Sunday, August 30, 2015

නුපුරුදු බෝ මැඬ සුපුරුදු වූ දා !!!

බෝ මැඩ නුහුරුද මංදා
මොලකැටි පුතු ඉකිබින්ඳා
ගව් ගනණක් හිත රන්දා
සිව්රු දරා සුව වින්දා

අම්මට මතකද මංදා
දවසක මම හිත බින්ඳා
අමතක සෙනෙහස හින්දා
සම්බුදු හිමි මම වැන්දා

කෙළිලොල් කම් වැඩි හින්දා
ගැරහුම් පෙර මම වින්දා
තැවුනු දැවුනු හිත බන්දා
බෝ මළුවට පෙම් බැන්දා

දොරටු තුනක් වැට බැන්දා
නිවනට දුර වැඩි හින්දා
ඇරඹුම ලග නුඹ ඉන්දා
සිල්පද එකිනෙක වින්දා...

Thursday, July 2, 2015

රස මත....

සුසර කර හර බරිත තත් සර
නිසග සර සුවහසක සරි කර
නොරස හැර රස මනස මනහර
වහර හර මත් බමන සුර නර

Friday, May 22, 2015

ත‍ර‍ග‍ය‍...

තු‍ර‍ග‍ කු‍ර‍ හ‍ඬ කා‍සි‍ ම‍ළු‍ සො‍ල‍වා‍
ම‍ල්‍ල‍කි‍න්‍ ගෙ‍න‍ ම‍ල්‍ල‍ක‍ට‍ දැ‍මු‍වා‍
සු‍සු‍ම්‍ සැ‍න‍සු‍ම්‍ එ‍ක‍ට‍ පො‍දි‍ ක‍ර‍වා‍
දෙ‍දෙ‍න‍ මැ‍ද‍ හි‍ඳ‍ එ‍ක්‍ අ‍යෙ‍ක්‍ දි‍නු‍වා‍...

Thursday, May 21, 2015

..............

තැ‍නි‍න්‍ තැ‍න‍ 
නො‍ද‍මා‍
බි‍ඳෙ‍න්‍ බි‍ඳ‍
ත‍නා‍ග‍ත්‍
හි‍ත‍ දි‍රි‍ය‍ ස‍ර‍ණ‍යි‍!
ස‍දා‍ක‍ල්‍ සෙ‍ව‍න‍යි‍!

Thursday, May 14, 2015

මා‍......

ම‍හ‍ළු‍ ක‍වි‍ එ‍ළි‍ වැ‍ටෙ‍න්‍
එ‍හා‍ ගි‍ය‍ ලෝ‍ක‍ය‍ක්‍ 
ති‍බූ‍ බ‍ව‍...
ඉ‍න්‍ මි‍දී‍ අ‍ව‍ස‍න‍ත්‍
ම‍හ‍ළු‍ ක‍වි‍ ප‍ද‍වැ‍ල‍ක‍
ගෙ‍තූ‍ බ‍ව‍...

Thursday, March 5, 2015

නොඉදුල් පෙම.....

රට වටේම එවුන්ට වැඳලා වැඳලා
අමාරුවෙන් හොයාගත්ත ජොබ් එකෙන්
මුලින්ම හම්බුන පඩියම දීලා
අරන් දුන්න ෆෝන් එකට 
මට විතරක් කතාකරපන් කියලා 
මමම අරන් දුන්න සිම් එක දාලා
කාර්යබහුල වුණ උඹ
"අනේ පැටියො මේක ගානනම් පොඩ්ඩක් වැඩියි,
ගත්තට කමක් නැද්ද? "
අහලා දෙවනි පඩියෙන් අරගත්තු
"ටයිට්" ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇඳගෙන
මට බැණ බැණ
ඌත් එක්ක යනකොට
හැඩයි 
කදිමයි
මනස්කාන්තයි ...

භව සසර ලදී......


තුන් තිස් පැයයි අඩ හෝරාවකුත් මදී
හත්දා මගුල් කෑවත් හිනැහුණත්  මදී
සක්වල ගලෙන් එපිටට අඩහැරත් මදී
තණ්හා මුවින් මිහිපිට තොල ගාන ලදී

ගිය තැන නොනැවතුණමුත් පැමිනුණත් මදී
පැමිණිය නමුත් ආපසු පිටවුණත්            මදී
යන එන නමුත් ආගිය වාරයක්               මදී
තොල ගෑ මුවින් ඇරඹුම් වෙඩි මුරය       ලදී

ඇතැඹුල විලස දැනහුන් සිප්සතර      මදී
කෙල කෝටියක් ධනකඳ පිරවුණත්  මදී
මන්දිර සඳළුතල සුඛ විහරණත්         මදී
තණ්හා රසෙන් ඔද වැද භව සසර      ලදී