Monday, October 1, 2012

මාතෘකාවක් නැති කතාවක්...


"ත්යාමේලෙඩාත්ස්පිරිතාලෙතියාගෙවිම්කේතේරුක්නැහැ‍,ගෙක්න්ගිහින්යාපුලුන්ම්තුටින්තින්‍,මෙයාදවස්‍ 25ඩාජීත්වෙන්නෙනැහැ‍,දුක්වෙන්පාත්යෝත්මාත්‍"
මෙහෙහුණෙන්ගේණීබිරි දුත්ජීත්න්ස්ථාක්නැහැකිණිවිවුත්විශ්වාන්හැකියාක්ඔහුටතිබුණෙනැහැ‍.බිරිගෙලොකුයිත්හුත්වික්දැත්මේහිතේරාගෙන්ගෙබිරිදවගෙඑක්න්න්හිදැඩින්කොච්ක්සුවෙන්තිකිලාහිතාගන්බැහැ‍.අන්තිමට කොහොමහරි බිරිදව ගෙදරට එක්කරගෙන ගිහින් මේ රහස රහසක් විදියටම තියාගෙන ඇයව පුළුවන් තරම් සතුටින් තියනව කියලා හිතාගෙන ගෙදරට එක්කරගෙන ආවා.මිනිත්තු පැය වෙලා පැය දවස් වෙලා ගෙවෙනකොට නොදැනීම දවස් එකොලහක් ගෙවිලා ගිහින්.බිරිද මරණෙට ඇගිලි ගනින දිහා බලාගෙන ඉන්න බැරි තැන තවත් එක දවසක් හරි වැඩිපුර ජීවත් කරගන්න පුළුවන් විදියක් හොයනකොට දෙවිකෙනෙක් වගෙ එක දොස්තර මහත්තයෙක් ගැන ඔහුට දැනගන්න ලැබෙනවා.කුරුණෑගලට නුදුරු වදුරාගල පැත්තෙ  ඉන්න මේ දොස්තර මහත්තයාව හොයාගෙන ගිහින් සැනසීමක් හොයනකොට අහපු වචන ටික ඔහුට දැණුනෙ සැතපුම් ගාණක් දුරු කතරක ඇවිදලා තිබහට බොන්න දිය දෝතක් හොයනකොට හම්බවුණු නිල්වන් දිය පාරක් විදියටයි.

“මේ ලෙඩාව සීයට සීයක් සනීප කරන්න බැරි වෙයි.ඒත් ඩොක්ටර් උදේනිගෙ හිතවතෙක් හින්දා මට පුළුවන් උත්සාහ කරලා බලන්න තව ටික කාලයක් මේ ලෙඩාව ජීවත් කරවගන්න,හැබැයි ලොකු වියදමක් දරන්න වෙයි,මොකද මම ඉල්ලන බෙහෙත් ටික මට ගෙනත් දෙන්නම වෙනවා,එහෙම පුළුවන්නම් අපි උත්සාහ කරලා බලමු මහත්තයො”

මහලොකු සල්ලි කාරයො නොවුණත් තමන්ගෙ බිරිඳ මැරෙන්න ඇරලා බලාගෙන ඉන්නවට වඩා තියෙන සේරම විකුණලා හරි ජීවත් කරවගන්න අන්තිම උත්සාහයත් දරන්න හිත දැඩි කරගෙන

“පින් අයිති වෙයි දොස්තර මහත්තයො අපි මේ ඔපරේශන් එක කරමු,මගෙ තියෙන හැමදේම නැතිකරගෙන හරි මම වියදම් කරන්නම්”
කියලා දොස්තර මහත්තයාට කියලා ඔහු දරාගන්න බැරි සතුටකින් ගෙදරට එන්නෙ තව දවස් 13 ක් ඇතුලත නොයෙන ගමන් යන්න ඉන්න බිරිඳව තව කාලයක් මේ ලෝකෙ තියාගන්න වාසනාව ලැබෙයි කියන අහින්සක බලාපොරොත්තුවත් හිත දරාගෙන.

ඔව් එදා බලාපොරොත්තුවේ දවසක්.අවශ්‍ය කරන හැමදේම සුදානම් කරගෙන කොළඹ නවලෝක ඉස්පිරිතාලෙ ඔපරේශන් එකට තමන්ගෙ බිරිදව සූදානම් කරනකොට තාම හයක් හතරක් නොතේරෙන  මේ කිසිම දේක හාන්කවිසියක් නොදන්න පොඩි එවුන් දෙන්න උන්ගෙ නැන්දලා ලග නතර කරලා ඔහු ඉස්පිරිතාලෙට පිටත් වුණේ ගෙදර තිබුණු බැන්කු පොත් ටිකයි අයිති වෙලා තිබුණු ඉඩමක් විකුණලා ගත්තු සල්ලි ටිකයි පොදි බැදගෙන.පැය තුන හතරක් පුරාවට ඔපරේශන් කාමරේ ලගට වෙලා ඉදගෙන දෙන බෙහෙත් තුණ්ඩු වල තිබුණු දහස් ගණන් වල බෙහෙත් වලට ගෙනාපු සල්ලි පොදිය දිය වෙනකොට තමන්ගෙ දරුවන්ගෙ අම්මාගෙ ජීවිතේ වෙනුවෙන් දෙවියන්ට කන්නලවු කර කර ඒ පැය දෙක තුන කොහොම ගෙවන්න ඇතිද.ඔපරේශන් එක පටන් ආරගෙන පැය අටක් පමණ ගතවෙනකොට දොස්තර මහත්තයා එළියට ආවෙ සිනහාමුසු මුහුණකින්.
“අපේ මහන්සිය අපතෙ ගියෙ නෑ මහත්තයො.නෝනට සනීප වෙයි”
දොස්තර මහත්තයාගෙ මේ වදන් ටික අහගන්න වුණු වෙහෙස ඔහු ඇරෙන්න වෙන කිසිම කෙනෙක් අද වෙනතුරුත් නොදන්න බව නොරහසක්. දින කිපයකට පස්සෙ බිරිඳව ගෙදර එක්කන් යන්න හදන වෙලාවෙ දොස්තර මහත්තයා පොඩ්ඩක් කතාකරලා ඔහුට දෙයක් කියනවා.

“මහත්තයෝ අපි මේ ලෙඩාව බේරගත්තෙ පිත්තාසෙ තිබුණු ප්‍රශ්ණය විසදලා,ඒත් ඒ වෙනුවෙන් අපි කල දේ හින්දා කවදාහරි මේ ලෙඩාට පිළිකා තත්වයක් ඇති වෙන්න පුළුවන්,ඒත් ඒක තව අවුරුදු ගානකින් වෙන්න පුළුවන්,මේ ලෙඩාට ඒක ගැන දැනගන්න තියන්න එපා”
“ඔව් මහත්තයෝ ඩොක්ටර් උදේනි මට ඒ ගැන කීවා,ඒත් දවස් ගාණකින් මැරෙන්න හිටිය මගෙ නෝනව තව අවුරුද්දකට හරි ජීවත් කරගන්න පුළුවන් වුණු එක මට ඇති.මහත්තයා මේ කරපු උපකාරෙ මහත්තයට නිවන් දකින්න ඇති වෙයි මහත්තයො”
කියලා කවුරුත් නොදන්න ඒ රහස හිතේ හොයාගන්න බැරි තැනක තැන්පත් කරලා බිරිදත් එක්ක ගෙදර යන්න පිටත් වුණේ දරාගන්න බැරි සන්තෝසෙකින්.මේ සිදුවීමෙන් මාස කීපයකට පස්සෙ රජයේ ගුරුවරියක් වුණු ඇය සුපුරුදු පරිදි ඉස්කෝලෙට ගිහින් උගන්නන්න පටන් ගන්නවා.ආයෙත් පුරුදු විදියට මේ පවුල සතුටින් ජීවත් වෙනවා.මෙහෙම වසර කිහිපයක් ගතවෙනකොට මේ දෙන්නගෙ ලොකු දුව හය වසරෙත් පුතා පහ වසරෙත් ඉගෙන ගන්නකොට මේ මනුස්සයට දෙයියන්ගෙ ලෙඩ හැදෙනවා.ඒත් සාමාන්‍යය විදියට මේ අසනීපෙ සනිප නොවි විබීජයක් ඇගට ඇතුල් වෙලා සුසුම්නාවෙ ප්‍රශ්ණයක් ඇතිවෙලා හදිසියේ ඔපරේශන් එකක් කරන්න වෙනවා.කලින් බිරිඳව ඔපරේශන් කල දොස්තර මහත්තයා මේ වෙනකොට හිතවත් වෙලා හිටිය හින්දා ඔහුගෙ උදවු ඇතිව සාර්ථකව ඔපරේශන් එක කරගෙන කකුල තරමක් සුව කරගන්න පුළුවන් උනත් ඔහුට හැරමිටියක් පාවිච්චි කරන්න සිද්ද වෙනව .මේ සිදුවීම් එක්ක ටික කාලයක් ගත වෙනවා.වාරුවත් එක්ක ඇවිදින්න පුළුවන් වෙන තරමට මේ මනුස්සයා සුව වෙනකොට එක දවසක හදිසියේම ඔහුගේ බිරිඳ අසනීප වෙනවා.ඇයව කුරුණගල ඉස්පිරිතාලෙට හදිසියේ ඇතුලත් කලත් ඒ සැණින්ම ලෙඩාව කොලඹ මහ ඉස්පිරිතාලෙට මාරු කරලා යවනවා.
කලයුතු හදිසි ප්‍රතිකාර කලාට පස්සෙ ලෙඩාව දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනවා.රෑ තිස්සෙම නින්දක් නැතිව ඉදලා මේ පුද්ගලයා තමන්ගෙ බිරිඳගෙ තත්වය දැනගන්න මුල ඉදන්ම බිරිදට ප්‍රථිකාර කරන පවුලේ දොස්තර තරම් වන තරමට හිතවත් කමක් ඇතිවෙලා තිබුණු  දොස්තර මහත්තයාව හම්බවෙන්න යනවා.

“ජයේ,මම උඹට එදා කියපු දේ අද වෙලා තියෙන්නෙ.මේක කැන්සර් එකක්.අපි කරන්න තියෙන හැමදේම කරනවා,ඒත් අපිට ලෙඩාව මහරගම පිලිකා රෝහලට අරන් යන්න වෙනවා,මොකද ඕන කරන මැශින් මෙහෙ අපි ලග නෑ”



මීට දවස් දෙකකකට පස්සෙ ඔහු මේ දොස්තර මහත්තයත් එක්ක යනවා මහරගම පිලිකා රෝහලට මේ ලෙඩාව එතනට අරන් යන්න අවශ්‍ය කටයුතු සූදානම් කරගන්න.ඒත් එතනදි මේ මනුස්සයාට පේනවා මේ රෝහලේ ඉන්න ලෙඩ්ඩු විඳින දුක.මේ ගමනට ඔහුගෙ පොඩි පුතාවත් එක්කන් යන්න සිද්ද වෙනවා මොහුට.මේ පොඩි එකා මෙතන ඉන්න ලෙඩ්ඩු දිහා බලලා අහනවා

“අප්පච්චි අපෙ අම්මත් මෙහෙට එක්කන් එන්නද හදන්නේ ”


කියලා.ඒ වෙලාවෙ ඔහුගෙ ඇස් වල කදුලු එළියට එන එක නතර කරගන්න ඔහුට බැරි උන එක පුදුමයක් නෙමෙයි.දොස්තර මහත්තයාව හම්බවෙන්න ගිහින් ලෙඩා ගැන කියලා සේරම කටයුතු ඉවර වෙන්න ලන් වෙනකොට එක පාරටම මේ මනුස්සයා පුටුවෙන් නැගිටිනවා,

“දොස්තර මහත්තයො අපිට මේ ලෙඩාව මෙහෙට අරන් එන්නෙ නැතුව වෙන කරන්න පුළුවන් දෙයක් නැද්ද?”

“ම්ම්ම්..ඔව් එක විදියක් තියෙනවා,හැබැයි ඒකට සෑහෙන වියදමක් දරන්න වෙනවා”

“මොකක්ද අපිට කරන්න පුළුවන් මහත්තයෝ?”

“අපිට පුළුවන් මෙහෙන් අවශ්‍ය කරන මැශින් ටික කළුබෝවිල හොස්පිට්ල් එකට අරන් ගිහින් මෙහෙන් ලෙඩාට බෙහෙත් කරන්න,”

“අපි එහෙම කරමු මහත්තයො,මට මගෙ නෝනව මෙහෙට එක්කන් එන්න හිත දෙන්නෙ නෑ”

මේ සේරම වෙනකොට ඒ දිහා බලන් ඉන්නව ඇරෙන්න වෙන්නෙ මොනවද කියලා තේරුමක් අර පොඩි එකාට නැහැ.ඒත් ඒ පොඩි එකාට සතුටු හිතෙනවා තමන්ගෙ අම්මව මේ දුක් ගොඩට අරන් එන්නෙ නෑ කියනකොට.මේ සේරම ලෑස්තිකරගෙන කොළඹ මහඉස්පිරිතාලෙ ඉදලා ජයවර්දනපුර ඉස්පිරිතාලෙට මාරු කරගෙන අරන් ගිය තමන්ගෙ බිරිදව කළුබොවිල ඉස්පිරිතාලෙට එක්කන් ගිහින් ප්‍රතිකාර කරන්න පටන් ගන්නවා.මේ වෙනකොට මාසෙකටත් වැඩිය දැඩි සත්කාර ඒකකයෙම ඉන්න තමන්ගෙ බිරිඳගෙ ඇග දුර්වල වෙලා තියෙන හැටි දැක දැක ඔහු හැමදේම ඉවසගෙන තමන්ගෙ ඇයව තව එක දවසක් හරි ජීවත් කරගන්න වෙහෙසෙනවා.කළුබෝවිල ඉස්පිරිතාලෙට මාරු කරපු ලෙඩාට හදිසි ඔපරේශන් එකක් කරන්න දොස්තරලා තීරණය කරනවා.මෙ වෙද්දි ලෙඩාව හය වතාවක් ඔපරේශන් කරලා තියෙනවා.මේ ඔපරේශන් එක කරලා පිත් වතුර එළියට අරන් සුද්ද කරන්න අවශ්‍ය නිසා කපපු තැන මහන්නෙ නැතිව තියන්න දොස්තරවරු තීරණය කරනවා,මේ වෙනකොට ලෙඩාව පාලනය වෙන්නෙ අර ගෙනාපු මැශින් ටිකෙන්,බැරිවෙලාවත් එක මැශින් එකක් නතර වුණොත් තමන්ගෙ බිරිඳ නොයෙන ගමන් යනවා කියලා දැන දැන තනියම කොළඹට වෙලා රස්සාවත් කරන ගමන් බිරිඳ වෙනුවෙන් මේ මනුස්සයා වෙහෙසෙන්නෙ එක කකුලක වාරුව හැරමිටියට දීලා ඇවිදින ගමන්.

ඔව් ජීවිතේ මහ පුදුමාකාරයි.මීට අවුරුදු පහකට විතර කලින් ඔහුට අවශ්‍ය වුණේ තමන්ගෙ නෝනව එක දවසක් වැඩිපුර ජීවත් කරගන්න.ඒත් අවුරුදු පහකටත් වඩා ජීවත් කරවගන්න ඔහුගෙ වෙහෙස මහන්සිය හින්දා ඔහුට හැකි උණා.අද ආයෙත් තමන්ගෙ නෝනා ජීවිතෙත් මරණෙත් එක්ක සටනක.අදත් ඔහු හදන්නෙ තව එක දවසක් හරි වැඩිපුර ඇයව ජිවත්කරවාගන්න.මේක තමා මනුස්ස ස්වභාවය.ඔහු උදේට ලෙඩාව බලන්න එනවා.ඇවිත් කිලිටු රෙදි ටිකත් අරගෙන ගිහින් ඒ ටික හෝදලා දාලා වැඩට යනවා.දවල්ට ඔෆිස් එකේ බොස්ට කියලා ඉක්මනට ඇවිත් තමන්ගේ නෝනව බලලා ආයෙත් වැඩට යනවා.හවස වැඩ ඉවර උනු ගමන් ඇවිත් ආයෙත් කිලුටු රෙදි ටික අරගෙන ගිහින් හෝදලා පහුවදාට ලෙඩාට ගෙනියන්න අවශ්‍ය කරන දේවල් ලෑස්ති කරනවා.මෙහෙම දින ගනනක් ගෙවෙනකොට ඔහුගේ අසනීපය වැඩි වෙන්නෙ දෙවියො විරසක වෙලා නොවුණත් මොකක් හෝ කරුමයකට වෙන්න ඇති.කකුල අඩිය තියාගන්න බැරි තරම් අසනීපය වැඩි වෙනකොට ඉස්පිරිතාලෙට ගිහින් බලනකොට දොස්තර මහත්තුරු ඔහුට කියන්නෙ පුළුවන් තරම් ඉක්මනට බෙහෙත් වගයක් එන්නත් කරන්න වෙනවා,නැත්නම් ඔහුට ඇවිදගන්න බැරි වෙනවා කියලා.එහෙම නැත්නම් බෙහෙත් බොන්න දෙන්න පුළුවන්,ඒත් ඒක අවදානම් කියලා.මෙහෙම කියලා ඉස්පිරිතාලෙ ඔහුව නතර කරගන්න හදනකොට ඔහු ගිහින් අර අඳුනන දොස්තර මහත්තයාව හම්බවෙනවා.

“මේ මිනිස්සු මගෙ ටිකට් කපන්න බෑ කියනවා,කොහොමහරි මගෙ ටික්කෙට් එක කපලා දෙන්න”


කියලා ඉල්ලන්නෙ තමන්ගෙ බිරිඳව බලන්න දවස් දෙකකින් යන්න බැරි වුණු හින්දා පවුලෙ හිතවත්තු දෙතුන් දෙනෙක් බිරිඳව බලන්න ගියත් ඔහුට තමන්ගෙ අසනීපයට වඩා බිරිඳව බේරගන්න එක වැදගත් වුණු හින්දා වෙන්න ඇති.

 සිංහලෙන් කියපුවම අහලා ඉස්සරවෙලා උඹ සනීප වෙලා ඉඳපන්, නැත්නම් අර ළමයි දෙන්නට උඹලා දෙන්නගෙන් එකෙක්වත් නැති වෙනවා”

මේ දොස්තර මහත්තයාගෙ උත්තරේ උනත් මේ මනුස්සයගෙ දැඩි ඇවටිලි කිරීම් හින්දාම අන්තිමට ටිකට් කපන්න තීරණය කරනවා.

“මට කියන්න තියෙන හැමදේම කීවා,අහන්නෙ නැත්නම් මට කරන්න දෙයක් නෑ,ඕන දෙයක් කරගන්න”

මේ මනුස්සයගෙ මුරණ්ඩුකමට බැණ වදුනු දොස්තර මහත්තයා රෝහලෙන් පිටවෙන්න අවසර දෙනවා.ඒත් මේ මනුස්සයා මේ යන්නෙ මුරණ්ඩුකම හින්දා නෙමෙයි.මේ වෙනකොට දහස් ගනන්වල බෙහෙත් ගෙනත් දෙන්න කියලා කළුබෝවිල ඉස්පිරිතාලෙ දොස්තරලා කියනකොට ඒවා අඩුපාඩුවක් නැතිව කරන්න තියෙන වුවමනාව හින්දා.පහුවදා උදෙන්ම කළුබෝවිලට යන ඔහු දොස්තර මහත්තයගෙන් ලෙඩාගෙ තත්වෙ මොකද කියලා අහනවා.

“අපි කරන්න පුළුවන් හැමදේම කරලා තියෙන්නෙ,ඒත් මහත්තයෝ හිතහදාගන්න.මේ වෙලාවෙ මට කියන්න තියෙන්නෙ ඒක විතරයි,මේ ලෙඩා තව දවස් දෙක තුනකට වඩා ජීවත් කරන්න අමාරුයි.ඒක තමා ඇත්ත.”

කකුලත් නොන්ඩි ගහ ගහ ගිහින් පැත්තක තිබූණු  බංකුවකට වාරු දීලා කල්පනා කර කර ඉන්නකොට ඔහුගෙ ඇහෙන් කදුළු වැටෙන එක නතර කරගන්න උත්සාහ නොකලේ ඒක කරන්න බැරි බව දන්න හින්දම වෙන්න ඇති.ලෙඩාගෙ ඇඳුම් ටිකත් අරගෙන ගිහින් හෝදලා දාල ඔහු ආයෙත් හවස ඉස්පිරිතාලෙට එනවා.ආපහු වැඩකරන තැනට යන්න හිත දෙන්නෙ නැති හින්දා ඉස්පිරිතාලෙ එලියෙ බන්කුවකට වෙලා ඔහු කල්පනාකරකර ඉන්නවා.

“ඔයාගෙ ලෙඩාව අද හදිසි ඔපරේශන් එකකට ගන්නවා.කවුරුහරි රෑ මෙහෙ ඉන්න වෙයි මහත්තයා”

ඒ දොස්තර මහත්තයාගෙ කටහඩ.ඉන්න වෙන කවුරුත් නැති හින්දා ඔහුම නතර වෙන්න හිතාගන්නවා.රෑ අටට විතර ලෙඩාව ඔපරේශන් එකට ලෑස්ති කරලා අරන් යනකොට තමන්ගෙ බිරිඳව බලන්න අවස්ථාවක් ඔහුට ලැබෙනවා.සමහරවිට මේ ඇයව පණපිටින් දකින අවසාන අවස්ථාව වෙන්නත් පුළුවන් බව ඔහුගෙ හිත කීවත් ඒදේ පිලිගන්න සූදානම් නැති ඔහු හිත දැඩි කරගෙන ඇය දෙස බලන් ඉන්නවා.පැය දෙක තුනකට පස්සෙ ඔපරේශන් එක අවසන් වුණු නිසා ලග තිබුණු   බංකුවකට වාරු දීලා ඇස් දෙක පියාගන්න ඔහු වෙර දරනවා.

“මහත්තයා මේ බෙහෙත අපිට දැන්ම ඕන කරලා තියෙනවා ,පුළුවන් තරම් ඉක්මනට මේක අරන් එන්න”

වෙලාව පාන්දර තුනට වගේ ඇති.නර්ස් කෙනෙක් ඇවිත් බෙහෙත් තුණ්ඩුවක් ඔහුගේ අතේ තියලා හදිසියෙන් යන්න යනවා.කළයුත්තෙ කුමක්දැයි නොතේරුණු නමුත් බෙහෙත් ශාලාවක් හොයාගෙන ඔහු රෝහලෙන් පිටවෙනවා.පාන්දර තුනට බෙහෙත් ශාලාවක් හොයන එක කළ නොහැක්කක් වුවත් හැරමිටි ගහ ගහ ඔහු මග හමුවන බෙහෙත් ශාලා වල දොරවල් වලට ගසමින් පිස්සෙක් වගේ දුවනවා.

“මේක වහලා තියෙන්නෙ,උදේ නවය විතර වෙනව අරිනකොට.ඇතුලෙ කවුරුත් නෑ”

ඒ එක් බෙහෙත් ශාලාවක ආරක්ශකයෙකුගෙ හඩ.

“අනෙ මල්ලි මේ ගොඩක් ලොකු හදිස්සියක්,මට මේ බෙහෙත පුළුවන් තරම් ඉක්මනට අරගන්න ඕන.මට 

මේක ගන්න විදියක් කියන්න මගෙ නෝනා ඉස්පිරිතාලෙ මැරෙන්න පණ අදිනවා”

“මට කරන්න දෙයක් නෑ මහත්තයො,ඒත් මට එක උදව්වක් කරන්න පුළුවන්.මේකෙ අයිති මහත්තයා ඉන්නෙ 
මේ ලග.මම පාර කියන්නම් පුළුවන්නම් ගිහින් කතාකරලා බලන්න”

ඒ මනුස්සයාගෙන් බෙහෙත්ශාලාව අයිතිකාරයාගෙ ගෙදර අහගෙන එතනින්ම ත්‍රීවීලර් එකක නැගලා ඔහු එතනට යනවා.ගිහින් සීනුව නාදා කරනවා,ටික වෙලාවකට පස්සෙ මනුස්සයෙක් ගේ ඇතුලෙන් එළියට එනවා.ගේට්ටුව ඇරපු ගමන් ඒ මනුස්සයාගෙ කකුල් දෙක අල්ලලා වැදලා

“අනෙ මහත්තයො මෙන්න මේ බෙහෙත මට පුළුවන් තරම් ඉක්මනට අරන් දෙන්න ,මගෙ නෝන ඉස්පිරිතාලෙ අයි.සී.යූ එකේ ”

කියලා කියනවා.

“මහත්තයො මට ඔයාගෙ දුක තේරෙනවා,ඒත් මට තනියම ෆාමසි එක අරින්න බැහැ,ඒකට අයිතිකාරයො තුන් දෙනෙක් ඉන්නවා.සමාවෙන්න මට දැන් මේ බෙහෙත් දෙන්න විදියක් නැහැ”

මෙහෙම කියනකොට ගේ ඇතුලෙන් මේ මනුස්සයාගෙ බිරිඳ එළියට එනවා.ඇවිත් මේ බෙහෙත් තුණ්ඩුව ඉල්ලගෙන බලනවා.

“මේක ගොඩක් හදිස්සි බෙහෙතක්.අර දෙන්නවත් අරගෙන ගිහින් පුළුවන් තරම් ඉක්මනට මේක ඉස්පිරිතාලෙටම ගිහින් දීලා එන්න”

කියලා ඒ මනුස්සයාට කියනවා.මෙතනට ආපු ත්‍රීවිලර් එකට යන්න කියන්න කියලා කියපු මේ නෝනා ගේ ඇතුලට යනවා.ත්‍රිවිලර් එක පිටත් කරලා ටික වෙලාවක් ගේට්ටුව ලගට වෙලා ඉන්නකොට ගේට්ටුවෙන් වාහනයක් එළියට එනවා.

“ඉක්මනට නගින්න”

විනාඩි කිහිපයක් ඇතුලත තවත් පුද්ගලයින් දෙදෙනෙකුත් වාහනේට නන්වගෙනබෙහෙත්ශාලාවට ගිහින් බෙහෙත අරගෙන ඉස්පිරිතාලෙටම ඔහුව ගෙනැවිත් දාන්න තරම් ඔවුන් කරුනාවන්ත වෙනවා.ඒ  වෙනුවෙන් ඔවුන්ට පින් දී හැකි ඉක්මනින් ඔහු බෙහෙත දොස්තර මහතා අත තබනවා.මේ සිදුවීම් සියල්ල අවසන බෙහෙත් ශාලාවෙ අයිතිකරුවන් ආපහු යන්න පිටත් වෙන්න පෙර ඇති වූ කතාබහෙන් දැනගන්න ලැබෙනවා ඔහුගේ බිරිද දොස්තර වරියක් වන බව.

වෙලාව උදෑසන 9 හතට වගේ ඇති.උදෙන්ම කාමරයට ගිහින් මූණ කට හෝදගෙන ආපහු දවල් තමන්ගෙ නෝනව බලන්න ඔහු ඉස්පිරිතාලෙට එනවා.බිරිද ඉන්න දැඩි සත්කාර ඒකකය අසලට ගමන් කරන විට ඔහුට වෙනදා නොතිබුණූ නොදැණුණු වෙනසක් දැනෙනවා.සැලුන සිතින් වුවත් දැඩි සත්කාර ඒකකය වෙත ලගාවත්ම ඔහු වෙත පැමිණෙන දොස්තර මහතෙක් ඔහුට කතා කරනවා.

“මහත්තයා නෝනගෙ තත්වෙ ටිකක් බරපතලයි.අපිට මේ බෙහෙත් දීලා බලන්න පුළුවන් ,හැබැයි මේක ටිකක් ගණන්.මේක අපි දෙනවද නැද්ද කියන එක මහත්තයගෙ තීරණයක්.මොකද මේකෙන් උනත් ලෙඩාව අපිට තව දවසකට වඩා ජීවත් කරවන්න බැහැ”

ඔව් ඒ වෙනස දැණුනේ මේ නිසා බව දැන් ඔහුට පැහැදිලියි.සාක්කුවට අත දාලා බලනකොට ගෙදරින් එනකොට අරන් ආව දහස් ගණන් සත ගාණට වැටී වියදම්ව ඇති බව දැණුනත් පරාජය පිලිගැනීමට සූදානමක් ඔහු තුළ නැහැ.

“මම සල්ලි ලෑස්තිකරගන්නම් මහත්තයෝ අපි ඒ බෙහෙතත් දීලා බලමු”

තමා සන්තක සියලු දේ නැතිව ඇතිමුත් තව එක පැයක් තම බිරිද මෙලොව රදවාගන්නට ඔහු තවත් වෙහෙසෙන්නට සූදානම් බව අසීමිත ආදරයක් හමුවෙ පුදුමයක් නොවේ.සාක්කුවේ ඊයෙ රෑ වෙනකොට තිබුනු හැත්තෑපන්දහසක මුදල වෙනුවට දැන් ඇත්තේ රුපියල් දෙදහසකි.කළයුතු එකම දේ සිහිපත් වූ ඔහු තමන්ගෙ කරේ තිබුණු මාලය ගලවගෙන ගිහින් උකසට තියලා ගත් මුදලත් බැන්කුවෙ ඉතුරු වෙලා තිබුණු අන්තිම දහසෙ නෝට්ටු කීපයත් රැගෙන විත් බිරිදගෙ ජීවිතය තව පැය දෙක තුනකින් දිගු කරගෙන සැනසුම් සුසුම් හෙලනවා.

වෙලාව  දවල් දොලහයි කාලට වගේ ඇති.මුලු පරිසරයම කලබලකාරීව වෙහෙසෙන අයුරක් ඔහු ඉදිරියේ මැවෙනවා.ගහකොල මැලවී යන්නාක් මෙන්.තවත් ඇයට මෙලොව හිදින්නට අවසර ඇතිබව දැණුනේ

“මහත්තයා,නෝනා ලගට යන්න”

කියලා දොස්තර මහත්තයා කියනකොටයි.ඔහුගේ කකුල් පන නැතිවාක් මෙන් හැගුනත් වාරුවට ඇති හැරමිටියත් අරගෙන තමන්ගෙ බිරිඳ ලගට ගිහින් ඉදගත්තේ කළයුතු දෙයක් හිතාගන්නට තරම් වෙර නැති හිතකින්.බිරිඳට කතාකරන්න අවැසියි.ඇය ඒ වෙනුවෙන් වෙර දරනවා.නමුත් ඇයට එය කරන්නට හැකියාවක් නැහැ.ඇයට කියන්නට අවැසි වෙන්න ඇත්තේ

“මගේ දරුවන් දෙදෙනා හොදින් රැකබලගන්න “

කියලා වෙන්න ඇති,
එසේත් නැතිනම්

“මා වෙනුවෙන් කළ දේවලට පින් “

කියලා වෙන්න ඇති,
එසේත් නැතිනම්

“මට තවත් ජීවත් වන්නට අවැසියි ”

කියලා වෙන්න ඇති.
ඇයට කියන්නට අවැසි වුණු දේ කුමක් වුණත් ඇයට කළහැකි වූ එකම දේ ඇසින් කදුලක් හෙලීම විතරයි.මේතරම් වෙහෙසක් අවසන ඇය නොයෙන්නට යන අයුරු බලාගෙන කදුලක් නොසෙලුවේත් ඔහු හිතේ ඇය වෙනුවෙන් තිබූ ආදරය නිසාමයි.ඒ ඇයට සතුටින් සමු දෙන්න හිතාගෙන වෙන්න ඇති.ඔහු ඇයට කෙතරම් ආදරය කරන්නට ඇතිද.ඇය ඔහුටත් ගෙදර ඉදන් අම්මා එනකල් මගබලන් ඉන්න ඇයගෙ පුන්චි කෙල්ලටත් කොල්ලාටත් කෙතරම්නම් ආදරය කරන්නට ඇතිද.එය තාමත් ඔවුනොවුන් හොදින්ම දන්නා නොරහසක් වූ රහසකි.ඇයගේ ආදරය උණුසුම වැඩිකලකට විදින්නට නොලැබුනු ඒ පුන්චි කෙල්ල අන් අයෙක් නොව,මගේ අක්කය.ඔව් මෙය ජීවිතයයි.

No comments:

Post a Comment