Saturday, September 23, 2017

සාඩම්භර ඉදුල් කෑම

සරාගී නිළිය ලග
විකුම් රග කළ
නිශ්පාදක තැන
කැමරාකරුට බැනවැදි අපූරුව..
කැමරාකරු හිතින් හිනැහුනු රග
"ඕකත් මන් ගහපු එකක්"!!!

අසම්මත මව් පෙම

හයක් හතරක් නොදත් අම්මා
පොඩි එකා පන්තියට දැම්මා
වැලි කෙළිය දැන් ඉතින් සුම්මා
ගෙදර බුදුනගෙ පැතුම් නිම්මා

උදේ හතරට නැගිට අම්මා
පුතුට ඇදුමක් පහට දැම්මා
පාසලේ කවි කියා සම්මා
දෙකට දක්කන ගාල හම්මා

පහට ගෙන පතියෙන් අම්මා
පහයි තිහෙ පන්තියට දැම්මා
හදිස්සියෙ යන ගමනෙ අම්මා
බනිස් ගෙඩියක් කටට දැම්මා

අටට පුතු ගෙන පුතුගෙ අම්මා
ගෙදර දුවවිත් දිගැති පිම්මා
ඔලුව අතගා පුතුට බුම්මා
පොත් තටාකෙට පුතුව දැම්මා
පුතු ගිළුණා ...

Saturday, July 1, 2017

සුපින්වත් මැණිකේ

සුපින්වත් මැණිකේ
උඹ වටේ බලු රැළක් කැරකේ
පතිනිවත හනිකේ
ඔතා පලයන් පදුරෙ වැටකේ !!!

Saturday, April 1, 2017

නිදහසට කරුණු...

හිමාලය දුර නිසා
කටු පඳුරු වැඩි නිසා
තපස කැප නැති නිසා
පසු බසිමි ඉකිගසා

Sunday, January 8, 2017

චින්තනය

රැඩිකල් පසුම්බිය
හරිගණන්
හිඟන්නෝ උඹ ගාව
ගඳ හින්දා
වෙන්න ඇති

සෙවූ මා දා

ලතාවක් නැති කථාවක් මැද
නිමාවක් නැති දයාවක්
සොයා ආ දා 
සෙවූ මා දා
රටාවක් නැති 
නිමාවක් !!!

සබඳ

කටු මැටි පැළ 
ගතු කිව්වා
නිදි යහනේ 
තෙහෙට්ටුවට 
පෑල දොරත්
සාක්කි වග !!!