අදුරු කුටියක ජීවිතය ඇත සොයන්‍නට යමි වෙහෙසිලා
වැල්‍පොටක ජීවිතේ බර දී සිත දසත ඇත විසිරිලා
අරුන වැටෙනා විටදි සැනහෙයි සැවොම හිරුකුමරුන් බලා
මට උරුම කදුලයි සදාකල් හිරුකුමරු විරසක වෙලා
රුවන් මිණි නැති නමුදු තෙත් නැති
අඩවන් දෙනෙතින් පෙරමග බලනා
මිහිදු සලුවෙන් මුව වසාගෙන
සුසුම් සගවන සදවතිය නුඹ
සුවද රැදි මදනලත් දුර යයි
ඉකිබිදුම් නොඇසුණ නියා.....
නැවතුමක් වුව නැවතුමක් නැත
උරුමයම කදුලයි සදා
පලිගු මිණිකැට සොයා වෙහෙසෙන
ගත දිරිය වියපත් වෙලා
වඩිනුමැන හිරුකුමරු අදහෙට
මගේ මලගමවත් බලා........
No comments:
Post a Comment