Sunday, May 13, 2012

වෙසක් සුබපැතුමක් උනා...........

බෝ මලුව දැක සැනසියන්
දාගැබට හිත යොමු වෙයන්
බුදු මැදුර ලග නැවතියන්
නිවන් යන්නට සැරසියන්

මග කටුක බව නෑසියන්
නිවන් මග මල් ඇතිරියන්
වෙසක් සද එලියක් වෙයන්
හිත උඹට අවනත වෙයන්

මැදුම් පිලිවෙත උඹට හිතසුව ගෙනේවා
මල් අසුන ලග උඹේ දණහිස නැමේවා
මෙතේ බුදුහිමි දකින්නට පින් ලැබේවා
අපිට අපි යලි සසර මග හමු නොවේවා.......................

No comments:

Post a Comment