Sunday, October 28, 2012

මිනිස්කම අදුනන පොඩි එවුන් ටිකක් වෙනුවෙන් ලියූ වචන ටිකක්..

ඔච්චමට හිනාවෙන
කදුළු බිදු අද උඹට
හිනැහේවි සෙනෙහසින්
ලොව දිනූ දවසකට
කැටිකරන් හීන පොදි
අහස්කුස පරයන්න
දුවාපන් , දුවාපන්
හැකිවේවි රජවෙන්න
වළා රැළි අතරවත්...
රැළි මැකුනු සුදු ගවුම
මුවට රැළි නොදේවා
රැළි ගැසුනු කමිස පොඩි
හිතට දිරි ගෙනේවා
අහින්සක ඔය හිතේ
කළ අකුරු රැදේවා
මිනිස්කම් සුවද ඇති
නැණ පහන් දිලේවා....

No comments:

Post a Comment