Saturday, October 22, 2016
ආයෙමත් ඇවිදින්...
ආයෙමත් ඇවිදින්
ආයෙමත් ඇවිදින්
අමාවක සද
මටත් රහසෙන්
ආයෙමත් ඇවිදින්
හීන් බිදු බිදු
වැටුනු සදකැන්
රෑ රැහැයි බිගු
ගෙතූ කවිකම්
ආයෙමත් ඇවිදින්
අමාවක අහසේ...
අකීකරු
කෙහෙරැළි කවටකම්
තාරකා නෙතු
මුතු සිනාකැන්
ආයෙමත් ඇවිදින්
අමාවක අහසේ...
පතිනිවත
එතෙර ගිය මහිමි සද
නුඹේ දහදිය කදුළු
පස් ගොඩේ වළලලා
අපේ ගේ හැදෙනවා
නුඹ නැතත් නුඹ වගේ
මට දැනෙන එක්කෙනෙක්
දුම්රියේ බස් රියේ
මගෙ තනිය මකනවා
සත්තමයි හිමියනේ
ආයෙමත් එනදාක
එයාගෙන් සමු අරන්
පතිනිවත රකිනවා
Friday, August 19, 2016
දිරිය...
අසමානව ඉතුරු නැතිව බෙදෙන හිමිකමක් නැති හීන පොදි වල අස්කොන් සොයා ගොස් පසුතැවීමක කදුළු වපුරා අවසන ගලින් දැඩි කල මෙලෙක් සිතකින් ජීවන ගමනට අත් පොත් තබන වීරයින් සුලභව දැක ගතිමි. සුදෝ සුදු කිරිකොක් රෑනක දසුන් සොයමින් මනින පියවරක් පාසා ඉරි මැකුණු සුදු ගවුම් කහ ගැහුණු කමිස පොඩි. ගත් දවස මතක නැති රබර් සෙරෙප්පුව බොරළු මග ගල් තැළුම් ඉදිරියෙන් මුණ ගැහෙන තණ පියස තවන වග පතුල් සිප සෙනෙහසින් රහසකින් කියන හැටි. ගඩොල් මැටි මත තැනූ සිප් හල දිසාපාමොක් මා නමුත් ඇට මිදුලු මස් තැනූ සිප් හල නුඹ උගෙන හැඩ වැඩට කියවන හෝඩි පොත හරි අමාරුයි.වීර කවියක් මියුරු ස්වර මැද එහෙට මෙහෙට පෙරලෙන අපූරුව.
පාන්දර නෙලා ගත් පලා කොළ ටික මිටිබැදගෙන අරන් ඇවිත් ඉස්කෝලේ ගේට්ටුව ලග කඩේ පිළ උඩින් තියලා මුදලාලි නැන්දට බලාගන්න කියනකොටම සීනුව නාද වෙනවා. අකුරු කරන අටියෙන් ඇවිත් පන්තියේ පිටිපස්සෙ පේළියේ ඉඳගත්ත නුඹගෙන් ගෙදර වැඩ ටික කරලද කියලා අහලා වේවැල් පාරක් දෙන්න හිත හදාගන්නෙ කොහොමද.. පළා කොළ ටික විකුණගත්තෙ නැත්නම් ඇඳට වැටුන කිරි අම්මට අද කන්න දෙන්න දෙයක් හොයාගන්නෙ කොහොමද කියල කල්පනා කරන වීරයෙක්ගෙන් ත්‍රිකෝණයක වර්ගඵලයට සූත්‍රය අහලා මම කරන්න හදන්නෙ වරදක්ද?
කළු ලෑල්ල දිහා බලාගෙන එකම පන්තියේ උන්ට හොරෙන් ඇඟිලි තුඩු වලින් කොච්චර පිරිමැද්දත් පොල්කටු ඉස්තිරික්කෙ අඩියෙ තිබිලා ගෑවුණ ඔය කළු පාට, බොරපාට සුදු ගවුමෙන් මැකෙන එකක් නම් නෑ මයෙ හිතේ. රිබන් පටි දෙක නූල් ගොඩක් විතරක් වෙලා හින්දා කොණ්ඩ කරල් දෙක ඉස්සරහට දාගත්තේ ඔය පිටිපස්සේ ඉඳගෙන ඉන්න උඹගෙ යාළුවාට පෙනෙයි කියලා වෙන්න ඇති. ලැජ්ජාවක් මොකටද, එකම පන්තියේ ඉඳගෙන ජීවිතේ හෝඩි පොත පෙරලන උඹගෙ යාළුවා කොණ්ඩ කරල් දෙක බැඳගෙන ඉන්න රබර් පටි උඹට පෙනුනෙ නැත්තෙ මේසෙන් යටටම කොණ්ඩෙ දිග හින්දා කියලා උඹ විවේක කාලෙදි දැනගනියි. එතකන් මේ ප්‍රමේය ඔය පොතේ ඉඩ තියෙන තැනකින් ලියාගනින්.
කෝටියක් දීලා ගත්ත යකඩ අස්සයා පිට උඩින් උජරුවට යන ගමන් මොණර කොළ මිටියක හිලව්වට ලැබුණ දිලිසෙන වීදුරු පටිය කණේ ගහගෙන වැඩිහිටි නිවාසෙ පාලිකාව ලඟ අම්මට ලන්සු තියන අසරණයා අභියස ,ඔව් .. උඹ මට වීරයෙක්. විනෝදයට මඩ පාගන පියරු පුසුඹ බොල් මල් ලඟ උදේ හවස කුඹුරට යන, ඔව් .. උඹ මට වීරයෙක්.
සාර කෙතකට බීජ වපුරන ගොවිකමට අඬහැරෙන් දිරිදෙන වීරයින් තැනු නීල අස්වනු නෙලන හැඩ වැඩ දකින අටියෙන් අවදිවෙමි හෙට. නම ලියන්නට උගන්වන්නෙමි. ගම ලියන්නට උගෙන දවසක ලොව දිනන්නට.
පැතුමක්!!!
රගහලේ වසන්තය
ඉකිගසා බිම බැලූ
විලසින්ම තේරුණා
රගහලේ වසන්තය
නිමා වී ගොසින් බව
සලෙල සලු
මොණරු පිට
ඇවිත් විලි දවන වග..
විලසින්ම තේරුණා
රගහලේ වසන්තය
නිමා වී ගොසින් බව
සලෙල සලු
මොණරු පිට
ඇවිත් විලි දවන වග..
ඉටු නොවන ඉල්‍ලීමක්.......
දෙවුරම යන්‍නට
පාර අහන්‍නට
එක දවසක්
හීනෙකට වඩිනවද
නිවන් දකින්‍නට
විවරන ගන්‍නට
එක සැරයක් මට
පුතේ කියනවද
පාර අහන්‍නට
එක දවසක්
හීනෙකට වඩිනවද
නිවන් දකින්‍නට
විවරන ගන්‍නට
එක සැරයක් මට
පුතේ කියනවද
බිතුසිතුවම ලග
කඳුළු මැකෙන්‍නට
අත රැඳි බිළිඳුගෙ
නළල සිඹිනවද
බෝ මළුවට මට
හවසට යන්‍නට
පැන් කලයක්
ලග හිත සකසනවද
කඳුළු මැකෙන්‍නට
අත රැඳි බිළිඳුගෙ
නළල සිඹිනවද
බෝ මළුවට මට
හවසට යන්‍නට
පැන් කලයක්
ලග හිත සකසනවද
යන්‍න කලින් මට
කියන්‍න බැරි වුණු
එකම දෙයක් හරි
නුබට තියෙන්‍වද
එතෙර උනොත් මට
අඩන්‍න බැරි වෙයි
අම්මේ ඒකත්
කියලම යනවද.......................
කියන්‍න බැරි වුණු
එකම දෙයක් හරි
නුබට තියෙන්‍වද
එතෙර උනොත් මට
අඩන්‍න බැරි වෙයි
අම්මේ ඒකත්
කියලම යනවද.......................
අපි ගියෙ නැතත් මරණෙට හිමි වඩිනවලූ
"ප්‍රවීණට" වඩා "ස්‍වප්‍නා" ලස්‍සනලූ
"මහගෙදරයි" "තුල්‍සියි" දැන් අමතකලූ
පන්‍සල බෝ මළුව හැමදා තියෙනවලූ
අපි ගියෙ නැතත් මරණෙට හිමි වඩිනවලූ
පන්‍සල් ගිහින් එනකොට හරි ටයර්ඩ් ලූ
පෝයදාට රිලැක්ස් වෙන්න තියෙනව ලූ
තෙල් දුම් පහන් මූණට හරි අප්සට් ලූ
නිවන් දකින හැටි "දෙරණෙත්" කියනවලූ ........
"මහගෙදරයි" "තුල්‍සියි" දැන් අමතකලූ
පන්‍සල බෝ මළුව හැමදා තියෙනවලූ
අපි ගියෙ නැතත් මරණෙට හිමි වඩිනවලූ
පන්‍සල් ගිහින් එනකොට හරි ටයර්ඩ් ලූ
පෝයදාට රිලැක්ස් වෙන්න තියෙනව ලූ
තෙල් දුම් පහන් මූණට හරි අප්සට් ලූ
නිවන් දකින හැටි "දෙරණෙත්" කියනවලූ ........
කෙත සාරයි
මනලෝලයි හාමිනේ සුකුමාලයි
ලාලිත්‍යයි හාමිනේ හිත සසැලෙයි
නිතඹ සමයි හාමිනේ හැඩකාරයි
පුළුලුකුලයි හාමිනේ බඳ ආරයි
ලාලිත්‍යයි හාමිනේ හිත සසැලෙයි
නිතඹ සමයි හාමිනේ හැඩකාරයි
පුළුලුකුලයි හාමිනේ බඳ ආරයි
කිරිසාරයි හාමිනේ අටු පීරයි
ගැබ මෝරයි හාමිනේ හෙට පූදියි
ජය පාටයි හාමිනේ කෙත සාරයි
Subscribe to:
Posts (Atom)