Saturday, June 9, 2018

සබඳ කාශ්‍යප

සබඳ  කාශ්‍යප ඇගේ ලැම හස හෙමින් පිරිමැදපන්
රනින් කල අබරණින් හැඩ කර ඇගේ හැඩ බලපන්
නුඹේ සුසිනිදු සිරියහන් ගැබ ඇයට හුරු කරපන්
ඉඩක් ලැබුණොත් මාව මතකද කියලවත් අහපන්

ඊයෙ හවසත් අම්බලම ලග අපිට ඉඩ ලැබුණා
අද උදේ නුඹ එක්ක ගිය වග දැනගන්න ලැබුණා
වාසලේ දොර කඩන් එන්නද කියලා මට හිතුනා
ඒත් මොකටද රාජ තේජස ඈ ලගත් දැනුණා