රැඩිකල් පසුම්බිය
හරිගණන්
හිඟන්නෝ උඹ ගාව
ගඳ හින්දා
වෙන්න ඇති
Sunday, January 8, 2017
සෙවූ මා දා
ලතාවක් නැති කථාවක් මැද
නිමාවක් නැති දයාවක්
සොයා ආ දා
සෙවූ මා දා
රටාවක් නැති
නිමාවක් !!!
නිමාවක් නැති දයාවක්
සොයා ආ දා
සෙවූ මා දා
රටාවක් නැති
නිමාවක් !!!
සබඳ
කටු මැටි පැළ
ගතු කිව්වා
නිදි යහනේ
තෙහෙට්ටුවට
පෑල දොරත්
සාක්කි වග !!!
ගතු කිව්වා
නිදි යහනේ
තෙහෙට්ටුවට
පෑල දොරත්
සාක්කි වග !!!
Saturday, November 5, 2016
පැටලෙන පා පොඩි තියන්න කියලා දෙන්නම්
අත් පොඩි සලමින්
හිමිදිරි උදයෙම ඇවිදින්
කිරිකැටි මුවගින් හිනැහෙන
සිගිති කැකුළු මල්
දෝතින් ගෙන පරෙස්සමින්
හෙට ලෝකය දිනන රිසින්
පැටලෙන පා පොඩි තියන්න
කියලා දෙන්නම්
හඳ හාමිට කවි කියු හැටි
තරු කැට ඇහිදන් ආ හැටි
ලොවම දිනපු එක දවසක
මතක තියෙයිනම්
හිනැහි හිනැහි දඟ කළ හැටි
දඟ මල්ලට සැර කළ හැටි
අකුරට හිත හුරු කළ හැටි
මතක් කරන්නම්
හඳ හාමිත් එක්ක ඇවිත්
බලලා යන්නම්
හිමිදිරි උදයෙම ඇවිදින්
කිරිකැටි මුවගින් හිනැහෙන
සිගිති කැකුළු මල්
දෝතින් ගෙන පරෙස්සමින්
හෙට ලෝකය දිනන රිසින්
පැටලෙන පා පොඩි තියන්න
කියලා දෙන්නම්
හඳ හාමිට කවි කියු හැටි
තරු කැට ඇහිදන් ආ හැටි
ලොවම දිනපු එක දවසක
මතක තියෙයිනම්
හිනැහි හිනැහි දඟ කළ හැටි
දඟ මල්ලට සැර කළ හැටි
අකුරට හිත හුරු කළ හැටි
මතක් කරන්නම්
හඳ හාමිත් එක්ක ඇවිත්
බලලා යන්නම්
Saturday, October 22, 2016
වාරුවක් නැති සීරුවට ඇති ජීවිතේ ගමනේ...
කදුල නුඹ තව වතාවක්
හිනැහියන් මා හා
හිනාකැන් තව වතාවක්
හඬාපන් මා හා
සරාසද තව වතාවක්
දොඩාපන් මා හා
නුඹ ඇවිත් තව වතාවක්
සැනැහියන් මා හා...
නුඹට හිමි නැති මට අහිමි නැති
රැයේ ඝන අදුරේ
නුඹට හුරු නැති මට හුරුව ඇති
තනිකමේ සුසුමේ...
වාරුවක් නැති සීරුවට ඇති
ජීවිතේ ගමනේ
හීන් සුසුමක මීවිතක සුව
පමණි මට උරුමේ...
ආයෙමත් ඇවිදින්...
ආයෙමත් ඇවිදින්
ආයෙමත් ඇවිදින්
අමාවක සද
මටත් රහසෙන්
ආයෙමත් ඇවිදින්
හීන් බිදු බිදු
වැටුනු සදකැන්
රෑ රැහැයි බිගු
ගෙතූ කවිකම්
ආයෙමත් ඇවිදින්
අමාවක අහසේ...
අකීකරු
කෙහෙරැළි කවටකම්
තාරකා නෙතු
මුතු සිනාකැන්
ආයෙමත් ඇවිදින්
අමාවක අහසේ...
පතිනිවත
එතෙර ගිය මහිමි සද
නුඹේ දහදිය කදුළු
පස් ගොඩේ වළලලා
අපේ ගේ හැදෙනවා
නුඹ නැතත් නුඹ වගේ
මට දැනෙන එක්කෙනෙක්
දුම්රියේ බස් රියේ
මගෙ තනිය මකනවා
සත්තමයි හිමියනේ
ආයෙමත් එනදාක
එයාගෙන් සමු අරන්
පතිනිවත රකිනවා
Subscribe to:
Posts (Atom)