කියාගන්නට බැරි නිසා නුඹ
හිත හදාගෙන ඉන්නැතී
දරාගන්නට බැරි නිසා තව
මගෙන් ඈතට යන්නැතී
හිතාගන්නට බැරි තරම් දුර
අපෙන් අපි සැඟවෙන්නැතී
පියාගන්නට බැරි තරම් නෙතු
කදුළු කීකරු නැතුවැතී
කවි ලියන්නට හිතුමනාපෙට
වචන වල පැටලෙන්නැතී
අතරමඟ නැවතී බලන්නට
නුඹට අමතක වෙන්නැතී
මහ ගොඩක් බර සුසුම් වැලකට
පපුතුරක ඉඩ දෙන්නැතී
මට නැතත් නුඹ ලඟ හිදින්නට
මීවිතක පිහිටක් ඇතී
ලඟින් ඉන්නට සුසුම්ලන්නට
මටත් තව ඉඩකුත් ඇතී
අපිත් ඇවිදන් ගියපු තැන්වල
නුඹත් ආයෙම යන්නැතී
මතක් වෙන තැන් මතක් වෙනකොට
තවම දුක දැනෙනවා ඇතී
හී තුඩට ප්‍රේමය ලියන්නට
පපු තුරක පිටුවක් ඇතී
~~ මයෝ ~~
No comments:
Post a Comment