Thursday, March 5, 2015


භව සසර ලදී......


තුන් තිස් පැයයි අඩ හෝරාවකුත් මදී
හත්දා මගුල් කෑවත් හිනැහුණත්  මදී
සක්වල ගලෙන් එපිටට අඩහැරත් මදී
තණ්හා මුවින් මිහිපිට තොල ගාන ලදී

ගිය තැන නොනැවතුණමුත් පැමිනුණත් මදී
පැමිණිය නමුත් ආපසු පිටවුණත්            මදී
යන එන නමුත් ආගිය වාරයක්               මදී
තොල ගෑ මුවින් ඇරඹුම් වෙඩි මුරය       ලදී

ඇතැඹුල විලස දැනහුන් සිප්සතර      මදී
කෙල කෝටියක් ධනකඳ පිරවුණත්  මදී
මන්දිර සඳළුතල සුඛ විහරණත්         මදී
තණ්හා රසෙන් ඔද වැද භව සසර      ලදී

No comments:

Post a Comment