Friday, August 19, 2016

කෙත සාරයි

මනලෝලයි හාමිනේ සුකුමාලයි
ලාලිත්‍යයි හාමිනේ හිත සසැලෙ‍යි
නිතඹ සමයි හාමිනේ හැඩකාරයි
පුළුලුකුලයි හාමිනේ බඳ ආරයි

පින්සාරයි හාමිනේ මනහාරයි

කිරිසාරයි හාමිනේ අටු පීරයි
ගැබ මෝරයි හාමිනේ හෙට පූදියි
ජය පාටයි හාමිනේ කෙත සාරයි

No comments:

Post a Comment