඇවිත් සුද්ද කරලා. මෙන්න බොලේ මල්ලිලයි නන්ගිලයි සේරමත් ඇවිල්ලා. අදනම් හොඳට සෙල්ලම් කරලා මාමට කියනවා හෙට ඉස්කෝලෙ යන්න බෑ කියලා. ඒත් ගමේ මිනිස්සු සේරම මේ මහ රෑ අපේ ගෙදර මොකක් කරනවද.

"බස්නාහිර කොහෙද අයියේ?"

"අහ්, ඔය දිග ජනේලෙ තියෙන පැත්තට මල්ලි"

මම සාලෙට දුවගෙන ගියෙ ගිය මාසෙ පැදලා දාලා ගිය මගෙ බයිසිකලේ මේ මිනිස්සු කොහෙ දාලද කියලා හොයාගන්න.නැත්තන් ගිය පාර ගෙදර පිරිත් කියලා ඉවර වෙනකොට මගෙ සෙල්ලම් බඩු ටිකට වෙලා තිබුණ එකම තමා ඕකටත් වෙන්නෙ.අම්මා අරන් දීපු පොඩි කාර් සෙට් එකෙන් දෙකක් තවත් නෑ.සාලෙට අඩිය තියනකොටම හිටිය මිනිස්සු අයින් වෙලා මට යන්න ඉඩ දුන්නට කෝ ඉතින්, කවුදෝ මනුස්සයෙක් මාව බදාගෙන මට යන්න දුන්නේ නෑනෙ එතනින් එහාට.

බයිසිකලේ කොහෙ හොයන්නද. මේ අප්පච්චිනෙ මාව බදාගෙන තියෙන්නෙ.අම්මගෙ ඔළුව බස්නාහිරට හරවලා පොල්තෙල් පහන පත්තු කරනකල් වෙන්න ඇති මයෙ හිතේ.

"බස්නාහිර කොහෙද අයියේ?" එහෙම අහලා තියෙන්නේ මල්ශාලාවෙ මාමා...

Monday, July 16, 2018

කුසාවත බලන් නුඹ තව අඬනවද

පබාවතී නුඹ සතුටින් ඉන්නවද
හවහක එවන්නම් මල්කම් විඳිනවද
වෙණ ගායනා ඉඳ හිටවත් ඇහෙනවද
හිමි සඳ එක්ක නුඹ තවමත් විරසකද

සිරියහනේ මම තනියෙන් නිදන්නේ
නුඹෙ සුවඳයි සිරියහනම හොයන්නේ
මගෙ සුසුමයි සිරියහනට දැනෙනෙනේ
සිරියහනට නුඹ කවදද වඩින්නේ

පුන් පියයුරෙන් පුළුලුකුලට වෙහෙසයිද
සුවඳ පැණෙන් නෙතු සඟලම දොවනවද
නාදළු දෙතොල මිණි කිංකිණි සලනවද
කුසාවත බලන් නුඹ තව අඬනවද





Tuesday, July 10, 2018

රාවණා නුඹ නාවොතින් අද නුඹේ දඩුමොණරෙන් ඵලක් නෑ
දසිස් ගිණිකෙළි මැදින් ගෙනැවිත් හිමිට මන් ගැන නිනව්වක් නෑ
මාළිගාවෙදි ඇස් කොනින්වත් නුබෙන් මට වුණු වැරැද්දක් නෑ
පතිනි පූජාවට කලින් නුඹ ආවොතින් නෑවිදින් ඉන්නෑ
මහමෙරක් වූ
නුඹේ ප්‍රේමයේ,
රාග අංශුමාත්‍රයෙන් 
සැනැහී 
නොකිලිටිව දන් දුනිමි
ප්‍රේමයම !!!
ලතා මඩුළු ගැන මම යළි කතා නොකර ඉන්නම්
සරසවියට නුඹත් එක්ක අද ඇවිදින් යන්නම්
හිත හදාන මට හිටියැකි හෙට මම අමතකනම්
ගල් කොරියට උකස් කරපු කරගැට හරි ඝනකම්

දෙස් දෙවොල්...

විමානයෙන් බැස එන්නට
දේව යාතිකා මදිවට
වැරෙන් වීරියෙන් පොළොවට
තලන කවි කතා හුට පට

පතා මිණි මෙවුල් අභරණ
වතාවත් තබා විවරණ
සිතා තැටි ඔතා පුරවන
සතා හිත හිතා සැනැහෙන

පොල් ගසා නමින් අදහන
දෙස් දෙවොල් මුවින් මුමුණන
පස්වහන් දහක් බුදුවන
බස් කෙසේ විදිම් අවසන

මුම්ටාස්

ආග්‍රාවම මුම්ටාස් උඹ නමින් අද හැඩුවා
මගේ ආදර හිලව්වට මම ටජ් මහල හැදුවා
උබේ නන්ගිට අද හවස මම මගේ දුක කිව්වා
ගෙදර නොගිහින් මගේ තනියට ඉන්නවා කිව්වා

කිරිගරුඩ මාළිගේ බල බල උන් කදුළු බිව්වා
මටත් පුදුමයි අපේ ගැන උන් කවි පවා ලිව්වා
උන්ගෙ කවිවල අපේ ගැන වචනයක් මම හෙව්වා
පට්ටපල් බොරු ලියලා මුන් නන්ගිටත් මම කිව්වා

උබේ සොහොනට කිරිගරුඩ කැට හොද හැඩට තිබුණා
නිල් මැණික් අතරින් පතර හරි ලස්සනට පෙනුණා
අපේ ආදර කතාවට මල් මාල වැහි වැටුණා
උන්ට හොදනම් මටත් මොකටද කියලා මට හිතුණා

දස්කොන්

සෙල්ලම් නිරිඳු සැතපෙන සිරි යහන මත
වැතිර සිටින යුරු දුටුවෙමි නුඹේ වත
යන එන ගමන සැනැහූයෙමි නිබඳ ගත
නොයෙන ගමන වාවනු කෙලෙසකද හිත

සුසිනිදු  සිනිදු සළුවෙන් නුඹ වසා සිටී
තුසිතය කෙමෙන් මා අභියස මැවුණු හැටී
අප මහ නිරිඳු රජ තෙජසින් බලන් සිටී
තුසිත පුරම දැල්වූයෙමි පහන් වැටී

දස්කොන් මමයි සක්මන් මළුවෙදි දුටුව
ඉක්මන් ගමන් යන්නට නුඹ සිදු කෙරුව
යදමින් බැඳන් මා එන මග පසු කෙරුව
මළුවත් කදුළු හෙලුවා වාවනු බැරුව

මා යන ගමන නුඹ හට දැණුනද දේවී
සදළු තලේ හිද  හැඩුවද රෑ බෝ වී
දස්කොන්  හඳක් හෙට හවසත් පායාවී
සළු පිළි ඔතන් මළුවට වැඩපන් පේවී

Saturday, June 9, 2018

සබඳ කාශ්‍යප

සබඳ  කාශ්‍යප ඇගේ ලැම හස හෙමින් පිරිමැදපන්
රනින් කල අබරණින් හැඩ කර ඇගේ හැඩ බලපන්
නුඹේ සුසිනිදු සිරියහන් ගැබ ඇයට හුරු කරපන්
ඉඩක් ලැබුණොත් මාව මතකද කියලවත් අහපන්

ඊයෙ හවසත් අම්බලම ලග අපිට ඉඩ ලැබුණා
අද උදේ නුඹ එක්ක ගිය වග දැනගන්න ලැබුණා
වාසලේ දොර කඩන් එන්නද කියලා මට හිතුනා
ඒත් මොකටද රාජ තේජස ඈ ලගත් දැනුණා

Friday, May 25, 2018

සමාවනු මැන
උනා සළු පට
නුරා අහසට විසි කලා !!!

Sunday, May 6, 2018

හඳ හාමී

පුන්චි නංගි ඇවිදිනකොට පාර     කියන්න
හඳ හාමී අපේ ගෙදර මිදුලට           එන්න
මල්ලි එක්ක තරු කැට එක එක අහුලන්න
හඳ හාමී කන්ද උඩින් එබිල         බලන්න

හඳ හා පැංචෝ සෙල්ලම් ගෙදරට        එන්න
එහෙට මෙහෙට පැන පැන උඳුපියලිය කන්න
පුළුං බෝලෙ වගේ පෙරලි පෙරලි     නටන්න
හඳ හාවගෙ කතන්දරේ කියලා           දෙන්න

හඳ හාමී කිරියි පැණියි අරගෙන       එන්න 
සෙල්ලම් ඉස්කෝලෙ ඉදන් අකුරු කරන්න
බුදු සාධුට හෙට උදේට පූජා         කරන්න
හඳ එළියෙන් සේපාලිකා මල්       නාවන්න

Saturday, April 28, 2018

නුඹ පුර අගනක්ය !!!


විසැස් කමල නෙතු ඇරයුම් නොකලාද
දසිස් දුනි කිමැයි කවරෙක් ඇසුවාද
වෙසෙස් අමයුරෙන් ඔද වැද අවලාද
සහස් එක් නමුත් දස අත නින්නාද

සහසක් පැතුම් කැටි කරගත් රහසක්ය
රහසක් තෙපළ මුව ගෙට මිණි පහනක්ය
පහනක් දැවී ඇරයුම් කල නිවනක්ය
නිවනක් පැතූ මුත් නුඹ පුර අගනක්ය
මඟ නොහැර හැර යන්නම්
මඟ හැරී ගිය අතීතේ
දවසක් සොයා නොගිහින්
මඟ නොහැර හැර යන්නම්

Thursday, April 12, 2018

හන්තාන කළුවරයි

සුසුම් සළු උනා දමා
තුරුළු වෙමුද දේවී
අපි අපෙන් පැන යමුද හවසක
නුඹ එනවද පේවී

නුඹ හාන්කවිසියේ ඇවිදින් 
කියන කථාවේ
අරුතක් සොයා නොයමි
හිත පපුවට රිදුනාවේ

හන්තාන මල්වරයි
සඳ වියපත් වෙලා නොවෙයි
මට ඉතින් අවසරයි
අද හන්තාන කළුවරයි

Friday, January 12, 2018

ඇත්තටම ඒ තරම් සියුමැලි ඇති. කළුගල්.

"මේ‍ ත‍ර‍ම්‍ සි‍යු‍මැ‍ලි‍ද‍ ක‍ළු‍ග‍ල්‍ 
හි‍ත‍න්‍න‍ට‍ව‍ත්‍ බැ‍රි‍ නි‍සා‍ 
ම‍ම‍ ගි‍යා‍ අ‍වු‍ක‍න‍ බු‍දු‍න්‍ට‍ත්‍ 
දෑ‍ස්‍ දු‍න්‍ මි‍නි‍සා සො‍යා‍"

කලා‍ වැ‍ව‍ ලඟ‍ මැ‍ටි‍ පැ‍ළ‍ක‍ ඉ‍ද‍ගෙ‍න‍ රි‍දෙ‍න‍ අ‍ත‍ පි‍රි‍ම‍දි‍මි‍න්‍ ඒ‍ අ‍ත්‍ දෙ‍ක‍ ක‍ර‍පු‍ වි‍ස්‍ක‍ම්‍ දි‍හා‍ බලා‍ගෙ‍න‍ සැ‍න‍සු‍ම්‍ සු‍සු‍ම්‍ හෙ‍ල‍න‍ ග‍ල්‍ ව‍ඩු‍වෙ‍ක්‍ හි‍තේ‍ ම‍වා‍ගෙ‍න‍ එ‍ක‍ සී‍රු‍ව‍ට‍ දෙ‍තු‍න්‍ පා‍ර‍ක්‍ මේ‍ සි‍න්දු‍ව‍ අ‍හ‍න්‍න‍ ඇ‍ති‍. ඉ‍සු‍රු‍මු‍ණි‍යේ‍ පෙ‍ම්‍බ‍රි‍ය‍ ගැ‍න‍ අ‍හ‍න‍කො‍ට‍ හි‍නැ‍හු‍ණ‍ අ‍පූ‍රු‍ව‍ ත‍නි‍ක‍ඩ‍ ඔ‍හු‍ගේ‍ සි‍තු‍වි‍ලි‍ සි‍තු‍ව‍ම‍ක‍ට‍ ග‍න්‍න‍ ඉ‍ඩ‍ හ‍ස‍ර‍ ස‍ල‍ස්‍ව‍න‍ එ‍ක‍ අ‍රු‍ම‍ය‍ක්‍ න‍ම්‍ නෙ‍මෙ‍යි‍. 

ඒ‍ත්‍ ම‍ට‍ මෙ‍හෙ‍ම‍ හි‍තු‍ණා‍. ලි‍ය‍පු‍ කෙ‍නා‍ට‍ ලි‍ය‍න්‍න‍ අ‍වස‍ර‍ ව‍ගේ‍ම‍ අ‍හ‍න‍ කෙ‍නා‍ට‍ වි‍ඳ‍ග‍න්‍න‍ත්‍ ප‍වු‍රු‍ ව‍ළ‍ලු‍ නැ‍ති‍ කො‍ට‍ ඔ‍න්‍න‍ ඔ‍හේ‍ එ‍හෙ‍ම‍ත්‍ වි‍න්‍ඳා‍. මෙ‍න්‍න‍ මෙ‍හෙ‍ම‍ ව‍ගේ‍,

ඇ‍ත්‍ත‍ට‍ම‍ නි‍ව‍න‍ කො‍ච්‍ච‍ර‍ සැ‍ප‍ ඇ‍ති‍ද‍? 

එ‍ත‍කො‍ට‍ බු‍දු‍බ‍ව‍ කො‍ප‍ම‍ණ‍ සු‍ව‍ ඇ‍ති‍ද‍? 

ඒ‍ සි‍යු‍මැ‍ලි‍ සු‍ව‍ය ල‍ඟ‍ මේ‍ ස‍ස‍ර‍ ග‍ම‍න‍ කො‍ච්‍ච‍ර‍ක්‍න‍ම්‍ ක‍ටු‍ක‍, ර‍ළු‍ ඇ‍ති‍ද‍?

නි‍ව‍නෙ‍ අ‍ත්‍පො‍ත්‍ තබා‍ සි‍ල්‍ ප‍ද‍ ප‍හ‍ව‍ත්‍ ර‍කි‍න්නෙ‍ නැ‍ති‍ ම‍ම‍ කො‍හො‍ම‍ දැ‍න‍ග‍න්‍න‍ද‍ ඒ‍ අ‍රු‍මෙ‍. මේ‍ ත‍ර‍ම්‍ සි‍යු‍මැ‍ලි‍ද‍ කි‍ය‍ලා‍ ම‍ට‍ හි‍තා‍ග‍න්‍න‍ව‍ත්‍ බැ‍රි‍ ස‍ස‍ර‍ ක‍ළු‍ග‍ල‍ මැ‍දු‍ම්‍ පි‍ළි‍වෙ‍තේ‍ පා‍ද‍ම්‍ ක‍ණු‍ අ‍ට‍ක‍ හි‍ට‍ව‍ලා‍ අ‍වු‍ක‍න‍ට‍ ප‍ණ‍ දී‍ලා‍ බු‍දු‍බ‍වේ‍ දෑ‍ස්‍ දු‍න්‍න‍ ඒ‍ මිනි‍සා‍ හො‍යා‍ගෙ‍න‍ ම‍ම‍ ගි‍යා‍න‍ම්‍. ඒ‍ අ‍ප‍ ම‍හා‍ බෝ‍ස‍තා‍ණ‍න්‍ ව‍හ‍න්සෙ‍ හො‍යා‍ගෙ‍න‍ ම‍ම‍ ගි‍ය ග‍ම‍නෙ‍ ම‍ට‍ හ‍මු‍වෙ‍න‍කො‍ට‍ උ‍න්‍ ව‍හ‍න්‍සෙ‍ නි‍රා‍මි‍ස‍ මැ‍ටි‍යෙ‍න්‍ තැ‍නු‍ණ‍ මා‍සෙ‍ ප‍ඩි‍යෙ‍න්‍ අ‍ප‍ට‍ හ‍දාග‍න්‍න‍ බැ‍රි‍ වු‍ණ‍ ති‍ලො‍ව‍ට‍ ඇ‍ති‍ සු‍ව‍ප‍හ‍සු‍ම‍ න‍වා‍තැ‍න්පො‍ළට‍ වෙ‍ලා‍ ඉ‍පි‍ද‍ මැ‍රෙ‍න‍ ස‍ස‍ර‍ ර‍ළ‍ දි‍හා‍ බ‍ල‍න්‍ ඉ‍න්‍න‍ අ‍පූ‍රු‍ව‍. දෑ‍ත්‍ පි‍රි‍ම‍දි‍න්නෙ‍ රි‍දු‍ම්‍ දෙ‍න‍ හි‍න්දා‍ කි‍ය‍ලා‍ මිසක් දෑ‍ත්‍ පි‍රි‍ම‍දි‍මි‍න්‍ බ‍ල‍න්‍ ඉ‍න්නෙ‍ නි‍ව‍න‍ න‍ම්‍ පැ‍දු‍රෙ‍ ව‍කු‍ටු‍ වෙ‍න්‍න‍ එ‍කෙ‍ක්‍හ‍රි‍ උ‍ත්‍සා‍හ‍ ක‍ර‍යි‍ කි‍ය‍න‍ උ‍පේ‍ක්‍ෂා‍ස‍හ‍ග‍ත‍ හැ‍ඟී‍මෙ‍න්‍ කි‍ය‍ලා‍ මට නොතේරුණේ මගෙ අ‍ස‍ර‍ණ‍ක‍ම‍ට‍ මිස වෙන මොන කෙංගෙඩියකටද. 

"ක‍ලා‍ වැ‍ව‍ ල‍ඟ‍ ඉ‍ලු‍ක්‍ හෙ‍ව‍ණ‍ක‍
මැ‍ටි‍ පැ‍ළ‍ක‍ පැ‍දු‍ර‍ක්‍ එ‍ලා‍
රි‍දු‍ම්‍ පි‍රි‍ම‍දි‍මි‍න්‍ බ‍ල‍යි‍ ඔ‍හු‍
මැ‍රෙ‍න‍ ඉ‍පැ‍දෙ‍න‍ ර‍ළ‍ දි‍හා‍"

"ඉසුරුමුණියේ ඔබ තැනු
පෙම්බරිය කොයිදැයි කියා" 

මට හිතුණා ඔබෙන් අහන්න ඉසුරුමුණියෙ ඔබ කළ ඒ අපූර්වතම කැටයමට මුල් වෙච්ච, මඟ කිව්ව පෙම්බරිය  දැන් කොහෙද කියලා. ඇත්තටම ඇය ඔබව හැර ගියාවත්ද? බුදුබව නම් කැටයමට මඟ කියූ ධර්මයනම් පෙම්බරිය තවමත් ඔහු ලඟ ඉන්න බව නොතේරුණ මට හීන් හිනාවකින් සංග්‍රහ කරලා තවම තනිකඩයි කියලා කිව්වෙ මැරෙන ඉපදෙන රළ පාරෙ දඟලන අසරණ මට අනුකම්පාවෙන් වෙන්න ඇති මයෙ හිතේ.ස‍ම‍හ‍ර‍වි‍ට‍ ක‍ල්‍ප‍ ල‍ක්‍ශ‍ ග‍ණ‍න‍ක්‍ පෙ‍රු‍ම්‍ පු‍ර‍න‍ ම‍ඟ‍ වි‍දි‍ දු‍ක්‍ ක‍ම්‍ක‍ටො‍ළු‍ බා‍ධ‍ක‍ ව‍ලට‍ ත‍නි‍ව‍ මූ‍ණ‍ දු‍න්‍ හැ‍ටි‍, අ‍ව‍ස‍න‍ ධ‍ර්‍ම‍ය‍ ගු‍රු‍ කො‍ට‍ ඒ‍ සි‍යු‍මැ‍ලි‍ සු‍සි‍නි‍ඳු‍ න‍වා‍තැ‍න‍ට‍ ආ‍ හැ‍ටි‍ ම‍ත‍ක්‍ වෙ‍ලා‍ මු‍ව‍ට‍ හි‍නා‍ව‍ක්‍ ආ‍වා‍ වෙ‍න්‍න‍ත්‍ පු‍ළු‍ව‍න්‍.

"මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩයැයි කියා"  

ඇත්තටම ඒ තරම් සියුමැලි ඇති. කළුගල්.

මට හිතාගන්නවත් බැරි වුණාට !!!

Saturday, January 6, 2018

විඳ‍පු‍ තැ‍න්‍

පෝ‍ළි‍ම‍ට‍ අ‍පි‍ ඉ‍ඳ‍ගෙ‍න‍ ඉ‍න්‍න‍කො‍ට‍ එ‍ක‍ එ‍කා‍ ත‍ම‍ තම‍න්‍ට‍ දැ‍ණු‍න‍ දේ‍ව‍ල්‍ කි‍ය‍න‍කො‍ට‍ හි‍ත‍ට‍ දි‍රි‍ය‍ අ‍ර‍ගෙ‍න‍ අ‍හ‍ගෙ‍න‍ හි‍ටි‍යෙ‍ ස‍ම‍හ‍රු‍ කි‍යන‍ දේ‍ව‍ල්‍ හි‍න්දා‍ ඇ‍හැ‍ට‍ ක‍දු‍ළු‍ එන‍ ය‍න‍ ග‍ම‍න් නි‍ක‍ම‍ට‍ව‍ත්‍ වැ‍ටු‍ණො‍ත්‍ කි‍ය‍ලා‍. 

හ්‍ම්‍ම්‍. ඔ‍ව්‍ දැ‍න්‍ ම‍ගේ‍ වා‍රෙ‍. මො‍න‍ව‍ කි‍ය‍න්‍න‍ද.

ම‍ම‍ නැ‍ගි‍ට්‍ටා‍.

අ‍ව‍ස‍ර‍ ග‍න්‍න‍ ක‍වු‍රු‍ත්‍ නෑ‍. අ‍නි‍ක‍ මේ‍ ඉ‍ස්කෝ‍ලෙ‍ ස‍මි‍ති‍ය‍ නෙ‍මෙ‍යි‍නෙ‍.

උ‍බ‍ලා‍ වි‍භා‍ගෙ‍ ද‍ව‍සෙ‍ ඉ‍ස්කෝ‍ලෙ‍ ගේ‍ට්‍ටු‍ව‍ ල‍ග‍ට‍ එ‍න‍කො‍ට‍ 

"මා‍ත්‍ එ‍ක්‍ක‍ ව‍රෙ‍න්‍ ය‍න්‍න‍ ඔ‍ය‍ ගේ‍ට්‍ටු‍වෙ‍න්‍ ඇ‍තු‍ල‍ට‍ ය‍න්නෙ‍ නැ‍තු‍ව‍, ම‍න්‍ උ‍බ‍ට‍ ය‍න‍ ග‍ම‍න්‍ හ‍ඳ‍ අ‍ර‍න්‍ දෙ‍න්‍න‍ම්‍ "

කි‍ය‍ල‍ කි‍ය‍යි‍. එ‍ත‍කො‍ට‍ උ‍බ‍ 

"හ‍ඳ‍ අ‍ර‍න්‍ ව‍රෙ‍න්‍. එ‍න‍ක‍ල්‍ ම‍න්‍ මේ‍ ගේ‍ට්‍ටු‍ව‍ ඇ‍තු‍ල‍ට‍ ගි‍හි‍න්‍ එ‍න්‍න‍ම්‍" 

කි‍ය‍ලා‍ ඇ‍වි‍ත්‍ වි‍භා‍ගෙ‍ට‍ වා‍ඩි‍වෙ‍ය‍න්‍. ඔ‍ව්‍. ස‍ම‍හ‍ර‍වි‍ට‍ හ‍ඳ‍ හො‍යා‍ගෙ‍න‍ අ‍ර‍න්‍ එ‍යි‍ ද‍ව‍ස‍ක‍. නා‍ව‍ත්‍ ස‍තු‍ටු‍ වෙ‍ය‍න්‍. ආ‍ව‍ත්‍ ස‍තු‍ටු‍ වෙ‍ය‍න්‍.ආ‍වො‍ත්‍ ඇ‍වි‍ත්‍ කි‍ය‍යි‍

"ම‍න්‍ උ‍බ‍ට‍ හ‍ඳ‍ අ‍ර‍න්‍ ආ‍වා‍. ව‍රෙ‍න්‍ මා‍ත්‍ එ‍ක්‍ක‍ ය‍න්‍න‍" කි‍ය‍ලා. 

එ‍ත‍කො‍ට‍ උ‍බේ‍ වි‍භා‍ගෙ‍ ප්‍ර‍ථි‍ඵ‍ල‍ ඇ‍වි‍ත්‍ ති‍යෙ‍යි‍. එ‍දා‍ට‍ උ‍බ‍ කි‍ය‍ප‍න්‍ 

"ම‍න්‍ වෙ‍නු‍වෙ‍න්‍ හ‍ඳ‍ ගෙ‍නා‍පු‍ උ‍බ‍ට‍ ම‍ම‍ ත‍රු‍ව‍ක්ව‍ත්‍ අ‍ර‍න්‍ එ‍න්‍න‍ම්‍. එ‍ත‍ක‍න්‍ ඔ‍ය‍ හ‍ඳ‍ ප‍රි‍ස්‍ස‍ම්‍ ක‍ර‍ග‍නි‍න්‍"කි‍ය‍ලා‍. 

උ‍බ‍ ත‍රු‍ව‍ක්‍ හො‍යා‍ග‍න්‍න‍ හි‍තා‍ගෙ‍න‍ කැ‍ම්‍ප‍ස්‍ එ‍ක‍ට‍ ය‍යි‍. ගි‍යා‍ම‍ උ‍බ‍ට‍ හ‍ඳ‍යි‍ ත‍රු‍යි‍ දෙ‍ක‍ම‍ දෙ‍න්‍න‍ම්‍ කි‍ය‍ලා‍ කි‍ය‍න්‍න‍ උ‍න්‍ මු‍ණ‍ගැ‍හෙ‍යි‍. උ‍න්‍ට‍ කි‍ය‍ප‍න්‍ උ‍බ‍ පො‍ඩි‍ ත‍රු‍ කැ‍ට‍ය‍ක්‍ අ‍ර‍න්‍ එ‍න‍ක‍ල්‍ ම‍හ‍න්‍සි‍යෙ‍න්‍ හො‍යා‍ග‍ත්‍ත‍ හ‍ඳ‍ ති‍යා‍ගෙ‍න‍ එ‍කෙ‍ක්‍ බ‍ල‍න්‍ ඉ‍න්‍න‍වා‍ කි‍ය‍ලා‍. ම‍හ‍න්‍සි‍ වෙ‍ලා‍ ත‍රු‍කැ‍ට‍ය‍ක්‍ හො‍යා‍ගෙ‍න‍ ග‍ම‍ට‍ එ‍න‍කො‍ට‍ හ‍ඳ‍ ති‍යා‍ගෙ‍න‍ හි‍ටි‍යො‍ත්‍ ස‍තු‍ටු‍ වෙ‍ය‍න්‍. හ‍ඳ‍ වෙ‍න‍ කා‍ට‍හ‍රි‍ දී‍ලා‍ ති‍බු‍ණො‍ත්‍ ඒ‍ත්‍ ස‍තු‍ටු‍ වෙ‍ය‍න්‍. උ‍බ‍ දි‍නු‍ම්‍ කි‍ය‍ලා‍.

මෙ‍හෙ‍ම‍ කි‍ව්වෙ‍ බො‍ර‍ පා‍ට‍ සු‍දු‍ ග‍වු‍ම්‍ ටි‍ක‍ දි‍හා‍ බ‍ලා‍ගෙ‍න‍.

උ‍බ‍ලා‍ වි‍භා‍ගෙ‍ ද‍ව‍සෙ‍ ඉ‍ස්කෝ‍ලෙ‍ ගේ‍ට්‍ටු‍ව‍ ල‍ග‍ට‍ එ‍න‍කො‍ට‍ 

"ම‍ම‍ ය‍න‍ ග‍ම‍න්‍ උ‍බ‍ට‍ හ‍ඳ‍ අ‍ර‍න්‍ දෙ‍න්‍න‍ම්‍, ව‍රෙ‍න්‍ මා‍ත්‍ එ‍ක්‍ක‍ ය‍න්‍න‍" කි‍ය‍ලා‍

එ‍ක්‍ක‍ර‍ගෙ‍න‍ ය‍න්‍න‍ හි‍තෙ‍යි‍. එ‍ත‍කො‍ට‍ උ‍බ‍ම‍ හි‍ත‍ප‍න්‍
"නෑ‍, ම‍ම‍ හ‍ඳ‍ අ‍ර‍ගෙ‍න‍ම‍ එ‍න්‍න‍ කි‍ය‍න‍වා‍". 

හි‍ත‍ලා‍ ගේ‍ට්‍ටු‍වෙ‍න්‍ ඇ‍තු‍ල‍ට‍ ගි‍හි‍න්‍ වි‍භා‍ගෙ‍ට‍ වා‍ඩි‍වෙ‍ය‍න්‍. උ‍බ හ‍ඳ‍ හො‍යා‍ගෙ‍න‍ කැ‍ම්‍ප‍ස්‍ එ‍ක‍ට‍ ගි‍යා‍ම‍ හ‍ඳ‍ නැ‍ත‍ත්‍ ක‍ම‍ක්‍ නෑ‍,උ‍බ‍ ව‍රෙ‍න්‍ කි‍ය‍න‍ උ‍න්‍ මු‍ණ‍ගැ‍හෙ‍යි‍. උ‍න්‍ට‍ කි‍ය‍ප‍න්‍ ම‍ට‍ හ‍ඳ‍ අ‍ර‍න්‍ ගි‍හි‍න්‍ එ‍ක්‍ක‍ර‍ගෙ‍න‍ ය‍න්‍න‍ හ‍ඳ‍ක්‍ ති‍යා‍ ත‍රු‍ කැ‍ට‍ය‍ක්ව‍ත්‍ දැ‍ක‍ලා‍ නැ‍ති‍ එ‍කි‍ය‍ක්‍ බ‍ල‍න්‍ ඉ‍න්‍න‍වා‍ කි‍ය‍ලා‍. 

උ‍බ‍ ම‍හ‍න්‍සි‍වෙ‍ලා‍ හ‍ඳ‍ අ‍ර‍න්‍ එ‍න‍කො‍ට‍ එ‍ක්‍ක‍න්‍ ය‍න්‍න‍ හි‍ටි‍ය‍ත්‍ ස‍තු‍ටු‍ වෙ‍ය‍න්‍. නැ‍ත‍ත්‍ ස‍තු‍ටු‍ වෙ‍ය‍න්‍. උ‍බ‍ දි‍නු‍ම්‍ කි‍ය‍ලා‍.

මෙ‍හ‍ම්‍ කි‍ව්වෙ‍ ග‍වු‍මෙ‍ පා‍ට‍ට‍ දෙ‍ව‍නි‍ නැ‍ති‍ ක‍ලි‍ස‍ම්‍ ක‍මි‍ස‍ ටි‍ක‍ දි‍හා‍ බ‍ලා‍ගෙ‍න‍.

වෙ‍න‍ මො‍න‍ව‍ කි‍ය‍න්‍න‍ද‍. ම‍හ‍ලො‍කු‍ව‍ට‍ උ‍ප‍දෙ‍ස්‍ දෙ‍න්‍න‍ ත‍ර‍ම්‍ මා‍ බ‍හු‍ශ්‍රත‍ය‍කු‍ නො‍වු‍ණු‍කො‍ට‍.