Tuesday, November 8, 2011

අප්පච්චී................

සියක් උල්පත් මවා දී
නිසලවම හිදිනා
නමක් නැති මහා කන්ද නුඹ
අප්පච්චී..........අප්පච්චී.......


ඔබෙන් දිය ලැබ සාර වූ
තුරුනු කෙත්වතු දෙස බලා
නොපෙනෙනා තරමින් සිනාසී.......
නිසලවම හිදිනා
අප්පච්චී..........අප්පච්චී.........


මෙහෙවරට ආවෙයි සිතා
වෙහෙස නොබලා වෙහෙසෙනා
තෙත් ගුනය මෙත් ගුනය සගවා
අකම්පිත වත පා..........
අප්පච්චී........අප්පච්චී............



දවසක් මම කකුල පැටලිලා වැටෙන්න ගියා මට මතකයි,,ඒ වෙලාවෙමට අම්මේ කියලා කියවුනේ ඉබේටම...,ඒත් ටික වෙලාවකින් මට හිතුනා, මම වැටෙන්න යන්වා කියලා දකිනකොට පුතේ කියලා කියන්නේ අම්මා විතරක් නෙමෙයි නේද කියලා,,,,,,,
අම්මා මම ලග ඉදගෙන ආදරේ කරනකොට ඈත ඉදන් මට ආදරේ කරන අප්ප්ච්චිව මට ටිකකට අමතක උනා,,,,,ඇත්තමයි,,
ඒත් මගෙ ලග ඉදගෙන ආදරේ කරන්න අම්මා මගෙ ලග නැති උනාට පස්සෙ මට මේ ලෝකෙ කවුරුවත් නෑ කියලා මට දැනුනෙ නෑ,,,ඒ මගේ අප්පච්චි හින්දම විතරයි..
මම දෙපාරක් උසස් පෙල ලියලා අසමත් උනා,,ඒක මම ගෙදර අවිත් කියනකොට මගෙ අපපච්චි ඇහුනෙ නෑ වගෙ යන්න ගියා.....ඊලග වතාවෙ මම උසස්පෙල පාස් වුනා,,මම ඒක අප්පච්චිට කියපු වෙලාවෙ මම හිතුවා එයා මාව බදාගෙන කෑගහලා හිනාවෙයි කියලා....ඒත් එයා මගෙ ඔලුවට අත තියලා අම්මට ඕන වුනේ මෙච්චරයි කියලා කිවා විතරයි...
ටික වෙලාවකින් මම අප්පච්චිගෙ කාමරේට යනකොට මම දැක්කා එයා තනියම අඩනවා කාමරේට වෙලා.....
මගේ අප්පච්චිගෙදර ඉන්න එක දවසකවත්, මේ වෙනලකල් මම කෑම කන්න කලින් එක දවසකවත් කෑම කාලා  නෑ......
ඒ අප්පච්චිලා ආදරේ කරන විදිය........

මේ සින්දුව මට අහන්න ලැබුනෙ අහම්බෙන්,,,
සියක් උල්පත් මවා දී,
නිසලවම හිදිනා,
නමක් නැති මහා කන්ද,,,
අප්පච්චී....

උල්පතක් කියන්නෙ මහා ජලාශයක පටන් ගැන්ම,,අපේ ජීවිත මහා දැවැන්ත චරිත බවට පත් කරන්න ඇරඹුම දෙන්නෙ අප්පච්චි..මොකද හැම ලමයෙකුගෙම ජීවිතේ පලමුවෙනි වීරයා වෙන්නෙ අප්පච්චි,,,,අපේ ජීවිත ලස්සන කරගන්න පාර හදලා ,ඒ පාරෙ අපි යනවද කියලා පැත්තකට වෙලා බලාගෙන,ඒ පාර අපිට යන්න පුළුවන් වෙන විදියට හදලා දෙන්නෙ අප්පච්චි,,,හැබැයි අපේ ජීවිත වෙනුවෙන් මෙච්චර කැපකිරීම් කරලත් එහෙම කරා කියලා හැමවෙලවෙම කියවන්නෙ නැති,ඒ වෙනුවෙන් අපෙන් දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැතිව නිසලව ඉන්න,එක මේ රචකයා,අදුනගන්න නමක්වත් නැති මහා කන්දකට උපමා කරන එක අත්තටම සාදාරනයි,,,,,

අපේ ජීවිත සාර්තක කරගන්න හැමදේම අපිට ලැබෙන්නෙ අප්පච්චිගෙ මහන්සිය නිසා,,,,අප්පච්චිගෙ මහන්සිය නිසා අපි අපේ ජීවිත ලස්සන කරගන්නකොට ,අපේ දිහා බලාගෙන කාටවත් නොපෙනෙන විදියට සතුටු වෙන එක ,අදහාගන්න පුළුවන්ද,,

ඔබෙන් දිය ලැබ සාර වූ
තුරුනු කෙත් වතු දෙස බලා
නොපෙනෙනා තරමින් සිනා සී
නිසලවම හිදිනා,,,,,,,,,,,,,,

අපේ අප්පච්චි හරියට අපි වෙනුවෙන් මහන්සි වෙන්නෙ අපි වෙනුවෙන් මහන්සි වෙන්නම මේ ලෝකෙට අවා කියලා හිතගෙන වගේ,,,ඒත් අපි දන්නවා එහෙම දෙයක් අත්තටම නෑ කියලා,,
කොච්චර රලුයි වගේ පිටට පෙනුනත් ඒ පිටින් පෙන්නනවට වඩා ගොඩාක් වෙනස් කෙනෙක් අප්පච්චි තුල ඉන්නවා කියලා අපි හොදටම දන්නවා,,,ඒත් අපිට එන හැම ප්‍රශ්නයක් හමුවේම නොසැලි ඉදගෙන අපිට දිරිය දෙන ,අප්පච්චි

මෙහෙවරට ආවෙයි සිතා
වෙහෙස නොබලාආ වෙහෙසෙනා
තෙත් ගුනය මෙත් ගුනය සගවා
අකම්පිත වත පා...

ඇත්තටම කම්පා වෙන්න හිතුනත් ,කම්පා උනත් ඒක  සගවගෙන අකම්පිත් බව අපිට පෙන්වන්නෙ අපිට අකම්පිතව ඉන්න දිරිය දෙන්න ඕන හින්දයි,,,,

මේ මගේ ලෝකයේ අප්පච්චි...........................................

No comments:

Post a Comment