Friday, December 20, 2019
වීණා !!!
සුසර කළ පසු වැයෙන
වීණා
නොපවසනු ඇත සුසර කළ
තතු
වයන උන්නම් අහන්නැතුවැති
බිලිඳු ඇකයෙන් වැටෙනමුත්
ගතු
නැද්ද එතනො ?
"නෙරිය අතින් අල්ලගෙන කිමද නගෝ
දෙතන අතින් අල්ලාගෙන කිමද නගෝ
හිමි නැති මග නුඹ තනියම කිමද නගෝ
අම්බලමේවත් නැවතී යමුද නගෝ"
මේ කියන අසම්මත ආරාධනාව ශිශ්ඨසම්පන්න හික්මුන ආරධානවක් යයි හන්වඩු ගසා එයට ලැබෙන පිළිතුර සන්වර ලදකගේ සුන්දර ප්‍රතික්ශේප කිරීමක් ලෙස වමාරන තැන් එමටයි.
"නෙරිය අතින් ගෙන මඩ ගෑවෙන හින්දා
දෙතන අතින් ගෙන බිලිදුගෙ කිරි හින්දා
බාල මස්සිනා පස්සෙන් එන හින්දා
යන්නම් අයියණ්ඩි ගම රට දුර හින්දා "
තමයි ඒ ලස්සන සන්වර යයි කියන පිළිතුර.මෙතනින් පටන්ගෙන මහා බුද්ධිමතුන් ,උගතුන් පඩිවරුන් ආරම්භ කරන්නේ වර්තමාන සමාජයට අපහාසත්මක වචන විසිකරන්න. ඇත්තටම එදාට වඩා අද නරකද? කකියන ප්‍රශ්ණයක් තියෙනවා.
හරි උත්තරේ හම්බෙන එකක් නෑ.හැබැයි කල්පනා කරන්න ගත්තා. එතකොටම ඉබ්බා දියට දැම්මම වෙච්ච එක වගේ එකින් එක පැටලෙන්න ගත්තා.
"එදා වගේද අද, අද ෆෝන් බෑයෙන් මැසේජ් එකක් දැම්මා, හෙට හෝටලෙකට ගිහින් බුදියගත්තා. ඕක තමා අද උන්ගෙ ආදරේ.ඒත් ඉස්සර එහෙම නෑ ......"
රැඩිකල් මහත්තයෙක් එහෙම කියනවා මට ඇහුනා.
එතකොට එදා හොදයිමද?
හද්දා පිටිසරක නොවුනත් අදටත් සරමට යටින් "අන්ඩර් වෙයාර් " එකක් වෙනුවට අමුඩ ලේන්සුවෙ පහස විදින පියදාසලා, රන්බණ්ඩලා, උක්කුහාමිලා එක්ක ඇතිපදම් අතීතාවර්ජනාවලට අවස්ථාව ලැබිලා තියෙනවා.
"මේ අමුඩ ලේන්සුව ගලවපු නැති උන්දැලා මේ ගං හතේ හොයන්ඩ නෑ බොල කොල්ලෝ තොට. ගිහින් අහපිය එහා ගෙදර .... ගෙන්"
බොන්ඩ තියෙන අරක්කු සේරම බීලා ගහන්ඩ තියෙන සූස්ති සේරම ගහලා චූ පෙරාගෙන පච්ච කොටන හුජ්ජ කොල්ලො වගේ ඇණයක් රත් කරලා අම්මා බුදු වේවා කියලා පපුවෙ කොටාගත්ත එවුන් බොරු කියන්නෙ නෑ කියලා මට විස්වාසයි.
එහෙම නැත්තන් පින්කම් ගෙදර ගිහින් එන එතනා ආච්චිගෙන් උන්දෑ
"නැද්ද එතනො ? "
කියලා අහද්දි එතනා ආච්චිගෙ මූණ රතු වෙලා
" පලයං බං අයියේ යන්ඩ"
කිව්වෙ අහවල් එකටද.
රාමා සීතා ආදර කථාවට ආවඩන හැමවෙලාවකම මට හිතෙනවා ලස්සනම ආදර කථාව රාවණා සීතා වෙන්න බැරිද කියලා.මොකද රාමගෙ ආදරේ එච්චරම රමණීයනම් රාවණා ලග ඉදන් බේරගෙන නෙමෙයි අරගෙන ගියාම ගින්දරට පැනලා ඔප්පු කරපන් කියන්නෙ මොනවද කියලා හිතෙනවා. රාවණා නියම පිරිමියෙක් නොවන්නට හේතු කිසිම කියවීමක නැති හින්දා ඈත ඉදන් සීතා ගැන ආදර හීන මවලා එතැනින් නවතින්න ඇති. පරිස්සමට පලයන් කියලා හිත හදාගත්ත ආදර කථාවක් රාවණා එක්ක මැරිලා යන්න ඇති. සමහරවිට සීතට ඒක දැනෙන්නත් ඇති. ඔය කියන ආදර කතන්දරේට නොදෙවෙනිව තමන්ගෙ වයලීන් පන්තියට ආව පොඩි කෙල්ල ගැන ඇතිවෙන අසීමිත ආදරය වෙනුවෙන් ඉකිගසමින් තැවෙන ආදරවන්තයෙක්ගෙ අදහස් එක්ක
"මමයි නුඹේ වියපත් බඹරා"
කියලා ලියවෙනකොට වර්තමානය ඇතුලෙ අතීතයට ප්‍රතිලෝමයක් ඇත්තටම කොහෙන්ද ?
එක බත් එක බෙදාගෙන කාපු ආදරවන්තියට
"හන්තානට පායන හද ලස්සනයිද බලන්න
ලතාමඩුළු අත වනද්දි එපා අහක බලන්න "
කියලා කැපකරන වර්තමානයට බැන බැන සෙල්ලම් රජාගෙ අගමෙහෙසිය වෙච්ච ප්‍රමිලා එක්ක දස්කොන් අධිකාරම පටන් ගත්ත අසම්මත ඇසුරකට ආවඩන එක ? ගැටළුවක් !
ගම්පෙරලිය කියවන්න වෙලාවක් නොදී එහා ගෙදර එකාට වඩා එක ලකුණක් හරි වැඩියෙන් ගනින් කියලා ඉපදුන දවසෙ ඉදන් ලේ වලට කා වද්දලා කැමතිද නන්ගි අහපුවම අම්මගෙන් අහලා කියන්නම් කියන දුවක් බලාපොරොත්තු වෙන එකෙයි වැරැද්ද තියෙන්නෙ කියලා නිකමට හිතෙනවා.
ඔච්චර ඔය කියන තරම් සාජහන්ගෙ හිත ආදරණීයනන්, මුම්ටාස්ට දුන්න ආදරේ මේ කියන තරම් බොකු බඩවැල් ඉරාගෙන යන්න අමරණීයනම් හදපු සොහොනෙ නිර්මාණකරුගෙ ඇස් අන්ද කරලා දාන්න තරම් හිතක් පහළ උනේ කොහෙන්ද කියන ප්‍රශ්නෙ එක්කම මුම්ටාස්ගෙ නන්ගි පහුවදා ඉදන් සාජහන්ගෙ බිසව වෙන්නෙ කොහොමද කියන දෙවනි ප්‍රශ්ණාර්තෙත් කුරුටුගාන්නම වෙනවා.
එදා කුඹුරක් හානකොට, කරත්තෙක යනකොට, ගොයම් ටික කපනකොට කියවුන පද ටික ජනකවි කියලා අද කන බොන ගමන් කියවෙන පද ටික වල් පල් කියන මහලොකු රැඩිකල් විචාරය අසික්කිතයි.උන්ට අත්වැල් අල්ලන උන් හොදයි අඩහැරයක් කියාගෙන යන්න නගුලට බැදගන්න. මොකද එදත් ලියවුනේ කියවුනේ අද වගේමයි.හොද නරක දෙකමයි.හොද ටික අගය කරගෙන ඵලක් නැති ටික හේදුනා කියලා හිතෙනවා.
ඒකයි
"තොල් පෙති දෙක රතු මිරිස් ය
පියයුරු දෙක ටී බනිස් ය
රූපෙන් අන්තිම උසස් ය
ඈ ටයිටස්ගේ මිසිස් ය "
කියලා ගුවන් විදුලියේදි ලියවුනාට තැන තැන කියවුනේ නැත්තෙ.
Saturday, November 9, 2019
ඈත කඳුකර හිමව් අරණේ
මුද්‍රා නාට්‍යක ඇතුලත් වෙන නිතර දෙවේලේ හමුවන ස්ත්‍රී වර්ණනාව පරයන පුරුෂ වර්ණනාවකට සේකර අමුණපු වචන ටික ඔහේ අහගෙන ඉන්නකොට එකින් එක රූප රාමු එකතු වෙලා ලස්සන කතාවක පහස ඉබේම දැණුන හැටි අපූරුයි.
ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ
සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ලදැළියන්ගේ සීන අතරේ
මැවෙයි ඒ රූපේ
රනින් කල වන් පුළුල් උරයෙන්
හසුන් ළමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරා ගී නිල් නුවන් බඳුනින්
නුරා ඉතිරෙන්නේ
එහෙ මෙහෙ අත පත ගානකොට නල දමයන්ති ආදර කථාවට හිත අස්සේ පින්තූර එකතු වෙනවා ඉබේම වගේ. කථාව ගලාගෙන යන විදිය අපූරු හින්දාම පොඩ්ඩක් එහෙ මෙහෙ අතගාලා බලන්න හිතෙනවා. නල කුමාරයා මැදුරෙ ඉන්නකොට හන්සයො ටිකක් මැදුර ඉස්සරහා තියෙන පොකුණෙ ඉන්නව දකිනවා.හන්ස දඩයමට සැරසෙන නල කුමාරයාට පේනවා එක් විශේෂ හන්සයෙක්. දඩයමට කුරුමාණම් කරනකොට මේ හන්සයා අභය දානය ඉල්ලගෙන අපූරු යෝජනාවක් කරනවා. ඒ අභය දානයේ හිලව්වට දමයන්ති කුමාරියගේ ආදරය හිමිකර දෙන්න. ඔව්. හන්ස දඩයමට එහා රති කෙලියක හීන දකින්න නල කුමාරයාගේ අකමැත්තක් ඇති වෙන්න හේතුවක් යෙදෙන්නේ නැති තැන හන්සයා ආපහු ගමන් අරඹනවා.දමයන්ති කුමරිය හමුවෙන හන්සයා තමන්ගේ යුතුකම ඉටු කරන අටියෙන් කපුකමේ වචන හරබය පටන් ගන්නවා මේ විදියට. නල කුමාරයා මුණ ගැහුණේ ගව් ගානක දුර ඈතකදි. මේ හන්සයා විස්තරය පටන් ගන්න තැන ඉදන්ම දමයන්ති කුමරිය
නල කුමාරයාට වසඟ කරගන්නට හරි අපුරුවට වචන ගලපනවා. මෙතනදි ලපලු කියන්නේ ඇත්තටම නොඉදුල් කුමාරියො නේද කියලත් හිතෙනවා.
ගම් නගර සිසාරා නල කුමාරයා සමග ආදරයෙන් බැදෙන්න කුමාරිකාවන් උන්මාදයෙන් මෙන් පොර කන එක හරි අපූරුවට මේ විදියට එක හුස්මට කියලා දානවා
"ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ "
සුන්දර කඳුකරයේ නාඹර කුමරියන් හැම කෙනෙක් මුව ගැවසෙන්නෙ ඔහුගේ නාමයයි කියන එක දමයන්ති කුමාරියගෙ හිතට කාවද්දන්න හරි අපූරුවට පරිසරය එක්ක ගලපගෙන සේකරගෙ වචන වලින් හන්සයා දරන උත්සහාය සාර්ථක නොවෙන්න හේතුවක් නෑ . සඳැල්ලේ මිණි තලාවේ තාරකා පිපෙන එක අහසේ තරු පායන සුන්දර හවස් යාමය නිරූපණයට සේකරගෙ සුවහසක් උපමාවන්ගේ අංශු මාත්‍රයක් විදියට නිකමට දැණෙන එක වරදක් නෙමෙයි. සමහරවිට මේ නල කුමාරයා සඳළු තලේ සක්මන් කරන වෙලාව ගැන අදහසක් දනවන්නක් වෙන්නත් පුළුවන්.
ඒ කොහොම වුණත් හන්සයාගේ උත්සහාය සාර්ථක වෙන්නේ දමයන්ති කුමරියගේ හිතේ අනිත් කුමාරිකාවන්ට අයිති වෙන්න නොදී නල කුමාරයාව
අයිතිකරගන්න අදහස පැළ වෙන එකෙන් කියන එක හන්සයා නොදන්නවා නෙමෙයි.ඒ හින්දා වෙන්න ඇති අන්තිමටම කියන්නේ
"ලදැළියන්ගේ සීන අතරේ
මැවෙයි ඒ රූපේ"
කියලා. මේ කියන්නේ දමයන්ති කුමරියට යෝජනා කරන නල කුමාරයා වෙනුවෙන් ලදැලියන් එහෙමත් නැත්තන් ලමිස්සියන් දහස් ගණනකගේ හීන මේ සුන්දර හැන්දෑ යාමයේ වෙන් වෙලා කියලා. මේ උත්සහාය කුමරියගෙ හිතේ ඉරිසියාවක් තන්හාවක් උපද්දන එක නේද කියලා නිකමට හිතෙනකොටම හන්සයා කුමාරයාගේ රූප සොබාව වර්ණනා කරන්න පටන් ගන්නවා. ඔව්.මට හිතුණ දේ හරි. සේකරගේ උත්සාහය ඒකම තමා.
"සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ලදැළියන්ගේ සීන අතරේ
මැවෙයි ඒ රූපේ "
නල කුමාරයාට තුරුල් වෙන ආදරවන්තියගේ පියයුරු මුසපත් කරන්න සමත් රත්තරනින් නිමැවුණා වගේ පුළුල් උරතලයක හිමිකාරයෙක් කියලා සේකර ලියන්නේ හන්සයාගේ උත්සහයට උපරිම සාධාරණය කරන අදිටනින් වෙන්න ඇති.
"රනින් කල වන් පුළුල් උරයෙන්
හසුන් ළමැදේ මුස කරන්නේ "
හදවතේ උපදින ආදරේ සද සිහිලකට එහා ගිය සුවයක් නල කුමාරයාගේ ආදර වන්තියට ලබාදෙයි කියන විස්වාසය ඇතිකරන්නේ
"හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ " කියලා.
නව යොවුන් විය එක්ක ඇතිවෙන හැගීම් වලට ආදරේ පිණි බින්දු වැටෙනකොට එතන නුරාවක පහස නැති වෙන්න විදියක් නෑ. නාඹර යොවුන් හිතක ඒ යතාර්ථයට ආමන්ත්‍රණය කරන්න
"සරා ගී නිල් නුවන් බඳුනින්
නුරා ඉතිරෙන්නේ"
කියන වචන ටික ඇරෙන්න මොනවනම් කියන්නද. සියල්ලෙන් සම්පූරණ මේ කුමාරයට වහ වැටිලා තියෙන වෙලාවක දමයන්ති කුමරියට නල කුමාරයාගේ නිල් දෙනුවන් වලින් වෑහෙන නුරාව ගැන ඉගියක් දුන්නම එයින් මුසපත් නොවෙන්න හේතුවක් තව කොහෙන් හොයන්නද කියලා සේකරට හිතෙන්න ඇති. හන්සයා එහෙමම කියන්න ඇති. සුන්දර වචන වියමනකට නොදෙවෙනි සංගීතයක් සහ ගායනයක්.

Sunday, September 29, 2019
බැරි වුණු දීගේ වාහේ ඇවිදිනුත් ගියා !!!
විස්තර අහනකොට රාළේ ගං පැත්තේ
මටත් හොරෙන් මම පිළ උඩ ඉදගත්තේ
තලන්නට මලක් දී අවසර ගත්තේ
මතකද රාළේ හවහක වැව් ඉස්මත්තේ
උඹෙ බටලී ගී ඇහුවේ මම නේද
ඈතින් ඇහෙන බටලී හඩ පුරුදුයිද
රැවුලට වැහුන මූණේ හැඩ මතකයිද
හැරිලා බලාපන් ලේ ටික කකියයිද
කඩමණ්ඩියෙන් දැන් වාහේ ඇදේවී
උන්දැත් වාසෙ දේසේ ගැන අහාවී
ලොකු කොල්ලගේ හැඩහුරුකම දැනේවී
පලයන් මැණික මගෙ දීගෙත් කැඩේවී
මල ඉලව්ව !!!
අරුන්දගෙ හීන ටික අරන් යන නිනව්වේ
උබේ ගුණ වරුනමයි උන්දනම් කියෙව්වේ
දිය රෙද්ද කඩනකොට දිය නාන ඉසව්වේ
මතකයිද ලැජ්ජාව තිබුණ හත්තිලව්වේ
නූල් පොටක් ගෑවුණ තැන් කොහෙද ඇගේ
හොයලා කියාපන් වැහුණොත් නේද අගේ
සිදාදියෙදි මගෙ මැණිකෙට වෙච්ච රගේ
අමුඩෙත් දිගයි උබෙ ගවුමට වඩා මගේ
මොණරු ඇවිත් උඹ ලග රග දෙන හින්දා
උන්දගෙ මරණෙටත් උඹ අද නැති හින්දා
ඉලව්ගෙදර කටයුතු අහවර හින්දා
ඒකිත් හොදයි මම උඹෙ නංගිව බැන්දා...
Tuesday, July 2, 2019
පාළු කරට නුඹෙ ඇස නොගැටෙන්නයි වීදුරු කැඩපත බිම දැම්මේ
පිපුණු මලේ රුව එමල දනීදෝ
මලකි දුවේ නුඹ හැඩ රුව බලන්නෙපා
නැති බැරි කම මුතු මාල හතක් වී
කඩුල්ල පැන එයි නුඹ අත කර ලන දා
කටු මැටි බිත්තියෙ හැඩ කර අඳිනා
රූ සෙවණැල්ලෙන් හිස පීරන්නේ
නොතලන් මා සිත ආදර දියණියනේ
පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ
ළිදේ අඩිය හිරු නොබලන පින්නේ
එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ
නොතලන් මාසිත ආදර දියණියනේ
පාළු කරට නුඹෙ ඇස නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ
නන්දා මාලනිය ගායනා කරන ලූශන් බුලත්සින්හල අතින් ලියැවුණ මේ සින්දුව ඇහෙනකොට හිතේ මැවෙන දේ නිකමට ලියාගෙන යන්න හිතුණා. ඇත්තටම පිපුණු මලක රුව එමල දකිනවද කියන ප්‍රශ්නාර්ථයක් එක්ක වචනෙන් වචනෙ අහගෙන ඉන්නකොට හිතේ මැවුනෙ පාළු කටුමැටි පැල් කොටයක දිරාපු ජනේලෙකින් එලිය බලාගෙන ඉන්න ලස්සන පොඩි කෙල්ලෙක්. දුවගෙ හිතක් කියවන්න හොඳම හැකියාව තියෙන්නේ ඒකිගෙ අම්මට මිසක් වෙන කාටද. සින්දුවේ දෙවනි පද පෙළ පටන් ගද්දිම ජනේලෙට පොඩ්ඩක් එහායින් ඉඳගෙන කඩමල්ලක් ඇඳගෙන සුර ලෝකෙක හීන දකින තමන්ගෙ පොඩි එකී දිහා බලාගෙන ඉන්න වැහැරිලා ගිය අම්මා කෙනෙක් මට පේනවා.
මෙතනදි මට මුණගැහෙන සුන්දරම ආඩපාලිය මට ඇහෙනවා මෙන්න මෙහෙම.
"නැති බැරිකම මුතුමාල හතක් වී
කඩුල්ල පැන එයි නුඹ අත කරලන දා"
මාල හතක් දාලා හත්දවසක් මගුල් කන්න හීන දැක්කට මගුල් දවස ඉවර වෙනකල් කරේ එල්ලෙන මාල හත වෙනුවට මගෙ එකීට උරුම වෙන්නෙ නැති බැරිකම එක්ක ගුලි වෙලා ගලන කඳුළු කැට ටික නේද. මේ ගැන දන්න හින්දා උඹට කියන්නම් දුවේ මලක් වගේ ඉඳපන් කැඩපතක් හොයාගෙන හැඩබලන්න යන්නෙ නැතිව.මොකද උඹේ හැඩ උඹ කොච්චර බැලුවත් උඹේ කරට මාල හතක් වැටෙන්නේ නෑ.
"කටු මැටි බිත්තියෙ හැඩ කර අඳිනා
රූ සෙවණැල්ලෙන් හිස පීරන්නේ
නොතලන් මා සිත ආදර දියණියනේ
පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ"
ගෙදර තිබුණ එකම වීදුරු කණ්ණාඩියත් කඩලා විසිකරලා දැම්මට පස්සෙ උඹ කටු මැටි බිත්තියේ හෙවණැල්ලෙන් ඇදලා දුන්න රූපේ බලාගෙන දණක් දිගට වැවිච්ච කොණ්ඩේ පීරගත්තට පිළිවෙලක් නැති කටුමැටි බිත්තියත් උඹට ඔච්චමක් කරනවා මිසක් උඹට අත්වැල් දෙනවා නෙමෙයි ඔය, උබට නොතේරුණාට.ඔය හරුපෙ දන්න හින්දා තමයි උඹව කළ හතකින් නාවලා ගෙට ගත්ත දවසෙ අළුත් රෙද්දක් ගන්න සොච්චමක් නැති කොට කහ ගැහිච්ච සිල් රෙද්දෙන් වහගෙන ඇවිත් උඹේ මූණ පෙන්නපු විගහට ගේ හරියටම තිබුණ කණ්ණාඩි කෑල්ලත් කඩලා විසිකරලා දැම්මේ.
"ළිදේ අඩිය හිරු නොබලන පින්නේ
එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ
නොතලන් මාසිත ආදර දියණියනේ"
ලිඳේ අඩිය හිරු නොබලන පින්නේ කියනකොටම මගෙ හිතේ මැවෙනවා වෙල් යායක අයිනෙ කුඹුක් ගහක් අස්සේ තියෙන ළිඳකට නියරෙ තණ ගොල්ලට වැටිච්ච පිණි ටික වේලෙන්නත් කලින් කොහොල්ලෑ පැලැස්තර පහ හයක් දාපු කළගෙඩියකුත් උකුළේ තියාගෙන ඇවිත් එබි එබී තනියම හිනාවෙන ගැටවර ටිකිරි ලියක්. මට මැවෙන මේ සායම බලන් ඉන්න අම්මගෙ පපුව පුච්චපු තරම
"නොතලන් මා සිත ආදර දියණියනේ"
කියලා අම්මා පිට කරලා දානව. සමහරවිට ගෙදර කටු බිත්තියෙන් බලාගෙන කොණ්ඩෙ පීරනකොට අම්මට දුක හිතෙන හින්දා වෙන්න ඇති හිනාවෙන්න ළිඳට එන්න ඉරක් නැති වුණත් උදෑනැක්කෙම ඇවිත් නිල් කැට වතුර ටිකෙන් ලස්සන බලාගන්න හිතුවෙ, අම්මට නොපෙනෙන්න. රසාතල කලතන ගැටවර හිතක හීන කටුමැටි පැළක කටු බිත්ති වලින් කොහොම කොටු කරන්නද. ඒ හීන උඹට උරුම නැති හින්දයි කර පාළුයි කියලා වහන් කරන්න හැදුවෙ. නැතුව උබේ අම්මට උඹ ගැන හීන නැතුව නෙමෙයි.
"පාළු කරට නුඹෙ ඇස නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ"
කියලා ඉවර වෙද්දි අන්තිමට මට නිකමට හීල්ලුනා....

Tuesday, March 19, 2019
වක්කඩ කැඩුනද මන්දා
පුරන් කුඹුරු අස්වද්දන ගොවියෙකුට
ඇළක් කොටන්නට ගුරුහරුකම් කුමට
සින්නක්කර කුඹුර සරුවට පැහෙනකොට
නගුලේ වරුණ ගැන උපමා කුමට බොට
යන එන ගමන් හරකුත් කනවද මන්දා
නියරයි වැටයි දෙකටම හරියට නින්දා
උදළු තලෙන් මම මුළු නියරම බැන්දා
බලහන් එතනො වක්කඩ කැඩුනද මන්දා
ඇළක් කොටන්නට ගුරුහරුකම් කුමට
සින්නක්කර කුඹුර සරුවට පැහෙනකොට
නගුලේ වරුණ ගැන උපමා කුමට බොට
යන එන ගමන් හරකුත් කනවද මන්දා
නියරයි වැටයි දෙකටම හරියට නින්දා
උදළු තලෙන් මම මුළු නියරම බැන්දා
බලහන් එතනො වක්කඩ කැඩුනද මන්දා
Subscribe to:
Posts (Atom)