Wednesday, November 2, 2011

සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ,අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ

පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ
පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ

සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ

රන්මසු පට පිලී අභරණ උරණ වෙලා
සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා
ගු‍රු‍තු‍මා‍,,අ‍පි‍ හැ‍මෝ‍ගෙ‍ම‍ ජී‍වි‍ත‍ වෙ‍න‍ස්‍ ක‍ර‍න‍ ,ල‍ස්‍ස‍න‍ ක‍ර‍න‍ ඒ‍ සු‍න්ද‍ර මා‍න‍ව‍ හි‍ත‍කා‍මි‍යා‍ගෙ ජී‍වි‍තේ‍ ඇ‍ත්‍ත‍ට‍ම‍ සු‍න්ද‍ර‍ද‍?
ඒ ගුරුතුමාගෙන් ඉගෙනගෙන අපි අද කොහෙ කොහෙ ගිහින්ද?
වැහි කාලෙ කියන්නෙ අපිට මඩ වගුරු මැදින් ,දිය කඩිති මතින් ගමන් කරන්න වෙන කාලයක්,,ඒත් අපි ඒ මඩවගුරු මගඇරල යන්න නොදන්නවානම් අපි අපේ ඇගපුරාම මඩ ගාගෙන ,තෙමීගෙන ගමන් කරයි,,අපේ ජීව්තේට ගුරුවරයෙක් ඕන කරන්නෙ ඇයි කියන දේ හරි ලස්සනට මෙතනට මේ ගීපද රචකයා සම්බන්ද කරනවා,,
ගුරුතුමා අපිට පෙන්වන්නෙ නොමග නොවැටී ගමන් කරන්නයි,එහෙම නැතිව හරි මග යන්නෙ කොහොමද කියන එක විතරක්ම නෙමෙයි,,,ඒ නොමග නොගොස් අපිට යන්න තියෙන එකම මග හරි මග කියලා ඒ ගුරුතුමා දන්න නිසා මම හිතන්නෙ,,මෙලෙස පෙවූ සිප් කිරි වලින් බිහිඋනු දැවැන්තයිනි උඩුමහල්වල,එහෙම නැත්නම් උසස් නිලතලවල වැජබෙනකොට ගුරුතුමා පුරුදු විදියටම එතුමන්ගෙ දරුවන්ට සිප්කිරි පොවන්න ඉස්කෝලෙට යනවා.........
"පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ
පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ"
ගෙදර තිබුණ ආබරණ සේරම බැ0කුවට උකස් කරලා,තමන්ටවත් තමන්ගෙ බිරිදටවත් දරුවන්ටවත් ඇඳුමක් අරන් දෙන්න වත්කමක් නැතිවෙලා තියෙනකොට,දෙන්න දෑවැදි නැති හින්දා ගුරුතුමාගෙ දුව කලවයස ගෙවිල ගිහින් තිබුනත් තාම ගෙදරට වෙලා,මේ සේරම දුක් කම්කටොළු වලින් හෙම්බත් වෙලා  හින්දම ගුරු නිවහනට කදුළු සෝසුසුම්  සරල දෙයක් වෙලා,,,
මෙතනදි "ලොකු හාමිනේ ඇත බිතුසිතුවමක් වෙලා"කියන එකෙන් රචකයා කියන්න හැදුවෙ මොනවගේ දෙයක් වෙන්න අතිද කියලා කල්පනා කරනකොට මට මුලින් හිතුනා ලොකුහාමිනේ මියගිහින් ඇති කියලා,
ඒත් අත්තටම ලොකුහාමිනේ තාමත් ජීවතුන් අතර ඉන්නවා ,හැබැයි කරකියාගන්න  දෙයක් නතිව,කලවයස ගෙවෙන තමන්ගෙ තරුණ දුව ගැන හිතමින් අසරණියක් වගේ මේ හමදේම දිහා බලාගෙන,හැබැයි බිතුසිතුවමක් වගේ නොසැලී,පිට ලෝකයට තමන්ගෙ දුක නොපෙන්වමින් තමන්ගෙ ස්වාමියාට දිරිය දෙමින්....................
"රන්මසු පට පිලී අභරණ උරණ වෙලා
සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා ......"
බිතුසිතුවමක් වුනු ලොකුහාමිනේට ජීවය දෙන්න උඩුමහලේ වැජඹෙන මූසිලයෙකුගෙන් තමන්ගෙ ස්වාමියාට ලැබෙන එක් පාද නමස්කාරයක් විතරක් ඇතිවෙයි,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

No comments:

Post a Comment