හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නගයි තරංගා..
සුදු පෙණ කැටි බලන්න රාධා..
සුළඟ හමයි සීතල සාදා..
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා..
සිනා රැලි නගා උතුරණ
ඔය හදවත් නීල ජලාසේ..
පීණන මේ ස්වර්ණ හංසයෝ..
අකීකරුද මෙතරම් රාධා..
ඉඩ දී දෙන්නට දඩුවම්
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා..
හිම දියවී හිමාලයේ...
මල් පෙති පොඩිවී ඉකිලන
මේ හෝපලු යහන් තලාවේ..
සඳ දිය මිණිමෙවුලට වැටිලා..
දෑස නිලංකාරයි රාධා..
ගිලිහී ගියදෙන් මිණි කැට
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා..
හිම දියවී හිමාලයේ...
" හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නගයි තරංගා
සුදු පෙණ කැටි බලන්න රාධා
සුළඟ හමයි සීතල සාදා
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා "
හිම දියවෙනවනම් ඒ සීත කාලේ ඉවර වෙලා වසන්ත කාලේ පටන් ගන්න යනවා වෙන්න ඕනෙ. ඔව් දියවෙච්ච හිම ටික යමුනා ගගට එකතු වෙලා හෙමින් හෙමින් පහළට ඇදෙනවා. කාලයක් තිස්සේ අමනාප වෙලා හිටිය පෙම්වතුන් දෙදෙනෙක් ප්‍රේමාලිංගනයකට සූදානම් වෙනවා. ඔව්. ඒ රාධා හා ක්රිෂ්ණ. ක්රිෂ්ණ බටලීයෙන් වහන් කරගත්ත රාධා එක්ක මහා ලොකු ප්‍රේමකතාවක් ගොඩනගන්න බලාපොරොත්තුවක් තිබ්බ පාටක් පේන්න නැති වුණත් රාධා ඒ වෙනුවෙන් වෙහෙසුන බව පසක් වෙන තැන් කොතෙකුත් හමුවෙනවා ගීත ගෝවින්දෙ එහෙන් මෙහෙන් හරි පෙරළෙනකොට.
යමුනා ගග අද්දර ගලක් උඩට වෙලා ඉඳගෙන බටලී වාදනය කරනකොට ඒ බටලී හඬට වශී වෙන්නෙ රාධා විතරයි කියලා විශ්වාස කළ යුතුද? බටලී හඬ අහගෙන ගග අද්දරට එන්න හුරු වෙන රාධා එක්ක ඇතිවෙන ලිංගික බැඳීම ආදරයක් වුණා හෝ නොවුනා එය අති සුන්දර අත්දැකීම් සමුදායක් එක්ක විමසා විඳින්න දේවල් ඉතුරු කරනවා, හරියට ඉස්කෝලේ කාලේ පන්තියේ එකට හිටිය එකියකට නොකියපු ප්‍රේමයක් වගෙ, එහෙම නැත්තන් ඉස්කෝලේ ගුරුවරියක් වෙනුවෙන් පහ හය වසරෙදි ඇතිවන ආදර හැඟීමක් වගේ,එහෙමත් නැත්තන් උදේ හවස නොදැක්කත් ස්වයන් වින්දන මාත්‍රාවකට උදව් දෙන එකියක් එක්ක හිතෙන් සිද්ධවෙච්ච යහන්ගතවීමක් වගේ. රාධා ඇවිත් යනකොට තව ගැටිස්සියො ක්රිෂ්ණ වෙනුවෙන් ඔය ගං ඉවුරට ආවා කියලා ආරන්චි වුණාම රාධා තීරණය කරනවා ක්‍රිෂ්ණගේ ඇසුරෙන් මිදිලා යන්න.
එහෙම රාධා යනකොට ගං ඉවුරට එන අනිත් ගැටිස්සියන්ටත් රාධාට ලැබෙණ සුව පහස දෙනකොට එතන ආදරයක් තියෙනවා කියන එක පිලිගන්න අවසර තියෙනවද කියන එක ප්‍රශ්ණාර්ථයක්. මේ ගීතය එක්ක විඳින්න තියෙන ලස්සන අවස්ථාව උදාවෙන්නේ ක්‍රිෂ්ණා කාලෙකට පස්සෙ ආයෙත් රාධා එක්ක හාද වෙන්න තීරණය කරන ඇසිල්ලෙන්.ආදර කථාවක අති සුන්දරම තැනක් අහුවොත් මතක් වෙන්නෙම අමනාපවීමකින් අඬ දබරයකින් පසුව එලඹෙන මොහොතක්. මේ කථාකරන්නෙත් එහෙම කාලයක් පහු වෙලා එදා බටලී හඬ හොයාගෙන ඇවිත් ගතකරපු සුන්දර හෝරා අනන්තයකට වඩා උමතුවෙන් ක්‍රිෂ්ණා තමන්ගේ පෙම්වතිය විඳින මොහොතක්.
එහෙම මොහොතක දැනෙන සීතල එක්ක තුරුල් වෙනකොට ක්‍රිෂ්ණා අහනවා සුදු පෙණ නගාගෙන යමුනාව ගලන හැටි ඔයාට පේනවද කියලා. එහම් අහනකොට රාධා දෙන උත්තරේ තියෙන්නෙම කාලයක් ඈතට වෙලා හිටියත් මට උඹ නැතුව උඹේ පහස නැතුව බෑ කියල නොකියා කියන ස්වරූපයක්. ඒකයි රාධා කියන්නේ සුළඟ හමනකොට මහා හීතලක් මට දැනෙනවා ක්‍රිෂ්ණා. ඒ හීතලත් එක්ක එදා වගේම අදත් අපේ ගත උණුහුම් වෙයිද, ඒ උණුහුමෙන් අපේ හිත් ගිනි ගනීද කියලා මට හිතෙනවා. ගඟක් අද්දර මල් යහනක ප්‍රේමවන්තයාට තුරුල් වෙලා ඉන්න ප්‍රේමවන්තියක් වෙන මොනවනම් කියන්නද මෙහෙම අහන්නෙ නැතුව.
" සිනා රැලි නගා උතුරණ
ඔය හදවත් නීල ජලාසේ..
පීණන මේ ස්වර්ණ හංසයෝ..
අකීකරුද මෙතරම් රාධා.."
හිනාවෙන් සතුටින් ඉපිළිලා තියෙන උබේ මේ හදවතේ සතුට මට තුරුල් වෙලා ඉන්න උබේ පපුව ගැහෙන රිද්මෙන් මට දැනෙනවා රාධා. එහෙම සතුටෙන් ආසාවෙන් ඉපිළිලා මගේ පහස හොයන උබේ පයෝධර මෙච්චර අකීකරු වෙලා ඇයි කියලා අහනකොට ලැජ්ජාවකුත් හිතෙන්න ඇති උඹට. ඒත් මට උබෙන් ඒක් දැනගන්නම ඕනෙ. හිනාවෙන් පිරිලා ඉතිරිලා ගිය සරාගී උබේ පයෝධර උඹටවත් කීකරු වෙන්නේ නැතිද රාධා? එහෙමනම් මන් මොකද කරන්න ඕනේ කියලා අහලා උබෙන් මන් අවසර ගන්නවද මන්දා. උඹ අවසර දෙයි කියලම හිතෙන හින්දා.
"ඉඩ දී දෙන්නට දඩුවම්
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා.."
අකීකරුනම් දඩුවම් කරනවා ඇරෙන්න මොනවා කරන්නද ක්‍රිෂ්ණා. උබ කැමති දඬුවමක් දෙනකල් මන් මගෙ ඇස් පියාගෙන ඉන්නම්. අකීකරු ලැමට මූණ ඔබාගත්ත ක්‍රිෂ්ණා දෙන ඕනම දඬුවමක් විඳින්න ඇස් පියාගත්ත රාධාට ආයෙ ඇස් අරින්න හිතෙයි කියලා මට හිතෙන්නෙ නැත්තෙ ක්‍රිෂ්ණා කියන්නෙ කෝඩුකාරයෙක් කියලා පිළිගන්න සූදානමක් මගෙ හිතේ නැති හින්දා.
මල් පෙති පොඩි වෙලා ඉකිලන්න තරම් මේ ප්‍රේමවන්තයෝ ප්‍රේමාලිංගනයේ නොයෙදෙන්න හේතුවක් නැති කොට සඳ එළිය මිණිමෙවුලට වැටුන එක ක්‍රිෂ්ණා දකින්න නම්, ඒ එළියෙන් දෑස නිලන්කාර වෙන්නනම් පයෝධර පහස ලබපු ක්‍රිෂ්ණා මේ හෝපළු යහනේ ඉඳගෙන වෙන මොනවා කරන්නද
"මල් පෙති පොඩිවී ඉකිලන
මේ හෝපලු යහන් තලාවේ..
සඳ දිය මිණිමෙවුලට වැටිලා..
දෑස නිලංකාරයි රාධා.."
රාධා මිණිමෙවුල පළඳින්න ඇත්තෙත් හැම ගැටිස්සියක්ම පළඳින තැනම විය යුතුම කොට ගිලිහී යන මිණි කැට ගැන රාධා මොකට හිතන්නද. ඒකයි රාධා
"ගිලිහී ගියදෙන් මිණි කැට
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා.."
කියලා ඇස් දෙක පියාගෙනම ඉන්න ඇත්තෙ, ක්‍රිෂ්ණාගෙයි රාධාගෙයි සුයාමයට ඉඩදීලා.
No comments:
Post a Comment