අදුරු කුටියක ජීවිතය ඇත සොයන්‍නට යමි වෙහෙසිලා
වැල්‍පොටක ජීවිතේ බර දී සිත දසත ඇත විසිරිලා
අරුන වැටෙනා විටදි සැනහෙයි සැවොම හිරුකුමරුන් බලා
මට උරුම කදුලයි සදාකල් හිරුකුමරු විරසක වෙලා
රුවන් මිණි නැති නමුදු තෙත් නැති
අඩවන් දෙනෙතින් පෙරමග බලනා
මිහිදු සලුවෙන් මුව වසාගෙන
සුසුම් සගවන සදවතිය නුඹ
සුවද රැදි මදනලත් දුර යයි
ඉකිබිදුම් නොඇසුණ නියා.....
නැවතුමක් වුව නැවතුමක් නැත
උරුමයම කදුලයි සදා
පලිගු මිණිකැට සොයා වෙහෙසෙන
ගත දිරිය වියපත් වෙලා
වඩිනුමැන හිරුකුමරු අදහෙට
මගේ මලගමවත් බලා........
Thursday, December 15, 2011
Saturday, December 10, 2011
මන් එනතුරු ඉදිකඩ ලග ඉන්‍නවාද අම්මේ..........
ගුණදාස කපුගේ කියන ගායකයා ගායනා කරන මේ ගීතය අම්‍මා කෙනෙකුගෙ සෙනෙහස වගේම ජීවිතේ
අපි කොහෙ කොහෙ අරන් ගියත් අපිට කරදරයක් වෙන ඕනම වෙලාවක කියවෙන නම අම්‍මා කියලා මතක් කරලා දෙනවා කියලා මට හිතෙනවා,,
දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්‍සා
තුරුලේ හන්‍ගාගෙන මා
නුඹ තෙමුනා අම්මේ
පායන තුරු ඉටි පියවර සිටියා නුඹ අම්මේ
නුවර වීදි යට කරගෙන
නින්‍දා වැහි වැගිරුනු දා
බිරිදකගේ සෙනෙහෙ ගියා
යෝද ඇලේ නැම්මේ
නුඹෙ සෙනෙහස සුවද දිදී
දැනුනා මට අම්මේ
කොළඹ අහස කලු කරගෙන
මුඋහුදු සුලග හඩලනකොට
ඔටුන්‍න බිම දා දුවගෙන
එන්‍නද එක පිම්මේ
මන් එනතුරු ඉදිකඩ ලග
ඉන්‍නවාද අම්මේ......
මෙතනදි පැල නැති හේන කියලා අදහස් කරන්නෙ පියා මිය ගිය මේ අම්‍මාගෙ පවුල,පියා මියගිහින් කනවැන්‍දුම් උන අම්‍මාට නොයෙක් කරදර හිරිහැර ,බාදක ආවා,ඒ කරදර හිරිහැර එකපාරටම ආපු දේවල් කියලා කියන්‍න ඕන නිසා මෙතන යොදලා තියෙන්‍නෙ නිකන්‍ම වැස්‍සක් කියලා නෙමෙයි,අකාල මහා වැහි කියලයි,,තුරුලෙ මාව හන්‍ගාගෙන නුබ ඒ වැස්‍සට තෙමුනා,,ඒ කියන්නෙ ආපු හැම කරදරයකටම මාවත් ආරක්‍ශා කරගෙන මුහුන දුන්‍නා.ඒ වගේම මේ කරද්‍ර ඉවර වෙනල්කල්‍ම,ඒ කියන්‍නෙ මෙ පුතා ලොකු වෙනකල්‍ම පුතාව ආරක්‍ශා කලා.
නුවර වීදි යටකරගෙන,නින්දා වැහි වැගිරුනු දා ,තමන්ගෙ ස්‍වාමිපුරුශයා මිය ගිහින් ඉනා කාන්‍තාවකට සමාජයෙන් එල්‍ලවෙන සියලු නින්‍දා ,ගැරහුම් අඩුවක් නැතුව මේ අම්‍මටත් ලැබෙන්නෙ බිරිදක් විදියට තමන්ගෙ ස්‍වාමිපුරුශයාට තිබුන ආදරය,කරුනාව ,සෙනෙහස කියන මේ සේරම දේවල් බොරුවක් ගානට සලකලා,,ඒ හින්‍දයි මෙත්‍නදි බිරිදකගේ සෙනෙහෙ ගියා යෝද ඇලේ නැම්මෙ කියලා කියන්නෙ.
මෙතන නුවර වීදි යටකරගෙන නින්දා වැහි වැගිරුනු දා කියන එක මේ විදියට ගන්නත් පුළුවන්,මේ පුතා ඉන්නෙ බිරිදගෙ ගෙදර නිසා රටේ ලෝකෙ මිනිස්සු එක එක කතන්දර මේ පුතාට කියනවා,මේ නින්දා අපහාස එනකොට බිරිදත් මේ පුතත් එක්ක විරසක වෙනවා,ඒ විරසක වීනම රචකයා දිය පාර යෝද ඇලේ නැම්මේ ගහගෙන යන වේගයට සමාන කරනවා,
දැන් මේ පුතා ලොකුමහත් වෙලා,කොළඹ රස්‍සාවක් කරනවා,ලස්‍සන ගෙදරක ජීවත් වෙනව,කොළඹින්‍ම කසාදත් බැදලා,ඒ ලස්‍සන ගෙදර අයිතිකාරිය බිරිද,ඒ කියන්නෙ සරලවම කියනවානම් මෙයා ඉන්නෙ බින්‍න බැහැලා.හැබැයි පිටතින් පේන ඒ ලස්‍සන මේ පුතාගෙ ජීවිතේ ඇතුලෙ නැහැ,කොලඹ අහස කලු කරගෙන,මුහුදු හුලග හඩලනකොට,කියන එකේ තේරුම මොකක් වෙන්‍න ඇතිද???ඇත්‍තටම ඒක මහා ගැඹුරු කතාවක්,මෙතන කතාකරන්නෙ මේ නිකන්‍ම නිකන් පවුල් ප්‍රශ්‍නයක් ගැන නෙමෙයි,මෙතනින් කියන්නේ කොලඹ එන්‍න එන්‍නම ප්‍රශ්‍න වැඩි වෙනවා,තව මහා ගොඩාක් ප්‍රශ්‍න මග එනවා,මුහුදු හුලග හඩලන්‍වා,ඒ කියන්නේ යුරෝපයෙ ඩොලර් වල බලපැම කොලඹට ටික ටික දැනෙන්න පටන් අරන්,ආර්‍තිකය දුර්‍වල වේගෙන යනවා තමන්ගෙ,හැබැයි එහෙමයි කියලා ,ඒ කියන්නෙ අතේ සල්‍ලි නැ කියලා සුපර් මාර්‍කට් වලින් බඩු ගන්‍න එක නතර කරන්‍න බැහැ,මොකද පුහු ඔටුන්‍නක් ඔලුවෙ තියෙනවා මානය කියලා,ඒ නිසා ගෙදරට මරගාතෙ උනත් ලොකෙට පරකාසෙ.ඒක වෙනස් කරන්‍න බැහැ,,
මේ සේරම දේවල් වෙද්‍දි පුතා කල්‍පනා කරනවා මම ගමට වෙලාම හිටියනම් මේ ආර්‍තික ගැටලු මට ලොකුවට දැනෙන එකක් නැහැ නේද කියලා,එහෙම හිතලා මේ පුහු ඔටුන්‍න බිමදාලා දුවගෙන තමන්ගෙ අම්‍මා ලගට යන්‍නද කියලා කල්පනා කරනකොට තමයි අම්‍මාව මතක් වෙන්නෙ,
සැපට ජීවත් වෙනකොට අමතක වෙලා හිටපු අම්‍මා ලගට යන්‍න ඕන කියලා හිතලා කල්‍පනා කරනකොට මේපුතාට මතක් වෙනවා ,කොලඹට ආවට පස්සෙ අම්‍මව බලන්‍න එක පාරක්‍වත් ගමට ගියෙ නැහැ,අම්‍මා ජීවත් වෙනවද් මැරිලද කියලවත් දන්නෙ නැහැ,ඒ නිසා තමයි මෙත්‍නදි අන්‍තිමට අහන්නෙ මන් එනතුරු උඹ තාම ඉදිකඩ ලගට වෙලා මග බලාගෙන ඉන්‍නවද කියලා,මොකද පුතා කොලඹ ආව දසෙ ඉදන්‍ම ආපහු පුතා ගෙදර එනකල් අම්‍මා බලන් ඉන්‍නව කිය්‍ල මේ පුතාට මතක් උනේ දැන්,,
මන් එනතුරු ඉදිකඩ ලග ඉන්‍නවාද අම්මේ.......................කියන්‍නෙ ඒ නිසයි........

Wednesday, November 30, 2011
ආදරණීය අන්දයෝ.....
අන්දයෝ,
උඹ අන්ද්යෙක් කියලා උඹ පසුතැවෙනවනම්.
මම අන්ද නෑ කියලා මම පසුතැවෙන්න ඕන,
ඒ ඇයි කියලා උඹ දන්නවද????
සමහරවිට මට වඩා ලස්සනට උඹ මේ ලෝකෙ දකිනවා ඇති,
විදිනව ඇති,
මොකද,,,,
මට ඉර පේන්නෙ එක විදියකට,
ඒත් උඹට ඉර කැමති විදියකට දකින්න පුළුවන්,විදින්න පුළුවන්,
ඒ උඹ කවදාවත් ඉර දැකලා නැති හින්දා,,
මට හද පේන්නෙ එක විදියටමයි,,
ඒත් උඹට ඒ හදම කැමති විදියකට දකින්න ,විදින්න පුළුවන්,,
ඒ උඹ කවදාවත් හද දැකලා නැති හින්දා,,,
ඒත් උඹ දකින ඒ ලස්සන ලෝකෙ දකින්න කියලා මට අන්දයෙක් වෙන්න බෑ,
ඒ මමත් තන්හාව කරේ බැදගෙන මේ සන්සාරෙ ඇවිදින මනුස්සයෙක් හින්දා,,
(ඇස් දෙකම පේන්නෙ නෑ කියලා හිතාගෙන ඉන්න උඹට,
ඇස් දෙකම පේනව කියලා හිතාගෙන ඉන්න මගෙන්.......................)

මේ සින්දුව වියපත් අප මහා බුදු රජාණන් වහන්සේ ලෝසතුන් අමතන ආකාරයෙන් ලියැවුනු සින්දුවක් කියලා හිතලා රසවිදින්න....
එගොඩහ යන්නෝ
මෙගොඩහ යන්නෝ
තව කවුරුද ඉන්නේ,,,
ගගුල අනෝමැයි
අද මට වෙහෙසයි
යනවානම් එන්නේ,,,
මම මේ ගගුලේ
ඔරුවේ නැගලා
එගොඩ මෙගොඩ යන්නේ,,,
පම නොවන්නේ,
අදුර වැටෙන්නේ
යනවානම් එන්නේ,,
මම මේ ගගුලේ
ඔරුවේ නැගලා
එගොඩ මෙගොඩ යන්නේ,,................
මේ මොන කරදර මැද උනත් උන්වහන්සේට ඕන කරන්නෙ තව කිහිප දෙනෙක්හරි මේ සසර දුකෙන් එතෙර කරන්න,ඒ හින්දයි මේ රචකයා කියන්නේ,,,,
එගොඩහ යන්නෝ
මෙගොඩහ යන්නෝ
තව කවුරුද ඉන්නේ,,,
Saturday, November 19, 2011
නුඹයි මගෙ අම්මා........
වැසුනු නෙතුපිය තුලින් දකිනා
සොදුරු සුවබර සිහිනයයි ඔඹ මා
තාරුකා මල් ගොමුව හැඩ කල
සදවතිය නුඹ ගගන නිති සරනා
කදුලු බිදු පිසිනා
නුඹයි මගෙ අම්මා......
පතන්නට සහසක් පතුම් නැත
නොනිමි සසරක නිබද අප සරනා
පුදන්නට සියපතක් පතනෙමි
නිමේශයකට නුඹේ පා සිඹලා
නැතත් අවසර මට සදා
නුඹයි මගෙ අම්මා.......
උකුල්තලයේ රැදෙන්නට මට
පින් මදව තිබුනා එදා
අවිදු අදුරේ එලිය දැකපන්
සසර මග හමුවනු එපා
සදවතිය සිඹිනා කොපුල්පෙති
නුඹයි මගෙ අම්මා.............
සොදුරු සුවබර සිහිනයයි ඔඹ මා
තාරුකා මල් ගොමුව හැඩ කල
සදවතිය නුඹ ගගන නිති සරනා
කදුලු බිදු පිසිනා
නුඹයි මගෙ අම්මා......
පතන්නට සහසක් පතුම් නැත
නොනිමි සසරක නිබද අප සරනා
පුදන්නට සියපතක් පතනෙමි
නිමේශයකට නුඹේ පා සිඹලා
නැතත් අවසර මට සදා
නුඹයි මගෙ අම්මා.......
උකුල්තලයේ රැදෙන්නට මට
පින් මදව තිබුනා එදා
අවිදු අදුරේ එලිය දැකපන්
සසර මග හමුවනු එපා
සදවතිය සිඹිනා කොපුල්පෙති
නුඹයි මගෙ අම්මා.............
Tuesday, November 8, 2011
අප්පච්චී................
සියක් උල්පත් මවා දී
නිසලවම හිදිනා
නමක් නැති මහා කන්ද නුඹ
අප්පච්චී..........අප්පච්චී.......
ඔබෙන් දිය ලැබ සාර වූතුරුනු කෙත්වතු දෙස බලා
නොපෙනෙනා තරමින් සිනාසී.......
නිසලවම හිදිනා
අප්පච්චී..........අප්පච්චී.........
මෙහෙවරට ආවෙයි සිතා
වෙහෙස නොබලා වෙහෙසෙනා
තෙත් ගුනය මෙත් ගුනය සගවා
අකම්පිත වත පා..........
අප්පච්චී........අප්පච්චී............
දවසක් මම කකුල පැටලිලා වැටෙන්න ගියා මට මතකයි,,ඒ වෙලාවෙමට අම්මේ කියලා කියවුනේ ඉබේටම...,ඒත් ටික වෙලාවකින් මට හිතුනා, මම වැටෙන්න යන්වා කියලා දකිනකොට පුතේ කියලා කියන්නේ අම්මා විතරක් නෙමෙයි නේද කියලා,,,,,,,
අම්මා මම ලග ඉදගෙන ආදරේ කරනකොට ඈත ඉදන් මට ආදරේ කරන අප්ප්ච්චිව මට ටිකකට අමතක උනා,,,,,ඇත්තමයි,,
ඒත් මගෙ ලග ඉදගෙන ආදරේ කරන්න අම්මා මගෙ ලග නැති උනාට පස්සෙ මට මේ ලෝකෙ කවුරුවත් නෑ කියලා මට දැනුනෙ නෑ,,,ඒ මගේ අප්පච්චි හින්දම විතරයි..
මම දෙපාරක් උසස් පෙල ලියලා අසමත් උනා,,ඒක මම ගෙදර අවිත් කියනකොට මගෙ අපපච්චි ඇහුනෙ නෑ වගෙ යන්න ගියා.....ඊලග වතාවෙ මම උසස්පෙල පාස් වුනා,,මම ඒක අප්පච්චිට කියපු වෙලාවෙ මම හිතුවා එයා මාව බදාගෙන කෑගහලා හිනාවෙයි කියලා....ඒත් එයා මගෙ ඔලුවට අත තියලා අම්මට ඕන වුනේ මෙච්චරයි කියලා කිවා විතරයි...
ටික වෙලාවකින් මම අප්පච්චිගෙ කාමරේට යනකොට මම දැක්කා එයා තනියම අඩනවා කාමරේට වෙලා.....
මගේ අප්පච්චිගෙදර ඉන්න එක දවසකවත්, මේ වෙනලකල් මම කෑම කන්න කලින් එක දවසකවත් කෑම කාලා නෑ......
ඒ අප්පච්චිලා ආදරේ කරන විදිය........
මේ සින්දුව මට අහන්න ලැබුනෙ අහම්බෙන්,,,
සියක් උල්පත් මවා දී,
නිසලවම හිදිනා,
නමක් නැති මහා කන්ද,,,
අප්පච්චී....
උල්පතක් කියන්නෙ මහා ජලාශයක පටන් ගැන්ම,,අපේ ජීවිත මහා දැවැන්ත චරිත බවට පත් කරන්න ඇරඹුම දෙන්නෙ අප්පච්චි..මොකද හැම ලමයෙකුගෙම ජීවිතේ පලමුවෙනි වීරයා වෙන්නෙ අප්පච්චි,,,,අපේ ජීවිත ලස්සන කරගන්න පාර හදලා ,ඒ පාරෙ අපි යනවද කියලා පැත්තකට වෙලා බලාගෙන,ඒ පාර අපිට යන්න පුළුවන් වෙන විදියට හදලා දෙන්නෙ අප්පච්චි,,,හැබැයි අපේ ජීවිත වෙනුවෙන් මෙච්චර කැපකිරීම් කරලත් එහෙම කරා කියලා හැමවෙලවෙම කියවන්නෙ නැති,ඒ වෙනුවෙන් අපෙන් දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැතිව නිසලව ඉන්න,එක මේ රචකයා,අදුනගන්න නමක්වත් නැති මහා කන්දකට උපමා කරන එක අත්තටම සාදාරනයි,,,,,
අපේ ජීවිත සාර්තක කරගන්න හැමදේම අපිට ලැබෙන්නෙ අප්පච්චිගෙ මහන්සිය නිසා,,,,අප්පච්චිගෙ මහන්සිය නිසා අපි අපේ ජීවිත ලස්සන කරගන්නකොට ,අපේ දිහා බලාගෙන කාටවත් නොපෙනෙන විදියට සතුටු වෙන එක ,අදහාගන්න පුළුවන්ද,,
ඔබෙන් දිය ලැබ සාර වූ
තුරුනු කෙත් වතු දෙස බලා
නොපෙනෙනා තරමින් සිනා සී
නිසලවම හිදිනා,,,,,,,,,,,,,,
අපේ අප්පච්චි හරියට අපි වෙනුවෙන් මහන්සි වෙන්නෙ අපි වෙනුවෙන් මහන්සි වෙන්නම මේ ලෝකෙට අවා කියලා හිතගෙන වගේ,,,ඒත් අපි දන්නවා එහෙම දෙයක් අත්තටම නෑ කියලා,,
කොච්චර රලුයි වගේ පිටට පෙනුනත් ඒ පිටින් පෙන්නනවට වඩා ගොඩාක් වෙනස් කෙනෙක් අප්පච්චි තුල ඉන්නවා කියලා අපි හොදටම දන්නවා,,,ඒත් අපිට එන හැම ප්‍රශ්නයක් හමුවේම නොසැලි ඉදගෙන අපිට දිරිය දෙන ,අප්පච්චි
මෙහෙවරට ආවෙයි සිතා
වෙහෙස නොබලාආ වෙහෙසෙනා
තෙත් ගුනය මෙත් ගුනය සගවා
අකම්පිත වත පා...
ඇත්තටම කම්පා වෙන්න හිතුනත් ,කම්පා උනත් ඒක සගවගෙන අකම්පිත් බව අපිට පෙන්වන්නෙ අපිට අකම්පිතව ඉන්න දිරිය දෙන්න ඕන හින්දයි,,,,
මේ මගේ ලෝකයේ අප්පච්චි...........................................

Wednesday, November 2, 2011
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ,අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ
පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ
පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ
සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ
රන්මසු පට පිලී අභරණ උරණ වෙලා
සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා
පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ
සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ
රන්මසු පට පිලී අභරණ උරණ වෙලා
සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා
ගුරුතුමා,,අපි හැමෝගෙම ජීවිත වෙනස් කරන ,ලස්‍සන කරන ඒ සුන්දර මානව හිතකාමියාගෙ ජීවිතේ ඇත්‍තටම සුන්දරද?
ඒ ගුරුතුමාගෙන් ඉගෙනගෙන අපි අද කොහෙ කොහෙ ගිහින්ද?
වැහි කාලෙ කියන්නෙ අපිට මඩ වගුරු මැදින් ,දිය කඩිති මතින් ගමන් කරන්න වෙන කාලයක්,,ඒත් අපි ඒ මඩවගුරු මගඇරල යන්න නොදන්නවානම් අපි අපේ ඇගපුරාම මඩ ගාගෙන ,තෙමීගෙන ගමන් කරයි,,අපේ ජීව්තේට ගුරුවරයෙක් ඕන කරන්නෙ ඇයි කියන දේ හරි ලස්සනට මෙතනට මේ ගීපද රචකයා සම්බන්ද කරනවා,,
ගුරුතුමා අපිට පෙන්වන්නෙ නොමග නොවැටී ගමන් කරන්නයි,එහෙම නැතිව හරි මග යන්නෙ කොහොමද කියන එක විතරක්ම නෙමෙයි,,,ඒ නොමග නොගොස් අපිට යන්න තියෙන එකම මග හරි මග කියලා ඒ ගුරුතුමා දන්න නිසා මම හිතන්නෙ,,මෙලෙස පෙවූ සිප් කිරි වලින් බිහිඋනු දැවැන්තයිනි උඩුමහල්වල,එහෙම නැත්නම් උසස් නිලතලවල වැජබෙනකොට ගුරුතුමා පුරුදු විදියටම එතුමන්ගෙ දරුවන්ට සිප්කිරි පොවන්න ඉස්කෝලෙට යනවා.........
"පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ
පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ"
පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ"
ගෙදර තිබුණ ආබරණ සේරම බැ0කුවට උකස් කරලා,තමන්ටවත් තමන්ගෙ බිරිදටවත් දරුවන්ටවත් ඇඳුමක් අරන් දෙන්න වත්කමක් නැතිවෙලා තියෙනකොට,දෙන්න දෑවැදි නැති හින්දා ගුරුතුමාගෙ දුව කලවයස ගෙවිල ගිහින් තිබුනත් තාම ගෙදරට වෙලා,මේ සේරම දුක් කම්කටොළු වලින් හෙම්බත් වෙලා හින්දම ගුරු නිවහනට කදුළු සෝසුසුම් සරල දෙයක් වෙලා,,,
මෙතනදි "ලොකු හාමිනේ ඇත බිතුසිතුවමක් වෙලා"කියන එකෙන් රචකයා කියන්න හැදුවෙ මොනවගේ දෙයක් වෙන්න අතිද කියලා කල්පනා කරනකොට මට මුලින් හිතුනා ලොකුහාමිනේ මියගිහින් ඇති කියලා,
ඒත් අත්තටම ලොකුහාමිනේ තාමත් ජීවතුන් අතර ඉන්නවා ,හැබැයි කරකියාගන්න දෙයක් නතිව,කලවයස ගෙවෙන තමන්ගෙ තරුණ දුව ගැන හිතමින් අසරණියක් වගේ මේ හමදේම දිහා බලාගෙන,හැබැයි බිතුසිතුවමක් වගේ නොසැලී,පිට ලෝකයට තමන්ගෙ දුක නොපෙන්වමින් තමන්ගෙ ස්වාමියාට දිරිය දෙමින්....................
"රන්මසු පට පිලී අභරණ උරණ වෙලා
සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා ......"

බිතුසිතුවමක් වුනු ලොකුහාමිනේට ජීවය දෙන්න උඩුමහලේ වැජඹෙන මූසිලයෙකුගෙන් තමන්ගෙ ස්වාමියාට ලැබෙන එක් පාද නමස්කාරයක් විතරක් ඇතිවෙයි,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
Tuesday, November 1, 2011
බෝ මලුවක ඇවිලෙන පහන් වැටක් සේ ,,තුන් සිත නිවී සැදේවා,,,,,,,,,,
ගමට කලින් හිරු මුලුත්තැන් ගෙට වඩනා
ඒ හිරු එලියේ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවදේ අද ලොව්‍තුරු සුව විදිනා
කලවැවේ නිල් දියවර අපෙ අම්‍මා
රෑ කලුවර අරගෙන දරුවන් එනතුරු
සිත නෑ නිවන් දකින්නේ
රෑ කලුවර ඇවිදින් ඉකිබිද හැඩුවත්
නෙත නෑ නිදි විද ගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ හීන දකින්‍නේ
මහමායාවෙනි කවදාදෝ ඔය නෙත්
දරු සෙනෙහසින් මිදෙන්නේ
වෙල් දෙනිවල ඇවිදින දෙපා රිදෙන විට
විහග ගීත බණ පද වේවා
බෝ මලුවක ඇවිලෙන පහන් වැටක් සේ
තුන් සිත නිවී සැදේවා.....
ඒ හිරු එලියේ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවදේ අද ලොව්‍තුරු සුව විදිනා
කලවැවේ නිල් දියවර අපෙ අම්‍මා
රෑ කලුවර අරගෙන දරුවන් එනතුරු
සිත නෑ නිවන් දකින්නේ
රෑ කලුවර ඇවිදින් ඉකිබිද හැඩුවත්
නෙත නෑ නිදි විද ගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ හීන දකින්‍නේ
මහමායාවෙනි කවදාදෝ ඔය නෙත්
දරු සෙනෙහසින් මිදෙන්නේ
වෙල් දෙනිවල ඇවිදින දෙපා රිදෙන විට
විහග ගීත බණ පද වේවා
බෝ මලුවක ඇවිලෙන පහන් වැටක් සේ
තුන් සිත නිවී සැදේවා.....
අම්මෙ...........
ජිවිතෙ ලස්සනයි කියලා ගොඩක් අය කියනවා,,ඔව් ඇත්තටම ලස්සනයි,මම හිතන්නෙ එහෙම ලස්සන වෙන්නෙ අපි ඇති කරගන්න බැදිම් එක්ක කියලා,,,එහෙම අපි ඇති කරගන්න බැදිම් වලටත් වඩා අපි ඉපදෙනකොටම අරගෙන එන බැදිම් ශක්තිමත්,,,
අම්මා කියන්නෙ මම මගෙ ජිවිතෙ අහන ලස්සනම වචන වලින් එකක්...මට වයස 11 දි මගෙ අම්මා මාව දාලා යන්න ගියා,,අම්මා මරෙන්න කලින් මගෙ ගැන් මොන මොන හින දකින්න ඇතිද කියලා මම දන්නෙ නැහැ,මගෙ අම්ම මගෙත් එක්ක ඉන්නවට වඩා හිටියෙ ඉස්පිරිතාලෙ,,මට මගෙ අම්ම ලග ඉන්න ගොඩක් කලයක් ලැබුනෙ නැහැ කියල මම අද දුක් වෙන්නෙ නැහැ කියනවනම් මම කියන්නෙ බොරුවක්..අත්තටම මගෙ අම්ම එදා කොච්චර් දුක් වෙන්න ඇතිද,,,,
ගුරුවරියක් විදියට එද මග අම්මා මම කවදාහරි කැම්පස් යනවා බලන්න අසාවෙන් ඉන්න ඇති,,මට මගෙ අම්මටවත් අප්පච්චිටවත් හොද ලමයෙක් වෙන්න බැරි උනා,,ගොඩාක් කාලයක් යනකල්ම,,අත්තටම මම තාමත් හොද ලමයෙක් නෙවෙයි කියලා මම හිතනව,,හැබැයි මගෙ අම්මයි අප්පච්චියි මගෙන් බලාපොරොත්තු වුන එක දෙයක් කරන්න මට පුලුවන් වුනා කියලා මම අද සතුටු වෙනවා,,,
මගෙ අම්මට ඔන කරපු විදියට මම අද කැම්පස් එකට ගිහින්,,,ටිකක් පරක්කු උනත් මම අද සතුටු වෙනව,,මගෙ අප්පච්චිගෙ මුණ් අද හිනාවෙන් පිරිලා,,මම කොහෙ ගියත් මම ගෙදර එනකල් අප්පච්චි කන්නෙ නැතිව බලන් ඉන්නවා,,මම පොඩිකාලෙ ඉදන්ම එහෙමයි,,මම කලින් දෙපාරක් උසස්පෙල අසමත්,,මම ගෙදර ඇවිත් කියපුවහම මුකුත්ම කතා නොකර හිටිය අප්පච්චි මම අනිත් වතාවෙ උසස්පෙල පාස් කියපුවහම මට හොරෙන් එයාගෙ කාමරෙට ගිහින් අඩනව මම දැක්කා,,
මගෙ අම්මට මම ගොඩාක් ආදරෙයි,,ඒ හිනදම මම මේ සන්සරෙ කවමදාකවත් ආයිත් මගෙ අම්මව දකින්න ඕනි කියලා හිතන්නෙ නැහැ,,ඒ මගෙ අම්මා අද මම එයාගේ පුතා කියලාවත්,එයා මගෙ අම්මා කියලාවත් දකින්නෙ නැති ,අපි හැමෝම කවදහරි යන්න හිතන් ඉන්න ඒ ලස්සනම ලස්සන තැනට ගියා කියලා මට විශ්වාස හින්දා........................................................

Monday, October 31, 2011
Subscribe to:
Posts (Atom)