ලතා මඩුළු ගැන මම යළි කතා නොකර ඉන්නම්
සරසවියට නුඹත් එක්ක අද ඇවිදින් යන්නම්
හිත හදාන මට හිටියැකි හෙට මම අමතකනම්
ගල් කොරියට උකස් කරපු කරගැට හරි ඝනකම්
Tuesday, July 10, 2018
දෙස් දෙවොල්...
විමානයෙන් බැස එන්නට
දේව යාතිකා මදිවට
වැරෙන් වීරියෙන් පොළොවට
තලන කවි කතා හුට පට
පතා මිණි මෙවුල් අභරණ
වතාවත් තබා විවරණ
සිතා තැටි ඔතා පුරවන
සතා හිත හිතා සැනැහෙන
පොල් ගසා නමින් අදහන
දෙස් දෙවොල් මුවින් මුමුණන
පස්වහන් දහක් බුදුවන
බස් කෙසේ විදිම් අවසන
දේව යාතිකා මදිවට
වැරෙන් වීරියෙන් පොළොවට
තලන කවි කතා හුට පට
පතා මිණි මෙවුල් අභරණ
වතාවත් තබා විවරණ
සිතා තැටි ඔතා පුරවන
සතා හිත හිතා සැනැහෙන
පොල් ගසා නමින් අදහන
දෙස් දෙවොල් මුවින් මුමුණන
පස්වහන් දහක් බුදුවන
බස් කෙසේ විදිම් අවසන
මුම්ටාස්
ආග්‍රාවම මුම්ටාස් උඹ නමින් අද හැඩුවා
මගේ ආදර හිලව්වට මම ටජ් මහල හැදුවා
උබේ නන්ගිට අද හවස මම මගේ දුක කිව්වා
ගෙදර නොගිහින් මගේ තනියට ඉන්නවා කිව්වා
කිරිගරුඩ මාළිගේ බල බල උන් කදුළු බිව්වා
මටත් පුදුමයි අපේ ගැන උන් කවි පවා ලිව්වා
උන්ගෙ කවිවල අපේ ගැන වචනයක් මම හෙව්වා
පට්ටපල් බොරු ලියලා මුන් නන්ගිටත් මම කිව්වා
උබේ සොහොනට කිරිගරුඩ කැට හොද හැඩට තිබුණා
නිල් මැණික් අතරින් පතර හරි ලස්සනට පෙනුණා
අපේ ආදර කතාවට මල් මාල වැහි වැටුණා
උන්ට හොදනම් මටත් මොකටද කියලා මට හිතුණා
මගේ ආදර හිලව්වට මම ටජ් මහල හැදුවා
උබේ නන්ගිට අද හවස මම මගේ දුක කිව්වා
ගෙදර නොගිහින් මගේ තනියට ඉන්නවා කිව්වා
කිරිගරුඩ මාළිගේ බල බල උන් කදුළු බිව්වා
මටත් පුදුමයි අපේ ගැන උන් කවි පවා ලිව්වා
උන්ගෙ කවිවල අපේ ගැන වචනයක් මම හෙව්වා
පට්ටපල් බොරු ලියලා මුන් නන්ගිටත් මම කිව්වා
උබේ සොහොනට කිරිගරුඩ කැට හොද හැඩට තිබුණා
නිල් මැණික් අතරින් පතර හරි ලස්සනට පෙනුණා
අපේ ආදර කතාවට මල් මාල වැහි වැටුණා
උන්ට හොදනම් මටත් මොකටද කියලා මට හිතුණා
දස්කොන්
සෙල්ලම් නිරිඳු සැතපෙන සිරි යහන මත
වැතිර සිටින යුරු දුටුවෙමි නුඹේ වත
යන එන ගමන සැනැහූයෙමි නිබඳ ගත
නොයෙන ගමන වාවනු කෙලෙසකද හිත
සුසිනිදු සිනිදු සළුවෙන් නුඹ වසා සිටී
තුසිතය කෙමෙන් මා අභියස මැවුණු හැටී
අප මහ නිරිඳු රජ තෙජසින් බලන් සිටී
තුසිත පුරම දැල්වූයෙමි පහන් වැටී
දස්කොන් මමයි සක්මන් මළුවෙදි දුටුව
ඉක්මන් ගමන් යන්නට නුඹ සිදු කෙරුව
යදමින් බැඳන් මා එන මග පසු කෙරුව
මළුවත් කදුළු හෙලුවා වාවනු බැරුව
මා යන ගමන නුඹ හට දැණුනද දේවී
සදළු තලේ හිද හැඩුවද රෑ බෝ වී
දස්කොන් හඳක් හෙට හවසත් පායාවී
සළු පිළි ඔතන් මළුවට වැඩපන් පේවී
වැතිර සිටින යුරු දුටුවෙමි නුඹේ වත
යන එන ගමන සැනැහූයෙමි නිබඳ ගත
නොයෙන ගමන වාවනු කෙලෙසකද හිත
සුසිනිදු සිනිදු සළුවෙන් නුඹ වසා සිටී
තුසිතය කෙමෙන් මා අභියස මැවුණු හැටී
අප මහ නිරිඳු රජ තෙජසින් බලන් සිටී
තුසිත පුරම දැල්වූයෙමි පහන් වැටී
දස්කොන් මමයි සක්මන් මළුවෙදි දුටුව
ඉක්මන් ගමන් යන්නට නුඹ සිදු කෙරුව
යදමින් බැඳන් මා එන මග පසු කෙරුව
මළුවත් කදුළු හෙලුවා වාවනු බැරුව
මා යන ගමන නුඹ හට දැණුනද දේවී
සදළු තලේ හිද හැඩුවද රෑ බෝ වී
දස්කොන් හඳක් හෙට හවසත් පායාවී
සළු පිළි ඔතන් මළුවට වැඩපන් පේවී
Saturday, June 9, 2018
සබඳ කාශ්‍යප
සබඳ කාශ්‍යප ඇගේ ලැම හස හෙමින් පිරිමැදපන්
රනින් කල අබරණින් හැඩ කර ඇගේ හැඩ බලපන්
නුඹේ සුසිනිදු සිරියහන් ගැබ ඇයට හුරු කරපන්
ඉඩක් ලැබුණොත් මාව මතකද කියලවත් අහපන්
ඊයෙ හවසත් අම්බලම ලග අපිට ඉඩ ලැබුණා
අද උදේ නුඹ එක්ක ගිය වග දැනගන්න ලැබුණා
වාසලේ දොර කඩන් එන්නද කියලා මට හිතුනා
ඒත් මොකටද රාජ තේජස ඈ ලගත් දැනුණා
රනින් කල අබරණින් හැඩ කර ඇගේ හැඩ බලපන්
නුඹේ සුසිනිදු සිරියහන් ගැබ ඇයට හුරු කරපන්
ඉඩක් ලැබුණොත් මාව මතකද කියලවත් අහපන්
ඊයෙ හවසත් අම්බලම ලග අපිට ඉඩ ලැබුණා
අද උදේ නුඹ එක්ක ගිය වග දැනගන්න ලැබුණා
වාසලේ දොර කඩන් එන්නද කියලා මට හිතුනා
ඒත් මොකටද රාජ තේජස ඈ ලගත් දැනුණා
Friday, May 25, 2018
Sunday, May 6, 2018
හඳ හාමී
පුන්චි නංගි ඇවිදිනකොට පාර කියන්න
හඳ හාමී අපේ ගෙදර මිදුලට එන්න
මල්ලි එක්ක තරු කැට එක එක අහුලන්න
හඳ හාමී කන්ද උඩින් එබිල බලන්න
හඳ හා පැංචෝ සෙල්ලම් ගෙදරට එන්න
එහෙට මෙහෙට පැන පැන උඳුපියලිය කන්න
පුළුං බෝලෙ වගේ පෙරලි පෙරලි නටන්න
හඳ හාවගෙ කතන්දරේ කියලා දෙන්න
හඳ හාමී කිරියි පැණියි අරගෙන එන්න
සෙල්ලම් ඉස්කෝලෙ ඉදන් අකුරු කරන්න
බුදු සාධුට හෙට උදේට පූජා කරන්න
හඳ එළියෙන් සේපාලිකා මල් නාවන්න
හඳ හාමී අපේ ගෙදර මිදුලට එන්න
මල්ලි එක්ක තරු කැට එක එක අහුලන්න
හඳ හාමී කන්ද උඩින් එබිල බලන්න
හඳ හා පැංචෝ සෙල්ලම් ගෙදරට එන්න
එහෙට මෙහෙට පැන පැන උඳුපියලිය කන්න
පුළුං බෝලෙ වගේ පෙරලි පෙරලි නටන්න
හඳ හාවගෙ කතන්දරේ කියලා දෙන්න
හඳ හාමී කිරියි පැණියි අරගෙන එන්න
සෙල්ලම් ඉස්කෝලෙ ඉදන් අකුරු කරන්න
බුදු සාධුට හෙට උදේට පූජා කරන්න
හඳ එළියෙන් සේපාලිකා මල් නාවන්න
Subscribe to:
Posts (Atom)