Tuesday, April 26, 2016

පර්ස් එකයි, පිට කොටුවයි, පුර අගනයි !!!

රු‍ව‍න්‍ මි‍ණි‍ වි‍ල්‍ ප‍තු‍ල්‍ ම‍ත‍ ව‍ග‍
නු‍ව‍න්‍ ගැ‍ර‍හු‍ම් කෙ‍ළ‍ක්‍ දු‍ර‍ ම‍ග‍
ස‍ව‍න්‍ ම‍නම‍ත්‍ වැ‍නු‍ම්‍ ක‍ල‍ ර‍ග‍
සු‍ර‍න්‍ අ‍භි‍ම‍න්‍ හ‍ස‍ක්‍ මු‍ව‍    ල‍ග‍


සි‍හි‍න්‍ අ‍ග‍ ප‍ස‍ග‍ය‍ට‍ ත‍ද‍ ක‍ල‍
ර‍නි‍න්‍ නො‍ම‍ ක‍ල‍ භ‍ර‍ණ‍ ව‍ට‍ පෙ‍ළ‍
හ‍සු‍න්‍ ර‍ණ‍ ප‍ර‍ය‍මි‍න්‍ මු‍තු‍ කැ‍ල‍
ම‍ගි‍න්‍ ම‍ග‍ ම‍න්‍ ව‍ද‍න්‍ ක‍ල‍ ප‍ළ‍

ද‍ව‍න්‍ ස‍හ‍ස‍ක්‍ ද‍න‍න්‍ ම‍න‍දො‍ල‍
ම‍ව‍න්‍ අ‍ග‍න‍ක්‍ ර‍ති‍න්‍ සු‍ව‍ ක‍ල‍
වි‍ම‍න්‍ ප‍ර‍ය‍ත්‍ ගු‍ල‍ක්‍ අ‍ත‍ හ‍ල‍
ම‍සු‍න්‍ මි‍ය‍ය‍ත්‍ ම‍ති‍න්‍ ර‍ති‍ කෙ‍ල‍


Wednesday, December 23, 2015

උණ...

මම එන්නම්
නුඹ යහන මත තබා
මගෙ උණුහුමින් නහවන්නම්
නුබේ හීන් හෙඳිරිය
අඩවන්ව දිලිසෙන නෙතු යුග
දෙස බලන්
සුරතින් ළැම පිරිමදින්න හරින්නම්
නිදියහන හැඩි කරමින්
ඒ මේ අත ඇඹරෙමින්
සොයන සුව දෙස බලන් ඉන්නම්
සිහින් දහදිය බිඳු අතර
විසිරුණු කෙහෙරැලින්
පිපුණු හිරිගඬු නිනව් නොකරම
නෙතුපියන් යුග පියන අවසර
මුනිවතට හිස නමන්නම් !!!

--!!-- මම උණ --!!--
--!! හෙට ගිහින් බෙහෙත් ගනින් --!!--
වල්මත්ව
හිත හිතා
විසුණු කළ!!!
ගැරහුම
විසුණු වුණු නුඹටම
නුඹ
අහින්සක
කන්‍යාපටලය !!!

Friday, November 20, 2015

ම‍නු‍ස‍ත්‍ ම‍ග‍ කි‍ය‍නු‍ මැ‍න‍වි‍

මි‍හි‍න්‍ත‍ලා‍ ක‍ඳු‍ මු‍දු‍න‍ට නි‍න‍ව්‍ බ‍ලා‍ ව‍ඩි‍නු‍ මැ‍න‍වි‍ සි‍හි‍න්‍ සි‍නා‍ ම‍ද‍ හ‍ස‍ක‍ට ස‍ති‍ ස‍මා‍ධි‍ හො‍ව‍නු‍ මැ‍න‍වි‍ හු‍රු‍ නු‍පු‍රු‍දු‍ ති‍ස‍ර‍ණ‍ය‍ට‍ ද‍ම්‍ස‍ක‍ හ‍ඬ‍ න‍ග‍නු‍ මැ‍න‍වි‍ නි‍ව‍න්‍ ම‍ග‍ට‍ නැ‍ත‍ත්‍ අ‍ප‍ට‍ ම‍නු‍ස‍ත්‍ ම‍ග‍ කි‍ය‍නු‍ මැ‍න‍වි‍ !!!

Sunday, August 30, 2015

නුපුරුදු බෝ මැඬ සුපුරුදු වූ දා !!!

බෝ මැඩ නුහුරුද මංදා
මොලකැටි පුතු ඉකිබින්ඳා
ගව් ගනණක් හිත රන්දා
සිව්රු දරා සුව වින්දා

අම්මට මතකද මංදා
දවසක මම හිත බින්ඳා
අමතක සෙනෙහස හින්දා
සම්බුදු හිමි මම වැන්දා

කෙළිලොල් කම් වැඩි හින්දා
ගැරහුම් පෙර මම වින්දා
තැවුනු දැවුනු හිත බන්දා
බෝ මළුවට පෙම් බැන්දා

දොරටු තුනක් වැට බැන්දා
නිවනට දුර වැඩි හින්දා
ඇරඹුම ලග නුඹ ඉන්දා
සිල්පද එකිනෙක වින්දා...

Thursday, July 2, 2015

රස මත....

සුසර කර හර බරිත තත් සර
නිසග සර සුවහසක සරි කර
නොරස හැර රස මනස මනහර
වහර හර මත් බමන සුර නර

Friday, May 22, 2015

ත‍ර‍ග‍ය‍...

තු‍ර‍ග‍ කු‍ර‍ හ‍ඬ කා‍සි‍ ම‍ළු‍ සො‍ල‍වා‍
ම‍ල්‍ල‍කි‍න්‍ ගෙ‍න‍ ම‍ල්‍ල‍ක‍ට‍ දැ‍මු‍වා‍
සු‍සු‍ම්‍ සැ‍න‍සු‍ම්‍ එ‍ක‍ට‍ පො‍දි‍ ක‍ර‍වා‍
දෙ‍දෙ‍න‍ මැ‍ද‍ හි‍ඳ‍ එ‍ක්‍ අ‍යෙ‍ක්‍ දි‍නු‍වා‍...