Thursday, May 14, 2015

මා‍......

ම‍හ‍ළු‍ ක‍වි‍ එ‍ළි‍ වැ‍ටෙ‍න්‍
එ‍හා‍ ගි‍ය‍ ලෝ‍ක‍ය‍ක්‍ 
ති‍බූ‍ බ‍ව‍...
ඉ‍න්‍ මි‍දී‍ අ‍ව‍ස‍න‍ත්‍
ම‍හ‍ළු‍ ක‍වි‍ ප‍ද‍වැ‍ල‍ක‍
ගෙ‍තූ‍ බ‍ව‍...

Thursday, March 5, 2015

නොඉදුල් පෙම.....

රට වටේම එවුන්ට වැඳලා වැඳලා
අමාරුවෙන් හොයාගත්ත ජොබ් එකෙන්
මුලින්ම හම්බුන පඩියම දීලා
අරන් දුන්න ෆෝන් එකට 
මට විතරක් කතාකරපන් කියලා 
මමම අරන් දුන්න සිම් එක දාලා
කාර්යබහුල වුණ උඹ
"අනේ පැටියො මේක ගානනම් පොඩ්ඩක් වැඩියි,
ගත්තට කමක් නැද්ද? "
අහලා දෙවනි පඩියෙන් අරගත්තු
"ටයිට්" ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇඳගෙන
මට බැණ බැණ
ඌත් එක්ක යනකොට
හැඩයි 
කදිමයි
මනස්කාන්තයි ...

භව සසර ලදී......


තුන් තිස් පැයයි අඩ හෝරාවකුත් මදී
හත්දා මගුල් කෑවත් හිනැහුණත්  මදී
සක්වල ගලෙන් එපිටට අඩහැරත් මදී
තණ්හා මුවින් මිහිපිට තොල ගාන ලදී

ගිය තැන නොනැවතුණමුත් පැමිනුණත් මදී
පැමිණිය නමුත් ආපසු පිටවුණත්            මදී
යන එන නමුත් ආගිය වාරයක්               මදී
තොල ගෑ මුවින් ඇරඹුම් වෙඩි මුරය       ලදී

ඇතැඹුල විලස දැනහුන් සිප්සතර      මදී
කෙල කෝටියක් ධනකඳ පිරවුණත්  මදී
මන්දිර සඳළුතල සුඛ විහරණත්         මදී
තණ්හා රසෙන් ඔද වැද භව සසර      ලදී

Friday, August 15, 2014

........

මනස්කෘත ස්වර්ණ වර්ණ කුණ්ඩල සහසක
සුපුෂ්පිත මකරන්ද අතුරන

හද්දා පිටිසර වික්ෂිප්තික අභිමුව
සෙමහලන හද්දා නාගරික 
ප්‍රක්ෂිප්ත..
පෙළින් පෙළ විටින් විට
සමෝධාන්තික උන්මන්තකවාදයට
පිළිල වළලන 
අසීමාන්තික 
රැඩිකල් චින්තන...
සෙක්කුවට ඩක්කුවට
ප්‍රක්ෂේපණ අහුරන
උත්කෘශ්ඨ න්‍යායික
ව්‍යුත්පන්තික සන්ධර්භ.....

පෙරමග......

සිහිනෙන් ඔබ එන අයුරු බල බලා
පෙරමග විමසුව කාලය මතකද

ඉරබටු තරුවක නිමිති බල බලා
අහසට ගතු කී කාලය මතකද
සෙනෙහස් ඔරුවක හබල් අත ගගා
කඳුළු සියපතක් නෙළුවා මතකද
මහවැව් තලයේ සඳකැන් තෙරපී
දුක කැටිකරගත් හැටි තව මතකද
අකලට වැහැරෙන අයුරු හිත හිතා
හිත දිරිගෙන හිනැහුනු හැටි මතකද
නොයෙන ගමන් ගිය අම්මේ අඬ අඬ
පෙරමග මම ගිය හැටි තව මතකද.............

හිතු මතේ....

හිතුමතේ ගිය 
හිතට 
ගරහන
රට වටේ
යන 
උඹ......

Wednesday, July 16, 2014

ඉඳුල...........

ගමේ
රෙස්පට් කොල්ලන්
රෑ දවල් නොබලා
නිදි වැදි,

සිල් රෙද්දක් තරම් පිරිසිදු
ගමේ ලස්සන
කෙල්ල නුඹ.............