කවිකාර දික්‍කසාදය....
අප හමුවුනු කවිකාර සැදෑවේ
වියළුනු තරු කැට හඩාවැටේවී
යළි හමු නොම වන සිතුවිලි අතරින්
දෙතැනක හිද තරුකැට අහුලාවී
එළිවැට නිමැවුණු සොදුරු ඉසව්වේ
මිලිනව මල් කැකුලක් වැලපේවි
ඇස් බැදි කළුපටි තරාදියෙන් මැන
මල් කැකුලට ලන්‍සුවක් තියාවී
උන් නොම දන්‍නා අප හිත් දන්‍නා
රහස් එකින් එක නෙතු කොදුරාවී
නුහුරු පුරුදු නැති කවිපද අමුණා
කදුලින් එළිවැට සායම් වේවී...............
No comments:
Post a Comment