Saturday, April 28, 2018

නුඹ පුර අගනක්ය !!!


විසැස් කමල නෙතු ඇරයුම් නොකලාද
දසිස් දුනි කිමැයි කවරෙක් ඇසුවාද
වෙසෙස් අමයුරෙන් ඔද වැද අවලාද
සහස් එක් නමුත් දස අත නින්නාද

සහසක් පැතුම් කැටි කරගත් රහසක්ය
රහසක් තෙපළ මුව ගෙට මිණි පහනක්ය
පහනක් දැවී ඇරයුම් කල නිවනක්ය
නිවනක් පැතූ මුත් නුඹ පුර අගනක්ය
මඟ නොහැර හැර යන්නම්
මඟ හැරී ගිය අතීතේ
දවසක් සොයා නොගිහින්
මඟ නොහැර හැර යන්නම්

Thursday, April 12, 2018

හන්තාන කළුවරයි

සුසුම් සළු උනා දමා
තුරුළු වෙමුද දේවී
අපි අපෙන් පැන යමුද හවසක
නුඹ එනවද පේවී

නුඹ හාන්කවිසියේ ඇවිදින් 
කියන කථාවේ
අරුතක් සොයා නොයමි
හිත පපුවට රිදුනාවේ

හන්තාන මල්වරයි
සඳ වියපත් වෙලා නොවෙයි
මට ඉතින් අවසරයි
අද හන්තාන කළුවරයි