Monday, December 17, 2018

නුඹ හිටියෙ නැති එක හොඳා...

මුම්ටාස් නුඹ හිටියෙ නැති එක හොඳා 
හිටියනම් නුඹ වැලපෙන්න තිබුණා
ටජ් මහල කිරි ගරුඩ වුන එක හොඳා 
කළු ගලක් නම් උණු වෙන්න තිබුණා

නාන තොටුපල කඩපිලේ උන් පවා
කොඳුර කොඳුරා නුඹේ පෙම ගැන කතා
ආග්‍රාවේ අහස් කුස නුඹ මවා 
ඇගේ ආදර පලහිලව්වට වතා

අළු ගොඩෙන් නුඹ සීරුවෙන් ගෙනැවිත්
කිරිගරුඬ ලන්සුවට හිර කරලා
සිහිල් සළුවෙන් වසන් කර ගෙනැවිත්
සාජහන් පෙමකටත් මුල පුරලා

ඉතින් නුඹ අද හිටියෙ නැති එක හොඳා !!!