මම එන්නම්
නුඹ යහන මත තබා
මගෙ උණුහුමින් නහවන්නම්
නුබේ හීන් හෙඳිරිය
අඩවන්ව දිලිසෙන නෙතු යුග
දෙස බලන්
සුරතින් ළැම පිරිමදින්න හරින්නම්
නිදියහන හැඩි කරමින්
ඒ මේ අත ඇඹරෙමින්
සොයන සුව දෙස බලන් ඉන්නම්
සිහින් දහදිය බිඳු අතර
විසිරුණු කෙහෙරැලින්
පිපුණු හිරිගඬු නිනව් නොකරම
නෙතුපියන් යුග පියන අවසර
මුනිවතට හිස නමන්නම් !!!
--!!-- මම උණ --!!--
--!! හෙට ගිහින් බෙහෙත් ගනින් --!!--
Wednesday, December 23, 2015
වල්මත්ව
හිත හිතා
විසුණු කළ!!!
ගැරහුම
විසුණු වුණු නුඹටම
නුඹ
අහින්සක
කන්‍යාපටලය !!!
හිත හිතා
විසුණු කළ!!!
ගැරහුම
විසුණු වුණු නුඹටම
නුඹ
අහින්සක
කන්‍යාපටලය !!!
Friday, November 20, 2015
මනුසත් මග කියනු මැනවි
මිහින්‍තලා කඳු මුදුනට
නිනව් බලා වඩිනු මැනවි
සිහින් සිනා මද හසකට
සති සමාධි හොවනු මැනවි
හුරු නුපුරුදු තිසරණයට
දම්‍සක හඬ නගනු මැනවි
නිවන් මගට නැතත් අපට
මනුසත් මග කියනු මැනවි !!!
Sunday, August 30, 2015
නුපුරුදු බෝ මැඬ සුපුරුදු වූ දා !!!
බෝ මැඩ නුහුරුද මංදා
මොලකැටි පුතු ඉකිබින්ඳා
ගව් ගනණක් හිත රන්දා
සිව්රු දරා සුව වින්දා
අම්මට මතකද මංදා
දවසක මම හිත බින්ඳා
අමතක සෙනෙහස හින්දා
සම්බුදු හිමි මම වැන්දා
කෙළිලොල් කම් වැඩි හින්දා
ගැරහුම් පෙර මම වින්දා
තැවුනු දැවුනු හිත බන්දා
බෝ මළුවට පෙම් බැන්දා
දොරටු තුනක් වැට බැන්දා
නිවනට දුර වැඩි හින්දා
ඇරඹුම ලග නුඹ ඉන්දා
සිල්පද එකිනෙක වින්දා...
Thursday, July 2, 2015
රස මත....
සුසර කර හර බරිත තත් සර
නිසග සර සුවහසක සරි කර
නොරස හැර රස මනස මනහර
වහර හර මත් බමන සුර නර
නිසග සර සුවහසක සරි කර
නොරස හැර රස මනස මනහර
වහර හර මත් බමන සුර නර
Friday, May 22, 2015
තරගය...
තුරග කුර හඬ කාසි මළු සොලවා
මල්‍ලකින් ගෙන මල්‍ලකට දැමුවා
සුසුම් සැනසුම් එකට පොදි කරවා
දෙදෙන මැද හිඳ එක් අයෙක් දිනුවා...
මල්‍ලකින් ගෙන මල්‍ලකට දැමුවා
සුසුම් සැනසුම් එකට පොදි කරවා
දෙදෙන මැද හිඳ එක් අයෙක් දිනුවා...
Thursday, May 21, 2015
..............
තැනින් තැන
නොදමා
බිඳෙන් බිඳ
තනාගත්
හිත දිරිය සරණයි!
තනාගත්
හිත දිරිය සරණයි!
සදාකල් සෙවනයි!
Subscribe to:
Posts (Atom)