Tuesday, November 1, 2011

අම්මෙ...........

ජිවිතෙ ලස්සනයි කියලා ගොඩක් අය කියනවා,,ඔව් ඇත්තටම ලස්සනයි,මම හිතන්නෙ එහෙම ලස්සන වෙන්නෙ අපි ඇති කරගන්න බැදිම් එක්ක කියලා,,,එහෙම අපි ඇති කරගන්න බැදිම් වලටත් වඩා අපි ඉපදෙනකොටම අරගෙන එන බැදිම් ශක්තිමත්,,,

අම්මා කියන්නෙ මම මගෙ ජිවිතෙ අහන ලස්සනම වචන වලින් එකක්...මට වයස 11 දි මගෙ අම්මා මාව දාලා යන්න ගියා,,අම්මා මරෙන්න කලින් මගෙ ගැන් මොන මොන හින දකින්න ඇතිද කියලා මම දන්නෙ නැහැ,මගෙ අම්ම මගෙත් එක්ක ඉන්නවට වඩා හිටියෙ ඉස්පිරිතාලෙ,,මට මගෙ අම්ම ලග ඉන්න ගොඩක් කලයක් ලැබුනෙ නැහැ කියල මම අද දුක් වෙන්නෙ නැහැ කියනවනම් මම කියන්නෙ බොරුවක්..අත්තටම මගෙ අම්ම එදා කොච්චර් දුක් වෙන්න ඇතිද,,,,

ගුරුවරියක් විදියට එද මග අම්මා මම කවදාහරි කැම්පස් යනවා බලන්න අසාවෙන් ඉන්න ඇති,,මට මගෙ අම්මටවත් අප්පච්චිටවත් හොද ලමයෙක් වෙන්න බැරි උනා,,ගොඩාක් කාලයක් යනකල්ම,,අත්තටම මම තාමත් හොද ලමයෙක් නෙවෙයි කියලා මම හිතනව,,හැබැයි මගෙ අම්මයි අප්පච්චියි මගෙන් බලාපොරොත්තු වුන එක දෙයක් කරන්න මට පුලුවන් වුනා කියලා මම අද සතුටු වෙනවා,,,

මගෙ අම්මට ඔන කරපු විදියට මම අද කැම්පස් එකට ගිහින්,,,ටිකක් පරක්කු උනත් මම අද සතුටු වෙනව,,මගෙ අප්පච්චිගෙ මුණ් අද හිනාවෙන් පිරිලා,,මම කොහෙ ගියත් මම ගෙදර එනකල් අප්පච්චි කන්නෙ නැතිව බලන් ඉන්නවා,,මම පොඩිකාලෙ ඉදන්ම එහෙමයි,,මම කලින් දෙපාරක් උසස්පෙල අසමත්,,මම ගෙදර ඇවිත් කියපුවහම මුකුත්ම කතා නොකර හිටිය අප්පච්චි මම අනිත් වතාවෙ උසස්පෙල පාස් කියපුවහම මට හොරෙන් එයාගෙ කාමරෙට ගිහින් අඩනව මම දැක්කා,,

මගෙ අම්මට මම ගොඩාක් ආදරෙයි,,ඒ හිනදම මම මේ සන්සරෙ කවමදාකවත් ආයිත් මගෙ අම්මව දකින්න ඕනි කියලා හිතන්නෙ නැහැ,,ඒ මගෙ අම්මා අද මම එයාගේ පුතා කියලාවත්,එයා මගෙ අම්මා කියලාවත් දකින්නෙ නැති ,අපි හැමෝම කවදහරි යන්න හිතන් ඉන්න ඒ ලස්සනම ලස්සන තැනට ගියා කියලා මට විශ්වාස හින්දා........................................................

No comments:

Post a Comment