Friday, June 15, 2012


ඔව් ,මේ මම......



ජීවිතය රසවිදින්න යැයි සැවොම පවසද්දී ,
ජීවිතය රසවිදින්නේ කෙසේදැයි ප්‍රශ්ණාර්තයක් මසිතට හැගෙයි.
අතීතය සිහිකලෙමි,,,,,,
සිනාසුණ තැන් එමටය,
හැඩූ තැන් එමටය,
සිනාසුණ වනම ජීවිතයේ රස දැනුනේද??
හැඩූ වනම ජීවිතය නීරස වී ගියේද??
ගැටලුවකි,
මන්ද,
සමහරුන් ජීවිතයේ නීරස සිනහවෙන් වසාගෙන සිටින බව දනිමි,
සමහරුන් රසවිදිනු වස් හඩන බව දනිමි,

ලොවම හිනැහෙද්දී  මට හඩන්නට සිතෙයි නම් මම හඩමි,
ලොවම හඩද්දී මට හිනැහෙන්නට සිතෙයි නම් මම හිනැහෙමි,
ඒ,
ලොවම හඩද්දී හඩන්නටවත්,
ලොවම හිනැහෙද්දී හිනැහෙන්නටත්,
මට අවැසි නොවන නිසාවෙනි,
එසේම මගේ සිනහවත් ලොවේ සිනහවත්
අනුලෝමයක් මැයි  මෙතුවක් සිතා සිටියත්,
එය ප්‍රතිලෝමයක් බව
දැන් වැටහෙන නිසාවෙනි........................................

No comments:

Post a Comment