මීවිතෙන් ගිනි කණ වැටුණ් ඇස
කාගෙ රුවදෝ ඇඳෙන්නේ
නිමේෂයකින් ඔබට සැසඳෙන
හිතවතෙකි ඔබ දකින්නේ
භද්‍ර යෞවන මලණුවනි ඔබ
කිමද මධු විත සොයන්නේ
නුරා දාහය නැත නිවෙන්නේ
එයිනි දුක් ගිනි දළු දමන්නේ
ජීවිතේ දියවී යා නොදී
වෙනින් ඔරුවක නැග යමන්නේ
රජරට සේවයේ පන්නරය ලබපු මහින්ද දිසානායක මහතා අතින් ලියවෙන මේ පද ටික ගීතයක් කරන්න භාරවෙන්නෙ ගුණදාස කපුගේ කියන කලාකාරයාට. මේ පද වැල් ටික ඇතුලෙ ගීතයක් වෙනුවෙන් අදහස් තිබුණත් ඒ අදහස කැටිවෙලා තියෙන විදිය සරල බස් වහරකට හැරුණනම් හොදයි කියන කපුගේ මහත්තයගෙ අදහසකින් වෙනත් පද රටාවකට හැරෙමින් ගීතයක් විදියට නිමැවෙන්නේ වගේම ගැයෙන්නෙ පහත ආකාරයට.
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා
හද පොදි බැඳි දුක දියකර පාකර
ඔබේ ලොවට මා මොහොතින් එනවා
සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ
කිම තොල මීවිත පුරවන්නේ........
නුරා විරහ ගිනි නිවාදමන්නයි
සුරා විතින් මා දෙතොල තෙමන්නෙ
නැගුණු නුරාගිනි මී පොද වැටිලා
හතරවටින් දළු ලා එනවා
අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා..........
මේ ගීතය ගැන ගොඩක් තැන්වල මම කියවලා තියෙන දෙයක් තමයි මේක මේ පිරිමි දෙන්නෙක් අතර ඇතිවෙන අසම්මත ප්‍රේමයක් ගැන කියවෙන ගීතයක් කියලා. ඒත් මට මේ ගීතය දැනෙන විදිය ටිකක් වෙනස් හින්දා මට දැණුන විදිය ලියන්න හිතුනා.
මේ "රුවක් ඇදෙනවා කවුදෝ එනවා" කියන පද පේළියෙන්ම කියැවෙන්නෙ අවට පරිසරය වගේම සිදුවෙන කිසිවක් ගැන අව්ධානයක් යොමු නොකර හුදෙකලා වීමට අවැසි අවස්ථාවක් ගැන වෙන්න ඕනෙ. මීවිත ඇඳිරිය කියන්නෙ හවස් යාමයක කළුවර වැටෙන වෙලාවක මත්පැනින් සප්පායම් වෙමින් සිටින කෙනෙක් හෝ මත්පැනින් සප්පායම්ව මත් වුණු පසුව දෑස් වැසුනාක් මෙන් තමා අවට පරිසරය ගැන ඇති අවධානය ගිලිහී යාම වෙන්නත් පුළුවන්. ඒ කෙසේවෙතත් මෙතනින් කියැවෙන අරුත හුදෙකලාව මීවිතෙන් සප්පායම් වන අවස්ථාවක් බව විශ්වාසයි.
හද පොදි බැඳි දුක කුමක්ද කියන ප්‍රෂ්ණයට පිළිතුර ලැබෙන්නේ ඊලග පද පෙළෙන්. ඒ "ඕබේ ලොවට මා මොහොතින් එනවා" කියන තැනින්. මේ ගීතය කරුණාරත්න දිවුල්ගනේ සමග ගුණදාස කපුගේ ශූරීන් ගායනා කරන්නෙ යුග ගීතයක් විදියට. මෙතන සිදුවෙන්නෙ අදහස් හුවමාරුවක් එහෙමත් නැතිනම් හුදෙකලාවට මීවිත එකතු කරගන්න පැමිණි අයෙක් සමග තවත් මීවිතෙන් සප්පායම් වන අයෙක් ඇතිවන කථාබහක්. මෙතනදි "අවන්හලේ මීවිත තනිකරලා" කියන පදයෙන් කියවෙන විදියට මේ අවිවාදයෙන්ම අවන්හලකදි සිදුවන සිදුවීමක් කියන එක පැහැදිලියි. මුල් පද ටිකෙන් හරියටම නොහැගෙන අදහස තව තවත් පැහැදිලි කරගන්න ගීතයේ අන්තරා කොටස් වලින් අවස්ථාව ලැබෙනවා. දැන් පැහැදිලියි. මෙය අවන්හලක දෙදෙනෙක් අතර සිදුවන කථාබහක් වගේම එහි එක් අයෙක් ප්‍රේමයෙන් පරාදව සිටින අයෙක්. ඔහු එම දුක සැහැල්ලු කරගන්න තෝරාගත් ක්‍රමය මත්පැන් පොදක් තොලගාන එක.
"සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ
කිම තොල මීවිත පුරවන්නේ........"
කියන පදයෙන් පැහැදිලි වෙනවා මේ තරුණයෙක්,තවමත් තාරුණ්්‍යයට පාතැබුවා පමණයි. ඒක රචකායා කියන්නේ සොඳුරු යොවුන් වියේ තියෙන්නෙ මලින් පිරුණූ ලස්සන මගක්. ඒ මගේ මුල ඉන්න උඹ ඇයි මත්පැන් බොන්න මේ අවන්හලට ආවේ? මත්පැන් බීලා බලාපොරොත්තු වෙන්නෙ කුමක්ද ? මේ කියන පැනයට පිළිතුර වෙන්නෙ නුරා විරහා ගිනි නිවාගන්න මම මත්පැන් පානය කරන්න ආවා කියන එක.
"නුරා විරහ ගිනි නිවාදමන්නයි
සුරා විතින් මා දෙතොල තෙමන්නෙ " කියලා කියන්නෙ ඒ දේ.
මෙතනදි මට තවත් දෙයක් හිතෙනවා. ඇත්තටම මේ යෞවනයේ ඉන්න ප්‍රේමයෙන් පැරදුන මනුස්සයා පැරදිලා තියෙන්නෙ එහෙමත් නැත්නම් අත්විඳලා තියෙන්නෙ ප්‍රේමයමද නැතිනම් ආශාවක් පමණද කියන එක. යෞවනයට පාතබන සැනින් තරුණයෙක්ගෙ හිතේ ඇතිවෙන්නෙ ප්‍රේමයද නැතිනම් ඒ ආකර්ශණයද. ඔය කියන විදියට මේ තරුණයා මත්පැන් පානය කරන්නෙ ප්‍රේමය අහිමි වීම නිසානම් ඔහු මේ කාරණය හේතුකරගෙන මත්පැන් පානය කළ යුතුමද? හුදෙක් මෙය තමන් ආකර්ශණය වී සිටි තමන්ට ආකර්ශණය වී සිටි ඇය වෙනත් අයෙකු වෙත ආකර්ශණයක් ලෙන්ගතුකමක් පෙන්වීම හා තමන් හැර ගොස් වෙනකෙකුට ලෙන්ගතුවීම නිසා ඇති වුණු කෝපයට, දුකට සිදුවන දෙයක් වෙන්න හැකියාවක් නැතිද? මට මෙහෙම හැගෙන්නෙ සැබෑවටම මා විශ්වාස කරන ප්‍රේමය තුල තම ප්‍රේමවන්තියගේ සතුට රැඳෙන්නෙ වෙනත් අයෙකු ලගනම් එයට ඉඩ දී එයින් සතුටු වන්නට තරම් ප්‍රේමය බලවත් සිතුවිල්ලක් වියයුතු බැවින්. එසේනම් අවසන මගේ නිගමනය මෙය යෞවනයට අත්පොත් තබන්නකු තවත් එවැන්නියක කෙරෙහි ඇති වූ ආකර්ශණයක දුක්ඛිත අවසානයක් දරාගත නොහැකිව මත්පැනින් සප්පායම්ව එම විරහව, වෙන්වීම හිතින් අකා මකා දැමීමට දරන වෙරක් බවයි. එය පසක් වන්නට මා තුල මතුවන සාධාරණ ප්‍රස්තුතය වන්නේ එය ප්‍රේමයනම් එතැන නුරා විරහගිනි නිවාදැමීමකට වඩා සුන්දර හැගීම් සමුදායකට සමුදීමක් සටහන් විය යුතු බවයි.
මෙතැනදි මේ කථාබහ අතරතුර තමන් මත්පැනින් සප්පායම්ව මත්වූ පසු මේ කථාව අහන මෙතෙක් වෙලා ප්‍රශ්ණ අහපු මේ යෞවනයාට වඩා වයසින් වැඩි දෙවැන්නාට අහන්න ඉඩ නොදීම ඔහු ඔහුගේ දුක කියනවා. ඒ කරුණ පෙන්නන්නෙ ගීතයේ මුල් කොටස වගේම පළමු අන්තරා කොටසත් ආරම්භ කරන ඔහුට ප්‍රථම යෞවනයා දෙවන අන්තරා කොටස ආරම්භ කිරීමෙන්. මේ සරලව සිද්ධවන දෙයයි. යථාර්තය ද මෙයයි. මත්පැනින් මත්වන්නට ප්‍රථම හිතේ සැගවී තියෙන දේ මත්වූ පසු නිරායාසයෙන් ලබැඳියෙකු ඉදිරියේ දිගහැරීම සරල සත්්‍යක්.
නැවතත් පෙර කී අදහස සනාථ කරමින් මත්පැනින් මත් වූ පසු ඊට පෙර පැවති නුරා ගින්න තවත් වැඩි වූ බව සඳහන් කරනවා. මෙය සැබෑවටම ප්‍රේමයනම් වෙන්වීම තුල කථාකරන එකම දෙය නුරාව වීමට ඉඩක් නැති බව මගේ අදහස. එය හුදෙක් ආකර්ශණයම බව පසක් කරමිනුයි මත්පැන් වලට වහල්ව එම ගින්නට දරුණු වෙන්න ඉඩ හසර ලැබෙන්නෙ. මේ තරුණයා පවසන්නෙ තමන්ගේ අහින්සක හිතට දැණුන ප්‍රේමය යැයි වරදවා වටහාගත්ත හැගීමක අවසානය තමන්ට කොතෙක්නම් දුකක් ගෙන දුන්නාද යන්නයි. ඒ තුල ඔහු අද මත්පැනට ලොල් වූවකු බවට පත්ව ඇති බවට කරන පාපොච්චාරණය රචකයා දකින්නෙ මේ ආකාරයට.
"නැගුණු නුරාගිනි මී පොද වැටිලා
හතරවටින් දළු ලා එනවා "
මේ තරුණයා සමග අවන්හලේ එක මේසයක වාඩිවෙලා ඔහුගේ කථාවට සාවධානව සවන්දුන්න මත්පැනින් සප්පායම් වීමටම අවන්හලට පැමිණී අනෙකා ඔහුට වැඩිමහල් අත්දැකීම් ඇති වගේම මත්පැන් පානයේ ආදීනව දන්නා අයෙක්. සමහරවිට ඔහුට මත්පැන් පානය නතර කරන්නට නොහැකිව මත්පැනට ලොල් වූ අයෙක්. නමුත් ඔහු මෙම තරුණයාට අවවාදයක් කරනවා. ඒ අවවාදය, ලෙන්ගතුකම පෙන්වන්නට රචකයා යොදාගන්න පද පෙළ
"අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා"
කියන පදපෙළයි. මේ තුල යමෙකුට නොගැලපීමක් දකින්න අවසර තියෙනවා. ඒ තමයි මත්පැනට ලොල්ව අවන්හලට පැමිණ මත්පැන් පානය කරමින්ම තවත් මත්පැන් පානය කරන්නෙකුට එය නතරකරන්නට උපදෙස් දීම කෙතරම් සාධාරණද ? යන කාරණය මෙහිදී ඉස්මතු වීම. නමුත් මෙහිදි
"ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට "
යන්නට සම්මතයට වඩා තම අත්දැකීම තුල මේ තරුණයාට මෙයින් සිදුවන අයහපත, සිදුවන හානිය දැක තමා මෙන් ජීවිතයේ බොහෝ දුරක් නොගිය යෞවනයට පාතැබුවා පමණක් වන ඔහුට අවන්හලේ මීවිත තනිකරලා පියවර නගලා හැකි ඉක්මණින් එන්න කියන්නෙ ඔහුට තව ජීවිතයේ විඳීන්න ඉතිරිව ඇති සියල්ල නැතිව යාම ඉවසාගත නොහැකි මනුස්සකමක් නිසා මිස සම්මතයට පටහැනිව අවවාද කරන්නටවත්, ඒ තුලින් ඔහුට ඇති වාසියක් නිසාවත් නොවන බව සක්සුදක් සේ පැහැදිලි වන්නේ සහ එය මා විස්වාස කරන්නේ මෙම කථාබහ සිදුවන්නෙ මත්පැන් පානයකරන අතරතුර වගේම මෙම අවවාදය ලැබෙන්නෙ පදමට මත්පැනින් සප්පායම් වූ සැබෑවටම අව්්‍යාජ වුවත් නොවූවත් මේ මොහොතේ එසේ වන අයෙකුගෙන් නිසයි.
අවසන හුදෙක් මෙය මෙම ගීතය පිලිබඳ මගේ හැගීම සහ මට දැණුන දේ පමණයි.....
Saturday, June 21, 2014
Saturday, April 12, 2014
කවිකාර දික්‍කසාදය....
අප හමුවුනු කවිකාර සැදෑවේ
වියළුනු තරු කැට හඩාවැටේවී
යළි හමු නොම වන සිතුවිලි අතරින්
දෙතැනක හිද තරුකැට අහුලාවී
එළිවැට නිමැවුණු සොදුරු ඉසව්වේ
මිලිනව මල් කැකුලක් වැලපේවි
ඇස් බැදි කළුපටි තරාදියෙන් මැන
මල් කැකුලට ලන්‍සුවක් තියාවී
උන් නොම දන්‍නා අප හිත් දන්‍නා
රහස් එකින් එක නෙතු කොදුරාවී
නුහුරු පුරුදු නැති කවිපද අමුණා
කදුලින් එළිවැට සායම් වේවී...............
Sunday, February 2, 2014
ගොම්‍මනේ අඳුරට
මුවාවී
නිසල දිය මත
ඇඳපු සිතුවම
තවත් හැඩ වැඩ කරන අටියෙන්
එහෙට පීනන
මෙහෙට පීනන
නුඹේ ලස්සන ගැනම කියමින්
වැව් තලාවට
ආවඩාගෙන,
බැඳපු නුඹ
මළකුණේ පිහිටෙන්
මහා ලොකු පම්පෝරි ගහමින්
බඳුන් හිස් කළ
තිරිසනා මම,,,,,,,,,,,
මුවාවී
නිසල දිය මත
ඇඳපු සිතුවම
තවත් හැඩ වැඩ කරන අටියෙන්
එහෙට පීනන
මෙහෙට පීනන
නුඹේ ලස්සන ගැනම කියමින්
වැව් තලාවට
ආවඩාගෙන,
බැඳපු නුඹ
මළකුණේ පිහිටෙන්
මහා ලොකු පම්පෝරි ගහමින්
බඳුන් හිස් කළ
තිරිසනා මම,,,,,,,,,,,
Wednesday, January 29, 2014
පෙම්‍වතිය,,,,,,
ආදරය,
පළමුව ආත්‍මාර්ථය,
ඉන්‍පසු පරාර්ථය,
අවසන යතාර්ථය........
Tuesday, January 21, 2014
හිනාවෙලාම ඉන්‍න මිනිස්‍සුන්ගෙ කදුළු ගොඩ ගැහෙන හින්‍දා වෙන්‍න ඇති ඒ මිනිස්‍සුන්‍ට ඇඩෙනකොට කදුළු නතර කරගන්‍න බැරිවෙන්නෙ,,
ජීවත් වෙන්‍නම උත්‍සාහ කරන මිනිස්‍සු මැරෙනව කියලා අමතක කරපු තරහට වෙන්‍න ඇති මැරියන් කියලා මරණෙට ඇවිටිලි කරන්‍න වෙනකල්‍ම ඒ මිනිස්‍සුන්‍ට ජීවත් වෙන්‍න වෙන්නෙ,
ජීවිතයේ තනිමන්‍සල
ගිමන්‍හලක හිඳ හිනැහෙන
සැරයටියක වාරුව නැති
අසරණ නැති අම්‍මා
අවනත හිත ලගට වෙලා
ගිමන් හරින අම්‍මා
තනුවක් නැති පද වැලකට
කඳුලු මතින් අටුවා කළ
පුතුට නුහුරු පන් පැදුරේ
උණුහුම හුරු අම්‍මා
අවනත හිත ලගට වෙලා
ගිමන් හරින අම්‍මා....
ගිමන්‍හලක හිඳ හිනැහෙන
සැරයටියක වාරුව නැති
අසරණ නැති අම්‍මා
අවනත හිත ලගට වෙලා
ගිමන් හරින අම්‍මා
තනුවක් නැති පද වැලකට
කඳුලු මතින් අටුවා කළ
පුතුට නුහුරු පන් පැදුරේ
උණුහුම හුරු අම්‍මා
අවනත හිත ලගට වෙලා
ගිමන් හරින අම්‍මා....
බජව්‍ව.....................
ප්‍රබුද්ධ යයි සම්මත ගීත රචනාව සැබැවින්ම සුන්දරයි.බොක්‍ස් ගිටාර් එකක් වයලා ගයන සින්දුවෙයි, ඉලෙක්‍ට්‍රොනික් වැඩ ගොඩක් මැද බිහිවෙන ශබ්‍ද එක්‍ක ගැයෙන සින්‍දුවෙයි, නානාප්‍රකාර විදියට පරිගනක වලින් වැයෙන හඩවලට ගැයෙන සින්‍දුවෙයි වෙනස වෙනස් වෙනස් විදියට මිනිස්‍සු විඳිනකොට බයිලා ගහන මිනිස්‍සුන් ඇත්‍තටම ගහන්නෙ බයිලද කියලා පොඩ්‍ඩකට හිතන්‍න හිතුනෙ අහම්‍බෙන් වගේ එක සින්‍දුවකට කන් දෙනකොට.
උගත් වැදගත් ලොකු යැයි සම්‍මත සමාජය ටයි කෝට් ඇඳගෙන විස්‍කි වීදුරුවක් අතේ තියාගෙන හොයන, නූගත් නොවැදගත් සහ චාරයක් නැතැයි සම්‍මත සමාජය, පැදුරක වටවෙලා රා වීදුරුවකින් පදම් වෙවී හොයන, "සොමිය" ගැන අව්‍යාජව ලියවුනායයි මට හැගුන එක පදවැලක් හේමසිරි හල්‍පිට කියලා මනුස්‍සයෙක් ලියලා තිබුණා.ඒ මේ පද ටික.
"සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ
අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ
හිටපන් සයිඩ් එකේ වාඩි වෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි තියෙනවා කාමරේ
මේක ගුණෙ අයීයගෙ බජවු දාන කාමරේ..."
මේක ගුණෙ අයීයගෙ බජවු දාන කාමරේ
පච්ච සිරාලා එතකොට කොච්චි එළාලා
ගුෂ්පි රොබාලා එයි මෙහෙ සොමිය සොයාලා
සැප විඳලා මචා වෙලා පීචං වීලා
කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වලදලා
නළුමන්ලා නිලිමන්ලා කැමර කටාලා
අලි වංශෙන් වැඩ පෙන්වන සුපර් මෑන්ලා
බර පොරවල් ෆොරීන්ස් කකුල් එකට වැටීලා
ටූ තවුසන්ඩ් ත්‍රී තවුසන්ඩ් යයි විසි කරලා
මේක ගුණෙ අයීයගෙ බජවු දාන කාමරේ
මේක ගුණෙ අයීයගෙ බජවු දාන කාමරේ
ටින්කිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන්
ෆේස් ටු ෆේස් එනවානම් වැඩ අතින් පයින්
සෙවල කිරල වැක්කෙරුවොත් තෙල් වීදාගමින්
වැලි ගල් කටු බොරු නැහ මගෙ වැඩ රාත්තලෙන්
කොත නම් කොත කුරුස වලට මගෙ ලඟ ඉඩ නැත
ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත
දුකට සැපට මම එන්ටර් මගෙ නැහ බොරු ගොත
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නැහ කෙනෙකුගෙ හොඳ හිත
මේක ගුණෙ අයීයගෙ බජවු දාන කාමරේ
මේක ගුණෙ අයීයගෙ බජවු දාන කාමරේ....."
පදයෙන් පදයට අව්‍යාජත්‍වය, සොමිය කැටි උනු මේ පද ටික සමහරුන්‍ටනම් බයිලාවක්‍ම උනත් මේ ඇතුලෙ තියෙන්නෙ ලා0කීය සමාජයේ මනුස්‍සයන් අද අකමැත්තෙන් වුවත් ඈත් වෙන්‍නට උත්‍සාහ දරන නමුත් ඈත් වෙන්‍නට නොහැකි, ඔවුන්‍ට දැනෙන ඔවුන් විශ්‍වාස කරන ස0ගීතය , නේද කියලා වෙලාවකට හිතෙනවා.
එක එකාට කුහකකම් කරන සමාජයකට වඩා හිතේ තියෙන දේ කෙලින් කියලා ජීවත් වෙන මෙහෙම මිනිස්‍සු ඉන්‍න සමාජයක් සුන්‍දරයි කියන එකනම් කුහක නරුමයන් ගොන්‍නක් මැද්දෙ ගෙවෙන මේ ජීවිතේ එක්‍ක සක්‍සුදක් වෙලා ඉවරයි.මෙතනදි රචකයා පටන් ගන්නෙම සරල ඒත් ගැඹූරු ආරධනාවක් සොමිය ගන්‍න කැමති හැමෝටම කරලා. ඒ ආරාධනාව අතට අත දීල පිළිගන්‍නවට වඩා හරි සුන්දරයි.පැරණී ශ්‍රී ලා0කීය ගැමි සමාජය තුල පැවති "ඔන්‍න ඔය හත් අට පොලකින් ඈඳි ගනිල්‍ලා" කියන අරුතට සමාන අරුතක් හැගෙන ආරාධනාවක් "අගුළු දාලා නෑ දොරේ" කියනකොටම කියවෙනවා.
"සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ " කියනකොට කියවෙන දේට වඩා දනවන දේ බොහොමයි.සොමිය කියන්නෙ උදේ ඉදන් දුක් මහන්‍සි වෙන මිනිස්‍සු ඒ සේරම අමතක කරල ජීවිතේ හැම දුකක්‍ම අමතක කරල හදවතින්‍ම අත්විඳින සතුටට තවත් අව්‍යාජ නමක්.මෙතනදි ගුණෙ අයියගෙ බජවු දාන කාමරේ කාටවත් අගුළු දාලා නෑ කියලා වගේම ලොක්කො සොක්කො සේරම මේක ඇතුලෙදි එකයි කියලා හරි ලස්‍සනට එක පදේකින්‍ම කියලා දාන්නේ "දොරේ" කියන ඇමතුමෙන්.හරියටම "උබ ලොක්කෙක් වෙන්න පුළුවන්,හැබැයි මෙතන අමුතුවෙන් උබට සැලකිලි නෑ,සොමිය දානවනම් උබත් එකයි අපිත් එකයි" කියලා කියනවා වගේ.
සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ
අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ
හිටපන් සයිඩ් එකේ වාඩි වෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි තියෙනවා කාමරේ
මේක ගුණෙ අයීයගෙ බජවු දාන කාමරේ ..
මෙතනදි පළවෙනිම දේ තමයි බජව්‍ව කියන්නෙ ලා0කිකයාගෙ රසවින්‍දනය පිහිටන තැන කියන එක.බජව්වෙ සොමියට අකමැති මිනිස්‍සු මේ රටේ නෑ.මහන්‍තත්‍තකමට හන්‍ගගෙන හිටියත් බජව් දාන එක දැනෙන්නෙ නැති මිනිස්‍සු මේ රටේ නෑ.හිරට හිරේ ඇඳූම් ඇදගෙන සින්‍දුවක් අහලා ඒක ඉවර උනාම වැදගත්‍කම නැති වෙන්නෙ නැති විදියට හෙමින් අත්‍පුඩි ගහන්‍ඩ අපිට පුරුදු නෑ. සින්‍දුවක් ඉවර උනාම හූ කියලා කෑ ගහලා විසිල් ගහන සමාජයක් අපි.ඒ සමාජෙ ගැනයි මෙතන රචකයා කතාකරන්නෙ.
ගුණෙ අයියගෙ කාමරේ දුක් වෙන්‍න අඬන්‍න හේතු නෑ.හිනාවෙන්‍න සොමියක් ගන්‍න ඕන කරන කිසිම දේකින් අඩුවකුත් නෑ.හැබැයි රචකයා කියන්‍න ඕන කරන දේ කියන්‍න ඕන විදියට මිසක් අද ලියවෙන සමහර ගොන් පාට් සින්‍දු වල වගේ වචන හසුරුවන්නෙත් නෑ.
බැලූ බැල්‍මට නොපෙනුනත් ගුණෙ අයියගෙ කාමරේ සොමිය ගන්‍ඩ තියෙන්නෙ මොනවද කියලා හරි අගේට මේ කියල තියෙන්නෙ එක එක ඉගි වල අමුණලා.පදමට මත් වෙලා කියන කතා අඩුවක් නෑ, රා අරක්‍කු තියෙනවා කියලා කියන්නෙ රියල් කතා තියෙනවා කියලා,මොකද මත් වෙලා හොඳ සිහිය නැති වෙලාවට ඇරෙන්‍න මිනිහෙක් අවන්‍කව කතාකරනවද නැද්‍ද කියන එක රහසක් නෙමෙයිනෙ,
සයිඩ් එකෙන් වාඩිවෙලා පාඩුවේ ඉන්නෙ මොන වගේ දෙයක් කරපුවාමද කියලා හිතාගන්‍න එච්‍චර අමාරුවකුත් නෑනෙ. තරුවක් දිහා බලන් ඉන්‍න හිතුනොත් දිගටම තරුව දිහා බලන් හිනාවෙන්‍න හරි අඩන්‍න හරි පුලුවන් වෙන්‍න,බල්‍ලෙක් දිහා බලාගෙන ඌව ගිරවෙක් වගේ දකින්‍න,ලයිට් එළියට ආපු මෙරුවො රෑන එකතු කරල ලස්‍සන ලස්‍සන රටා හිතින් මවන්‍න, ගන්‍න තියෙන දේ මෙතන තියෙනවා කියන එක පැහැදිලියි ඒ එක පද වැලෙන්. කාමරේ ඇති වෙන්‍න මස්‍කට්, පැණී බූන්‍දි වගේ පැණිරස ජාති තියෙනවා කියලා කියනකොටම මතක් වෙන්නෙ රුපියල් පහට තිබිලා අද වෙනකොට හැටට හැත්‍තෑවට නැගලා තියෙන දෙයක් ඇරෙන්‍න වෙන මොකක්‍ද.ඔය සේරම කියලා හරි ආඩම්‍බරෙන් වගේ කියනවා මේ වෙන කොහෙවත් නෙමෙයි,මෙහෙම සොමියක් තියෙන්නෙ ගුණෙ අයියගේ කාමරේ බජව්‍වට සෙට් උනොත් විතරයි කියලා.
සැප විඳලා මචා වෙලා ඊලගට වෙන්නේ පීචං වෙන එකළු. ඒ කීවෙ මොකක්‍ද කියලා බලනකොටනෙ තේරුනේ.ඇත්‍තනෙ, සමාජෙට පේන්‍න එක එක තානාන්‍තර වල ඉන්‍න වැදගත් නොවැදගත් සේරම ඇවිත් මෙතන සප්පායම් වෙලා සැප අරගෙන වැඩි වෙලා වමනෙ ගොඩක් උඩ ඉන්‍න එක වෙන කියන්‍න හොඳ විදියක් කොහෙන්ද මේ කියලා තියෙන විදියට ඇරෙන්‍න.
නළුමන්ලා නිලිමන්ලා කැමර කටාලා
අලි වංශෙන් වැඩ පෙන්වන සුපර් මෑන්ලා
බර පොරවල් ෆොරීන්ස් කකුල් එකට වැටීලා
ටූ තවුසන්ඩ් ත්‍රී තවුසන්ඩ් යයි විසි කරලා
බජව්‍ව යන අතරතුරේ කියවෙන රසකතා වල ඉන්‍න නළුවන්‍ටයි නිලියන්‍ටයි පණ දෙන්නෙ මෙතන ඉන්‍න පදම් වෙච්‍ච ගුණෙ අයියගෙ කාමරේ සාමාජිකයොම තමයි. ඒවා සේරම වෙනකොට මේව දිහා ඔහේ බලාගෙන ඉන්‍න කැමරා කොටාලත් නැතුවම නෙමෙයි ඉතින්.
ඔය සේරම මැද්දෙ කලත් නොකලත් මහලොකුවට පම්‍පෝරි ගහන වගේම වැඩ ඇත්‍තටම පෙන්‍නන අයත් මෙතනට අද ඇවිත්.එහෙම වැඩ පෙන්‍නන්‍න තරම් මෙතන තියෙන දේ මොකක්‍ද ඇත්‍තටම.බර පොරවල් ඇවිත් ටූ තවුසන්ඩ් ත්‍රී තවුසන්ඩ් විසිකරන්නෙ වෙන මොන දේකටද ඉතින් කොල කුට්‍ටමක් මෙතන නැතුව.
ඔය කොල කුට්‍ටමේ වැඩපෙන්‍නන සුපර්මෑන්‍ස්‍ලා ගුණෙ අයියගෙ කාමරේට සෙට් නොවි ඉන්‍න විදියක් නෑ කියන එක අපිටත් නොදැනිම රචකයා කියල තියෙනව නේද හරි අපූරුවට.
මේ ලියවෙන්නේ අව්‍යාජත්‍වය,හරියටම ජීවිතේ ජීවත් කරවන සුන්‍දරත්‍වය, මනුස්‍සකම,ඒකයි අන්‍තිමටම වගේ කියන්නේ
"ඔය කාගෙත් වතගොත මගෙ ෆයිල් එකේ ඇත,දුකට සැපට මම එන්ටර් මගෙ නැත බොරු ගොත"
කියලා.
මනුස්‍සකම් දන්‍න අදුනන මිනිස්‍සුන්‍ට දුක සැප කියලා අමුතුවෙන් ආරාධනා යවන්‍න දෙයක් නෑ.මොකද සමහර වෙලාවට සැපේදි ආරාධනා නොලැබුවත් දුකේදි ලග ඉන්‍න මිනිස්‍සු ඉන්‍න තැන මනුස්‍සකම මහ ඉහලින් රජකරන හින්‍දා.මෙතනදි මේ කියන්නෙත් ඔය කියන මනුස්‍සකම,බැදීම්, සතුටෙන් පිරි මාද ඇතුළුව සමහරක් මිනිසුන් පතන සැහැල්‍ලු තෘප්‍තිමත් ජීවිතය ගැන මිස කුහක ,අසික්‍කිත ගඳ ගහන මිනිස්‍සුන්ගෙන් පිරුණූ සතුට ලෙසට අවලම්‍කම හා බැඳුනු බලුකම් රජයන වර්‍තමානයේ මා ජීවත් වන තැන ගැනනම් නොවනු ඇත.ඩොල්‍කි ගහලා සර්පිනා ගහන ස0ගීතෙට ආසාවෙන් ඉන්‍න මිනිස්‍සු,විසිල් ගහල බජව් දාන මිනිස්‍සුන්‍ට මනුස්‍සකම් අමතක කරන්‍න බැරි වෙන්නෙ ඩොල්‍කියට සර්පිනාවට බොරු කරන්‍න බෑ වගේම ගුණෙ අයියගේ කාමරේදි පීචං වෙන එක හැමෝටම පොදු සත්‍යක් වෙන හින්‍දා වෙන්‍න ඇති.

Subscribe to:
Posts (Atom)