Friday, May 25, 2018

සමාවනු මැන
උනා සළු පට
නුරා අහසට විසි කලා !!!

Sunday, May 6, 2018

හඳ හාමී

පුන්චි නංගි ඇවිදිනකොට පාර     කියන්න
හඳ හාමී අපේ ගෙදර මිදුලට           එන්න
මල්ලි එක්ක තරු කැට එක එක අහුලන්න
හඳ හාමී කන්ද උඩින් එබිල         බලන්න

හඳ හා පැංචෝ සෙල්ලම් ගෙදරට        එන්න
එහෙට මෙහෙට පැන පැන උඳුපියලිය කන්න
පුළුං බෝලෙ වගේ පෙරලි පෙරලි     නටන්න
හඳ හාවගෙ කතන්දරේ කියලා           දෙන්න

හඳ හාමී කිරියි පැණියි අරගෙන       එන්න 
සෙල්ලම් ඉස්කෝලෙ ඉදන් අකුරු කරන්න
බුදු සාධුට හෙට උදේට පූජා         කරන්න
හඳ එළියෙන් සේපාලිකා මල්       නාවන්න