Wednesday, November 30, 2011

ආදරණීය අන්දයෝ.....

අන්දයෝ,
උඹ අන්ද්යෙක් කියලා උඹ පසුතැවෙනවනම්.
මම අන්ද නෑ කියලා මම පසුතැවෙන්න ඕන,
ඒ ඇයි කියලා උඹ දන්නවද????

සමහරවිට මට වඩා ලස්සනට උඹ මේ ලෝකෙ දකිනවා ඇති,
විදිනව ඇති,
මොකද,,,,
මට ඉර පේන්නෙ එක විදියකට,
ඒත් උඹට ඉර කැමති විදියකට දකින්න පුළුවන්,විදින්න පුළුවන්,
ඒ උඹ කවදාවත් ඉර දැකලා නැති හින්දා,,
මට හද පේන්නෙ එක විදියටමයි,,
ඒත් උඹට ඒ හදම කැමති විදියකට දකින්න ,විදින්න පුළුවන්,,
ඒ උඹ කවදාවත් හද දැකලා නැති හින්දා,,,

ඒත් උඹ දකින ඒ ලස්සන ලෝකෙ දකින්න කියලා මට අන්දයෙක් වෙන්න බෑ,
ඒ මමත් තන්හාව කරේ බැදගෙන මේ සන්සාරෙ ඇවිදින මනුස්සයෙක් හින්දා,,

(ඇස් දෙකම පේන්නෙ නෑ කියලා හිතාගෙන ඉන්න උඹට,
ඇස් දෙකම පේනව කියලා හිතාගෙන ඉන්න මගෙන්.......................)

2 comments:

  1. ""ඇස් දෙකම පේන්නෙ නෑ කියලා හිතාගෙන ඉන්න උඹට,
    ඇස් දෙකම පේනව කියලා හිතාගෙන ඉන්න මගෙන්......................""

    ලස්සනයි මචං...

    ReplyDelete
  2. අන්දයෝ පවු කරල නෑ...! ඇස්පේන අපියි පවු තරල තියෙන්නේ...!
    ලස්සනයි

    ReplyDelete