Friday, March 8, 2013

නිහඩව කදුළු හන්ගන මගෙ පුන්චි පුතේ
ගහන ගහන පාරට රිදුණාද පුතේ
කදුළු පිරුණු නෙත් දෙක හැන්ගුවේ පුතේ
ගෙල මිරිකුවේ තරහින් කියලාද පුතේ

කරගැට වලට උඹෙ බෙල්ලට හිරද පුතේ
සදකඩ පහණෙ ලියවැල හරි නේද පුතේ
මුරගල් දෙකේ කැටයම ලස්සනයි පුතේ
මම වගේම උඹ සතුටින් නේද පුතේ

බුදු සමිදුගෙ ගුණ ගයන්න කවිකම් මට නැතුවා
සිව් පසයෙන් පින් ලබන්න මට හිමිකම් නැතුවා
දන් වලඳක් ලිප තියන්න කාසි අපට නැතුවා
මල් අසුනට හිස් කැටයම් හරියන්නේ නැතුවා

සමන් පිච්ච මල් සුවඳින් බුදු කුටියම පිරුණා
උදේ හවස මල් අසුනම පිරෙන්න මල් පිපුණා
පිච්ච මලේ සුවඳ දිගේ ජීවිතේම දැනුණා
සමන් පිච්ච මල් ගහ අද ඉඩෝරයට මැරුණා ,,,,,,

No comments:

Post a Comment