Saturday, November 19, 2011

නුඹයි මගෙ අම්මා........

වැසුනු නෙතුපිය තුලින් දකිනා
සොදුරු සුවබර සිහිනයයි ඔඹ මා
තාරුකා මල් ගොමුව හැඩ කල
සදවතිය නුඹ ගගන නිති සරනා
කදුලු බිදු පිසිනා
නුඹයි මගෙ අම්මා......


පතන්නට සහසක් පතුම් නැත
නොනිමි සසරක නිබද අප සරනා
පුදන්නට සියපතක් පතනෙමි
නිමේශයකට නුඹේ පා සිඹලා
නැතත් අවසර මට සදා
නුඹයි මගෙ අම්මා.......

උකුල්තලයේ රැදෙන්නට මට
පින් මදව තිබුනා එදා
අවිදු අදුරේ එලිය දැකපන්
සසර මග හමුවනු එපා
සදවතිය සිඹිනා කොපුල්පෙති
නුඹයි  මගෙ අම්මා.............

1 comment: