Friday, August 15, 2014

පෙරමග......

සිහිනෙන් ඔබ එන අයුරු බල බලා
පෙරමග විමසුව කාලය මතකද

ඉරබටු තරුවක නිමිති බල බලා
අහසට ගතු කී කාලය මතකද
සෙනෙහස් ඔරුවක හබල් අත ගගා
කඳුළු සියපතක් නෙළුවා මතකද
මහවැව් තලයේ සඳකැන් තෙරපී
දුක කැටිකරගත් හැටි තව මතකද
අකලට වැහැරෙන අයුරු හිත හිතා
හිත දිරිගෙන හිනැහුනු හැටි මතකද
නොයෙන ගමන් ගිය අම්මේ අඬ අඬ
පෙරමග මම ගිය හැටි තව මතකද.............

No comments:

Post a Comment