අදත් මතකෙට නැගුණේ
එදා සරතැස මුහුණේ
පියාගත් නෙතු ගැටුණේ
සදා නුඹ දුටු සිහිනේ
පුරා පැල්පත හෙවනේ
චිමිනියෙන් නුඹ දැවුණේ
විලාපය නොව මව්නේ
දිරිය නුඹ නොවැ දුන්නේ
Tuesday, November 21, 2017
Friday, October 6, 2017
හරිදාව හරි නපුරුයි !!!
මහත්තයා මේ ඉතුරු සල්ලි... මහත්තයා ... මහත්තයා...
ඉතුරු රුපියල් දෙක වෙනුවෙන් උඹ කැ ගහපු තරමක්. කමක් නෑ .තියාගනින්.දුවගෙන ඇවිත් දුවන්න ගත්ත කෝච්චියට නැගගත්ත එකම මදිද. හ්ම්ම්. සෙනගත් අඩු එකේ ඔන්න ඔහෙ ඉදගෙනම යනවා.
මූණ පේන්නෙ නැති වුණාට මොකද පොඩි එකා මට ගහපු පයින් පාරට ඇස් දෙක ටිකක් හීන් කරලා මගෙන් සමාව ඉල්ලන්න ඇති.
"ඔයා කොහෙද ?"
"කෝච්චියට නැන්ගා"
ඒ ඇති. මම නිදාගත්තා.කොහෙ නිදාගන්නද. මේ පොඩි එකාට දාන්ගලේ. පයින් ගහනවා, ඇගට පනිනව, ඔළුවට අනිනව ඉවරයක් නෑ. ඔන්න ඔහෙ ජනේලෙන් එළිය බලාගෙන යනවා.පොඩි එකාටම ඇති වෙලා නතරකලොත් ටිකක් නිදාගන්නවා.
"මේ මරදාන දුම්රිය ස්ථානයයි. හතරවන වේදිකාවට පැමිණි දුම්රිය කොළඹ කොටුව දක්වා පමණයි"
ඇති යන්තම්. පොඩි එකත් අරන් කළු ලෝගුව පොරවගත්ත ගෑණු කෙනා බැහලා ගිහින්.දන්නෙම නැතුව නින්දත් ගිහින්.
ෆෝන් එක අතට ගත්තෙ කාටවත් කථාකරන්න නෙමෙයි. පුරුද්දට වගේ.
"අවුරුදු ගානකින් ලගට දකින්න ලැබුණෙ.හරිදාවට බැනලා ආයෙත් කවි ලියන්න එපා.එහා පැත්තෙ මහත්තයා ඉදගෙන ඉද්දි ඔයා ලග ඉදගෙන අඩන්න ඉඩ ලැබුණෙ ඒ බැනපු හරිදාව හින්දා. පරිස්සමින් ඉන්න"
ඉන්ගිරිසියෙන් එවලා තිබුණෙ. හ්ම්ම්!!!

Saturday, September 23, 2017
ප්‍රෞඩ ඉතිහාසයක හිමිකරුවන් වන අභිමානණීය සාඩම්බර සිරි ලාංකිකත්වය!!!
අතීතය ලොකු නිසා
පම්පෝරි ගස ගසා
අතීතය පොඩි උන්ගේ
වත්මනේ දණගසා
උන් හදට යන විටත්
නැගිට දණි පණි ගසා
යෝධ ඇළ නමපු හැටි
කියමු අපි ඉකි ගසා ...
පම්පෝරි ගස ගසා
අතීතය පොඩි උන්ගේ
වත්මනේ දණගසා
උන් හදට යන විටත්
නැගිට දණි පණි ගසා
යෝධ ඇළ නමපු හැටි
කියමු අපි ඉකි ගසා ...
කවට කෙළි
හිරු කවට කෙළි
සද
තරු පැතුම් පොදි බැදන්
සද
දිහා බලාගෙන
හූල්ලන අපූරුව !!!
සද
තරු පැතුම් පොදි බැදන්
සද
දිහා බලාගෙන
හූල්ලන අපූරුව !!!
අසික්කිත ලක්දිව...
මවට නිදිගෙන
බුරියට ඇහැරෙන
දෙවන පන්තියෙ
වැදගතුන්
හා
පොත් කියවන
පොස් මැඩම්ස්...
බුරියට ඇහැරෙන
දෙවන පන්තියෙ
වැදගතුන්
හා
පොත් කියවන
පොස් මැඩම්ස්...
විලම්භිත පැරකුම්
වසුරු ගොඩ අතරින්
නුඹ කෙරූ විස්කම්
බලාසිටි අපූරුව...
වසුරු ගොඩ අතරින්
නුඹ කෙරූ විස්කම්
බලාසිටි අපූරුව...
Subscribe to:
Posts (Atom)