Friday, September 14, 2012

තවත් පොඩි උත්සහයක්...


අකීකරු කීකරුකම....



ජීවිතේ හොයාගෙන හවසට දියඹට ඇදුන මිනිහා ආදරේ හොයාගෙන පාන්දර වෙරළට එනවා.ජීවිතේ හොයාගෙන පාන්දර ඔෆිස් එකට දුවන මිනිස්සු ආදරේ හොයාගෙන හවසට ගෙදරට එනව.ජීවිතේ ලැබුනත් නැතත් මිනිස්සු හැමදාම යනවා,ආදරේ ලැබුණත් නැතත් මිනිස්සු ආපහු එනවා.තවත් එක ලස්සන දවසකට හිරු කුමරු කතාකරනකොට සුදු වතට ආයුබෝවන් කියලා පිලිගත්තෙ පාසලේ සීනුව නාද වීමට ප්‍රථමයෙන් එහි ලගා විමටයි.

"ඔය දෙපැත්තෙ ඉන්න අය අයිනට වෙලා මැද ඉන්න අයට පස්සට යන්න ඉඩ දෙන්න"

බස් එකේ යන්න පුළුවන්  උපරිම පස්සට ගියත් සෙනග ටික බැහැලා යනකල් ඔය කෑගැහිල්ල නතර වෙන්නෙ නැහැ කියලා දන්න හින්දමද කොහෙද බස් එකේ හිටිය කිසි කෙනෙක් ඒ කෑ ගැහිල්ල ගනන් ගත්තා කියලනම් පේන්න තිබුණෙ නෑ.

"එක පාරක් කීවාම තේරෙන්නෙ නැද්ද? ඔය මැද ඉන්න නන්ගිලා දෙන්න ඉස්සරහට යන්නකො"

කවුරු ගණන් ගත්තත් නැතත් ඔය කෑ ගැහිල්ල නතර වෙන්නෙ නෑ.පිස්සෙක් කියලා බස් එකේ ඉන්න සේරම බැන්නට මම කවදාහරි කොන්දොස්තර කෙනෙක් උනොත් මමත් ඔය විදියටම කෑ ගහනවා කියන ඇත්ත මම පිලිගන්නවා.මේ සුපුරුදු සිදුවීම් එක්කම පාසලටම ඇවිත්.ඉක්මන් කරලා බස් එකෙන් බැහැලා යාළුවෝ ටිකත් එක්ක ගේට්ටුවෙන් ඇතුල් උනේ ජීවිතේ ලස්සන සුන්දර මතක ගොඩගහන පාරාදීසයකට කියලා එදා මට හිතුනෙ නැතත් අද ඒක ප්‍රත්යක්ශයි.පන්තියට ගිහින් පොත් බෑග් එක මේසෙ උඩ තියලා දුවලා ගියෙ ශිෂ්යනායක පොතේ අත්සන දාන්න.ඔරලෝසුවෙ වෙලාව උදේ හත උණත් පොතේ වෙලාව තාම 6.20 යි.කපටිකමකට නොවුනත් 6.25 ට මාත් ආවා කියලා පොතට කියලා මට බාරව තිබුණු පොඩි පන්තියට ගියෙ එතන වැඩ ටික ඉවරද කියලා බලන්න.ගිය සතියෙ දවසක ඉස්කෝලෙ පටන් ගන්නකල්ම අතුගාලා තිබුනෙ නැති හින්දා පන්තියෙ නායකයට ටිකක් කරුණාවෙන් කතාකරපු හින්දම එතන වැඩ ටික අද මම එන්නත් කලින්ම ඉවර වෙලා.යාලුවො ටිකනම් ආව ගමන්ම 9 වසර පන්ති පැත්තට ගිහින් නන්ගිලට පොඩි විහිළුවක් කරගෙන ඉන්නකොට මට එහෙම ආව ගමන් එතනට යන්න වාසනාව නැති උණේ මේ ශිෂ්යනායකකම හින්දා.කොහොම වෙතත් ඉක්මනට ඉක්මනට ඒ පැත්තට ගියෙ වෙන වැඩක් නැති හින්දවත්,මගෙ පන්තියට වෙලා ඉන්න බැරි හින්දවත්නම් නෙමෙයි.

"අර පොඩි එවුන් තාම පන්තිය අතුගාලා ඉවර නෑ,ගිහින් අතුගාවපන්,මේ පඩිපෙල් ගානෙ රස්තියාදු නොගහ"

"අනේ පල ...... යන්න,එතකොට උඹ මෙතන විබාගයක් ලියනවද?"

ඒ මෙතනට පරක්කු වෙලා එන ඕනම එකෙකුට යාළුවන්ගෙන් ලැබෙන උපහාරය සහ ඒ වෙනුවෙන් මාගේ ප්‍රතිඋපහාරයයි.දැනට සති දෙක තුනකට කලින්මෙතනට ඇවිත් දකින දකින පොඩි නන්ගිලා ගැන විස්තර කතාකරකර,එයාලට ගැලපෙන ඇදුම් හොය හොය,එයාල ඇවිදින ව්දිවල වියයුතු වෙනස්කම් සාකච්චා කර කර,හිනාවෙනකොට මූනේ වියයුතු වෙනස්කම් ගැන අඬ්‍ය‍නය කර කර, හිටියත් අද අනිත් උන් ටික ඒ වැඩේම කරනකොට මට ඒක කරන්න හිතෙන්නැත්තෙ ඇයි දන්නෑ.ගිය සිකුරාදා ඉදන් මට කන්න බොන්න නොදී,පොතක් කියවන්න නොදි,හැමවෙලේම ඇස් ඉස්සරහට එන ඒ ඇස් දෙක හෙව්වත් සීනුව නාද වෙනකල්ම හොයාගන්න බැරි උණ හින්දා හිතට කණස්සල්ලක් නාවාම නොවුණත් අද ඉස්කෝලෙ එන්න නැතිව ඇති කියල නරියා මිදි තිත්තයි කීවා වගේ පිටත් උණේ මට බාරව තිබුණු පන්තියට යන්න.

"මොකද නිකන්??"

සිංහල ටීචර් ඇවිත් නැති හින්දා  සිංහල පීරියඩ් එකේ ඔහෙ බලාගත්ත අත බලාගෙන කල්පනා කර කර ඉන්නකොට පන්තියෙ එකෙක් වද දෙනවා.දැන්නම් මොකා කතාකලත් වදයක්.කොහොම කොහොමහරි ඉන්ටවල් එකත් ආවා.බත් එකක් දිගාරිනකොට අත දාගන්න පුළුවන් උන බත් ටිකෙන් බත් කට කට කාලා බඩ පිරුනෙ නැති හින්දා එහා පැත්තෙ පන්තියෙ ඉන්න අක්කලා ලගට ගිහින් බඩගිනි නැතිවෙනකල් බත් කවාගන්නකොට මට බත් කවන අක්කල දෙන්න දිහා බලාගෙන හිතින් මට බනින්න තියෙන හොදම වචන වලින් බැන බැන ඉන්න එයාලගෙ පන්තියෙ අයි‍ය‍ලාගෙ මූණු වල බේරුණ ඉරිසියාව පැහැදිලි කරන්න වචන කොහෙන් හොයන්නද.ඉරිසියා කරලා වැඩක් නෑ යකො ඊළග ආත්මෙදිවත් මෙහෙම සැලකිලි ලැබෙන්න කියල මේ ආත්මෙදි පින් ටිකක් කරපන් ඉරිසියා කර කර ඉන්නෙ නැතිව කියලා කියන්න ඕන උණත් හිතින් ඒ ටික උන්ට කියලා වෙනදා තරම් ආසාවකින් නොවුනත් කට්ටියම යනකොට නොයා බැරි හින්දා සුපුරුදු පඩිපෙල ලගට යන්න පිටත් උණේ අපේ උන්ගෙන් මතුවෙන නව අදහස් දහස් ගානක් ඉදිරිපත් වෙන අවස්ථාවක් මග අරින්න හිත හදාගන්න බැරි හින්දා වෙන්න ඇති.

"කොල්ලා , අර බලපන් යාලුවෙක් ඉන්නවා"

මට එහා පැත්තෙන් ගිය එකා එහෙම කියනකොට මම වැඩි සැලකිල්ලක් නැතිව හිටියෙ මට ඕන කරන යාළුවා අද ඇවිත් නැති හින්දා.

"බලපන් යකෝ,අද එදාටත් වඩා මරුනෙ බන්"

ආයෙත් මේකා මට කෙල්ලෙක්ව පෙන්නන්න හදනවා.එදාටත් වඩා මරු කියපු එක මට එච්චර ඇල්ලුවේ නැති හින්දා නිකමට වගේ ඔළුව උස්සල ඉස්සරහා බැලුවෙ පඩිපෙලේ යකඩ වැට උඩ ඉදගන්න ගමන්මයි.
පුදුමයකි.ඒ ඇයයි.යාළුවන් කීපදෙනෙක් එක්ක පන්තිය ඉස්සරහට වෙලා හිනාවෙවී ඉන්නකොට එදාට වඩා ලස්සනයි කියල යාළුවා කියපු එකනම් ඇත්ත කියලා හිතුනත් ඒකා ඒ‍ක කියපු විදියට මට මරාගෙන කන්න තරම් තරහක් ආවත් මුකුත් නොකියා හිටියෙ මගෙ හිතෙ තියෙන දේවල් තාම දන්නෙ මම විතරක් හින්දා.

ඔව් ඇත්තටම අද එදාට වඩා ලස්සනයි තමයි.ඒ හින්දමද මංදා එක දිගටම ඒ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න උණේ එදා තරම්ම තරහෙන් මට රවනකල්ම.හිනාවෙන්න වුවමනාව තිබුනත් කොහොම හිනාවෙන්නද.ඒ හින්දා අහක බලාගන්න අමාරුවෙන් උණත් හිතහදාගත්තා.උදේ ඉදන් දකින්න නොලැබුණු වේදනාව දැන් ඉවරයි.දැන් අනිවාර්යෙන්ම හවසත් දකින්න පුළුවන් කියල මට  මතක් උණෙ හවස ඉස්කොලෙ ඇරිලා පෝළිමට ළමයි ඉස්කොලෙන් පිට වෙනකොට ශිෂය නායකයො පෝලිම් බලන්න ඉන්න ඕන හින්දා.අද වෙනකල් මම කරන්න අකමැතිම දේ ඒක උණත් දැන්නම් ආසාවෙන්ම කරන දේ ඒක වෙනවා කියලා මට විශ්වාසයි.විවේකය අවසන් කියල සීනුව වදිනකොට ඇයට සමුදෙන්න සිද්ද උනත් හවස ආයෙත් දකින අල්ලස හිතට දිලා සතුටින් පන්තියට යන්න පිටත් උණා.උදේ හිතේ තිබුණු කණස්සල්ල දැන් හුලගේ ගියා වාගේය.සමහරවිට උදේ ඉදන් දකිනන් ආසාවෙන් හිටිය ඒ ඇස් දෙක දිහා බලාගෙනම ඉන්න නැති උණත් ඉස්කෝලෙ ඇතුලෙ කොහෙහරි ඒ ඇස් දෙක තියෙනව කියන දේ මම දැන් දන්න හින්දා වෙන්න ඇති.

ඉස්කෝලෙ ඇරෙන හඩ අද ඇහෙන්න පරක්කුයිද මන්දා.කොහොමහරි අවුරුදු ගාණක් දුරට දැණුනු ඒ පැය දෙක තුන අවසානයේ ගෙවි ගිහින් සීනුවේ හඩ ඇහුණෙන් බාරව තිබුණු පන්තියට ගිහින් එතන කටයුතු ඉවර කරලා පුළුවන් ඉකමනට ඇවිත් පෝලිම් යන තැනින් හිටගත්තෙ ඒ ඇස් දෙක බලාගන්න උණත් ඔළුව උස්සලා ඒ දිහා බලන්න තරම් හිත හයිය නැති වුණෙ ඇයි කියලා මටම හිතාගනන බැරි බව නොරහසක්.කොහොම වුණත් ඈතින් එනකොට දෙතුන් වතාවක් ඒ ඇස් දෙක දිහා බැලුවත් ඉස්සරහින් යනකොටනම් ඔළුව උස්සගන්න අමාරු උණු බව ඇගෙන් වගෙම ඇගේ යාළුවන්ගෙන්ද හන්ගන්න පුළුවන් උණු එක වාසනාවක්.මා පසු කරගෙන ටික දුරක් යනකල්ම නොබැලුවත් තව එක වතාවක් බලන්න අවැසි උණු හින්දම වෙන දෙයක් වෙයන් කියල ඔළුව උස්සනකොටම දැකපු දේ හින්දා පිස්සු හැදුණු හිතෙන් නටපු නාඩගම නැටුවෙ හිත හින්දාම පිට කාටවත් නොපෙණුනු එක ගැන සතුටු විය යුතුයැයි මට හිතුණෙ ටික වේලාවකට පසුවයි.ඔළුව උස්සලා බලනකොට යාළුවන්ට හොරෙන් හැරිලා ඒ ඇස් දෙක මගෙ ඇස් දෙක හොයනව පෙනෙනකොට දැනෙන සතුට කොහොමනම් වචන වලට පෙරලන්නද.....

No comments:

Post a Comment